ලොව ලාබාලතම සීයයි ආච්චී මෙන්න….


අබුද්දස්ස කාලේ ල0වෙලාද කියලා හිතුනා මේ ලිපිය ලියන්න හේතුවුන කාරණාව මට හම්බවෙත්දි, බාගේ වෙලාවට එහෙමත් වෙන්න පුළුවන්, අද කාලේ වෙන වැඩවල හැටියට. සමහර විටක අර මායා වරුන්ගේ දින දර්ශණයට අනුව වගේ ලෝක විනාසය ල0වෙනවා වෙන්නත් පුළුවන්.

This slideshow requires JavaScript.

විස්තරේ මට ඊ මේල් කරලා තිබුනේ ක්‍රිශාන්ත උදය කියන මගේ අතිජාත මිත්‍රයා. මේ පුන්චි පැන්චගේ අම්මට 14යි, තාත්තට 15යි, මේ සිදුවීමේ වරද උන්2ගෙම විතරක් කියන්න බෑ, දෙමව්පියනුත් වැරදි, මොකද නිසිමග පෙන්වලා දෙනවා කියන්නේ ඉගෙන ගන්න කියලා දෙනවා කියන1 විතරක්ම නෙවෙයිනේ. අනික රටේ ස0ස්කෘතික පසුබිමත් මේවට බලපානවා. අපේ අය මහ ලොකුවට බටහිර දේ හිස්මුදුනේ තියාගත්තාට උන්ගේ හැදියාව අන්තිමයි කියලා හැසිරීමෙන් තේරෙනවානේ, ඉස්සරතමයි කියුවේ සුද්දා වගේ ඉන්න ඕනි කියලා. දැන් එහෙම කියුවොත් වෙන අවමානය කියලා නිමකරන්න බෑ. ඒනිසාමයි මේවගේ සිදුවීම් වලට හේතුවෙන්නේ. මේ 1 සිදුවීමක් විතරයි. වසරකට බ්‍රිතාන්‍යයේ විතරක් වයස 18 අඩු ගැබ් ගැනීම් 36,000ක් වෙනවලු, ඉන් 20,000ක් විතර ගබ්සා කරනවලු. ඉතින් කවර කතාද?

බලන්නකෝ මුන්ට තියන ගායක් කියලා ඉස්සර අපේ අම්මලා තාත්තලා කියුවේ නිකමට නවෙයි. මොකද පොඩ්ඩක් නිදහසක් ඇත්නම් අපි කොල්ලො කවුරුත් කරේ කොහොමහරි කෙල්ලෙක් සෙට් කරගන්න. ඒත් සමහරකට එහෙම කරගන්න බැරිවුනා, තවත් සමහරකට අදටත් කෙල්ලෙක් නෑ, ඔය අතරේ අපි අතරම උන්නු සමහර කොල්ලෝ කෙල්ලෝ 2-3ක්ම යාළුකරගෙන හිටියා. ඒත් ඒ අය අතරින් ගොඩාක් අය අව0ක, අහි0සක, පුන්චි පෙම්වතුන් උනනිසා මේ වගේ රෙකෝඩ් තියන්න අපේ අම්මලා , තාත්තලා පව්කරලා තිබුනේ නැහැ.

අනික අපේ ස0ස්කෘතියත් ඒකට බලපෑවා කියන්න පුළුවන්. දැන් ඉතින් අපිත් මොනවා හරි රෙකෝඩ් තියන්න ඕනි කියලා මොනවත් නරකක් කරනවා එහෙම නෙවෙයි කාටවත්. නිසි කාලේ ආවාම හැම දේම ඉබේම කෙරේවි, එතකන් තමන්ට නිසි වැඩ කටයුතු හරියට කරන්න.එතකොට හැම දේම සතුටින් සිද්දවේවි. හැබැයි තව දෙයක් තියනවා, ලෝකේ රටක ජන ප්‍රමාණයේ හැටියට වැඩිපුරම ගණිකාවෝ ඉන්න රටත් ල0කාවනිසා අදකාලේ ඉස්කෝලේ යන 10-12 පන්තිවල ඉන්න කොල්ලො පවා ගණිකා ඇසුරට යොමුවෙලා ඉන්න1ත් රහසක් නවෙයි. හැබැයි ඒක ඉතාම අල්ප ප්‍රමාණයක්. ඒකත් වලක්ව ගන්න ක්‍රමයක් හැදුවොත් හොදයි.