මෘදුකා0ග


 මම ඔයාලට වැදගත් වේ කියලා හිතන නොමිලේ ලබාගතහැකි සහ මම හදපු ජංගම දුරකතන සදහාවූ මෘදුකා0ග ‍තෝරල බලලා ඔයාලග ගෙන එන්න හිතුවා. මේවගෙන් ප්‍රයෝජනයක් අරගෙන ඔයාලත් රටට, ලෝකයට, සමාජයට සහ ඔබට වැඩදායක යමක් කරන්න යොදගන්න කියලා ඉල්ලා සිටිනවා.

(001)

මෙය Download කරගෙන Install  කරගත් පසු ඔයාලට ඉක්මනින්ම මගේ අසම්මතය බ්ලොග් අඩවිය වෙත එන්නට පුළුවන්. ඉතින් ඔයාලට මගේ බ්ලොග්1 කියවන්න පහසුවක් වෙන්න මම මේක ඔයාලට දෙන්න තීරණය කරා.
හොදද බලන්නකෝ……..

(002)

Windows Phone සදහා මම හදපු මෘදුකාංග කිහිපයක් තමයි මේ. ඔයාල ගාවත් Windows Phone 7.8 & 8 ජංගම දුරකතනයක් තියනවානම් මේවා download කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි පුලුවන්නම් ඒවගේ ගුණ අගුණගැනත් කියන්න.

asammathayaasammathayaasammathayaasammathaya

asammathayaasammathayaasammathayaasammathaya

asammathayaasammathaya

(003)

Cover art

අසම්මතය කියන්නේ හැමදාම තාක්ෂණයත් සමග ගැටිලා ඒ සමය යාවත්කාලීන වෙන බ්ලොගයක් කියන එක අසම්මතය කියවන හැමෝම දන්න කාරනාවක්. අසම්මතය හැමදාම වගේ ඔයාලට තාක්ෂණයේ උපරිම ඵලප්‍රයෝජන දෙන බ්ලොග් එකක් කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. මතකනේ අසම්මතය ලෝකෙ පලමු සිංහල පමණක් භාවිතාවන වින්ඩෝස් 8 ඇප් එක විදිහට වින්ඩෝස් මෘදුකාංග තුලින් සුවිෂේශී වාර්තාවක් තැබුවා. දැන් ලොවපුරා දහස් ගණනක් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අසම්මතය කියවනවා. අසම්මතයේ නම වගේම තමයි පලකරන ලිපිත්, ආය දෙකක් නෑ වදින්නම දෙනවා බොක්කටම.

මේ කියන්න යන්නෙත් ඒවගේ දෙයක් තමයි. හැබැයි මේක නම් අලුත් දෙයක් නෙවෙයි. අසම්මතය බ්ලොගය දැන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැටියට නිකුත් වෙලා තියනවා. ඒ නිසා දැන් ඔයලට ඔයාලගේ ජංගම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් කියවන්න පුළුවන් ආකාරයට ලොකු පහසුවක් ඔයාල වෙනුවෙන් ඇතිකරලා තියනවා.

දැන් අසම්මතය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් කියවීම සදහා අසම්මතය ඇන්ඩ්‍රොයිඩ් ඇප්ප් එක ඩවුන්ලෝඩ් කරගෙන ලිපි කියවන්න…

මෙන්න සබැදිය : අසම්මතය Android App

අසම්මතය ලියන මම ලිපි ලියන්නේ හිට්ස් වැඩිකරගෙන බ්ලොග් ලෝකේ පොරක් වෙන්න නෙවෙයි. මගේ අදහස් ඔයාලත් එක්ක බෙදගෙන ඒවා තුලින් ඔයාලගේ අදහස් මතුකරගෙන යහපත් සමාජයකට අවශ්‍ය ඒ දැනුම බෙදාහදා ගැනීම. ඉතින් ඒකට තාක්ෂණයේ පිහිට මට පුළුවන් හැටියට මම යොදාගන්නවා. ඒ නිසා දැන් වෙනදටත් වඩා ඔයාලට සමීපව වැඩකරන්න අසම්මතයට හැකියාව ලැබිලා තියන බව ඉතාම නිහතමානී ආඩම්බරයකින් කියන්න පුළුවන්.

මාත් එක්ක මගේ බ්ලොග් එකත් එක්ක හැමදාම ඉන්න ඔයලාට තව තෑග්ගක් මම ඉක්මනටම ගේන්නම්කෝ ලගදීම..

3 thoughts on “මෘදුකා0ග

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )