තෙවෙනි ඇස
තෙවෙනි ඇස වෙන්වී ඇත්තේ ලොවපුරා කාගේ හෝ ස0වේදී කැමරා කාචයට හසුවුන අරුම පුදුම, දුර්ලභ, ලෝක පූජිත ඡායාරූප ගොන්නකින් ඔබගේ ස0වේදි හදවතට ස්පර්ශ කරන්නටත්, ඒ ස0වේදීකම බෙදාහාදා ගන්නටත් අසම්මතය සටහන තුලින් මාවතක් තනන්නටයි.
එන්න, බලන්න, රසවිදින්න, දිවියට යමක් එක්කරගන්නට විවරකර මගේ තෙවෙනි ඇස තුලින්…..
1992 දි සෝමාලියානු සාගතයෙන් මියගිය තම දරුවා වළලන්නට තැනක් සොයන මවක්.
1963 දී දකුණු වියට්නාම් ජාතික තිච් කුආන්ග් ඩුක් හිමිනම එරට පාලකයන් බොදු ජනයාට කරන හිරිහැර වලට විරෝධය පා සියදිවිනසාගත් අවස්ථාව. හිමියන්ගේ මුවින් මියයනතුරු කිසිදු හඩක් පිටනොවූ බවක් කියවේ.
තවත් සම්මානයට පාත්‍රවූ ඡායරූපයක්, අප්‍රිකානු රටක දරුවෙක් එරට පැමිනි සහන සේවකයෙකුගේ අත් අල්ලාගෙන සිටි අවස්ථාවක්.
හොර්ටන් තැන්නේදී ගත් මහරත්මල් පිළිබද මෙම ඡායාරූපය මා වෙත ලබාදුන් ශානුකා පලාමුරේ අක්කාට ස්තුතිය පිරිනමන්නට කැමතියි.
තම මියදුනු දරුවා වළලන ඉතියෝපියනු මවක්.මෙම ඡායාරූපය මා වෙත ලබාදුන් ඉන්දියානු ජාතික මොහොමඩ් සිරාජුඩීන් මහතා වෙත ස්තුතිය පිරිනමන්නට කැමතියි.
වන්නි යුධබිමේ තනිවූ මහළු මවක්, 2008 මාර්තු මස ශ්‍රි ල0කා යුධහමුදා මාධ්‍ය ඒකකය මගින් ගන්නාලද ඡායා රූපයක්.
අවසන් සටනට සැරසෙන සෙබලුන් ,2008 මාර්තු මස ශ්‍රි ල0කා යුධහමුදා මාධ්‍ය ඒකකය මගින් ගන්නාලද ඡායා රූපයක්.
(008)
සරල ගති පැවතුම් ඇති ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනෙජාඩ් මහතාගේ ඡායාරූපයක්…
(009)
ලොව ප්‍රකට ක්‍රිකට් තරු ළමා කාලයේදී මෙන්න මේ වගේලු…
(010)
ඇමරිකානු හමුදා සෙබළියක් තම මාස 7ක ඉරාක මෙහෙයුම් කාළයක් අවසන් කරමින් තම මව්බිමට පැමිණි මොහොතේ තම සුරතල් දියණිය හමුවේ තමන්ගේ ආදරය මුදාහැරි දුක්බර මොහොතක්…(2007 වසර)
(011)
අතිදුර්ලභ ඡායාරූපයක් ගන්නට මටත් පිනක් තිබුනා. මේ තියෙන්නේ (පිරිමි)ගෝනුස්සෙක් තම සහකාරිය විසින් ගෝනුසු පැටවුන් උගේ පිටමත බිහිකළ පසු පැටවුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය උදෙසා උන් පිටමත දරාගෙන ගමන් කරන දසුනක්. මම මේ ඡායාරූපය ගත්තේ සබරගමුව සරසවිය තුලදී 2012/ 07/18 දින.
(012)
එකම පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය අතරතුර වෙනස්වීමට ලක්වන ආකාරය පෙන්වන ඉතා දුර්ලභ චායාරූපයක්.
(013)
පවස නිවන්නට ජල බිදුවක් නොමැති කල මිනිසා කෙතරම් අසරණවේද?
(014)
මිනිසාගේම ක්‍රියාකාරකම් නිසා අපගේ වටාපිටාව පමණක් නොව මහ සමුදුර පවා අපවිත්‍රවී ඇති අයුරු බලන්න.
(015)
මේ කුඩා දරුවෙක් සීසර් සැත්කමකින් එලියට ගත්ත අවස්තාවක්, බලන්න අපි අම්මගේ කුස තුල හිටියෙත් මෙන්න මෙහෙම තමයි.
(016)
මේ කුඩා අලි පැටියෙක් (කළලයක්), බලන්න කොච්චර ආදරේ හිතෙන අලි පැංචෙක්ද කියලා…
(017)
මව් සෙනෙහස නොමැති වුවද පිය සෙනෙහස ලබනනාවූ ඉන්දියානු බිලින්දෙක්.





























niyaaaaaaaamai…..
godak watina pinthura tikak, aththtatama godak sanwedi una mama nam.mewagen jiwithayata yamak ganna puluwan nam ekathamai mewa bala api karanna oni.
good luck brother
machan 3,5,6 photos man mara feeling 1k gena photos. kawuru gaththath ewa mehema hari pennana 1ma godak watinawa. supirima wadak kollo
jayaweewa.
දුක දැනෙනවා…..වටින පිංතූර ටික
excellent stuff bro.. keep going
nice work…. keep it up dear…