මම ???….(01: පෙරපාසල් අවදිය )


blog 1 පටන් ගත්ත අලුතම මට හිතුන ඉස් ඉස්සල්ලාම මගේ ජිවිත කතාව ඔයාලට කියුවොත් වටිනව කියලා. මොකද එක තැනකින් පටන් අරගෙන පිලිවෙලකට ගලාගෙන ගිය ජිවිතයක් මට නොතිබුන නිසාත්, ගොඩක් අය නොලබපු අත්දැකීම් මම ලබපු නිසාත් ඒවා මේක කියවන අයට වැදගත් වේවි කියල හිතනවා. එනිසා මම මෙහෙම පටන් ගන්නම්, 1988 කියන්නෙ භිෂණ කාලේ,ලoකාවෙ තරුණයෝ,තරුණියෝ දහස් ගණනක් අකාලයේ මරලා දාපු මහ අසුන්දර කාලයක් ඒක. මේ කතාව කියන මම ඉපදුනෙත් ඔන්න ඔය අවුරුද්දෙ, වෙසක් පෝයවල් 2ක් තිබුන මැයි  මාසයක 25 වෙනිදාක බදුල්ලෙ private ඉස්පිටිතාලෙක. ඔන්න ඔතනින් තමයි මගේ අසම්මත ගමන පටන් ගන්නෙ ඉස්සල්ලාම,මේවෙනකොට අවුරුදු 23ක් වෙන්නත් කිට්ටුයි  මට.

ඒකාලෙ බොහෝ වෙලාවට කඩසාප්පු,තැපැල් කන්තෝරු,ඉස්පිටිතාල,ඉස්කෝල…….එකී, මෙකී, නොකී හැමදේම JVP 1 කියපු විදිහට වැහුවා. ඕකෙන් මේකෙන් මුලදි වැඩි කරදර වගෙම අන්තිමට වැඩි වාසි උනේ අපේ අම්ම්ටයි තාත්තටයි, මොකද මාව හම්බවෙන්න ලන්වෙච්ච දවස් වල ඉස්කොලෙ හිටපු ගමන් වහනවා, ආපහු හදිසියෙ අරිනවා, මොකද බඩදරු අම්මා කෙනෙක් වැඩිය මහන්සි වෙන්න නරක නිසා,මේ වෙනකොට අම්මායි (R.M. සෝමාවතී), අප්පච්චියි(A.R.W.M.M. ගුණරත්න බණ්ඩාර) වැඩකරේ බුත්තල පොඩි ඉස්කොලෙක.එත් මම ඉපදුනාට පස්සෙ අවුරුද්දක් එක දිගටම ඉස්කොලෙ වහලලු තිබුනේ. ඉතින් අම්මා මාව අරන් බණ්ඩාරවෙල අත්තම්ම්ලාගෙ ගෙදර ගියා,එතකොට අම්මාට මාව බලගන්න ලේසිනේ. ඒ උනාට මම ඉපදිල ටික දවසකින් අපේ අප්පචිචිගේ අත කැඩුනා ගහකින් වැටිලා, එකත් මහා අවාසනාවන්ත සිදුවිමක් තමයි. ඔන්න ඔයවගේ හැල හැප්පිලි මගේ ජිවිතේ මුල සිටම තිබුනා, දැනුත් වෙනසක් නැහැ.

ඔහොම වයස ගෙවිලා යත්දි මට අවුරුදු 2දි විතර, ගෙදරට අමුත්තෙක් ආවා. නම ධනපාල, ගෙවල් හන්ගුරන්කෙත, වයස 16ක් විතර ඇති. මට මුලින්ම අසම්මත  දෙයක් දැනුනෙ එදා, මොකද පිට කෙනෙක් ගෙදර නවත්ත ගත්තේ කියලා. ඒත් පස්සෙ කලෙක තමයි තේරුනේ ධනපාල දුප්පත් කමට වැඩකාර කමට ආවා කියල. මිනිහා ඇවිත් ටික කාලෙකින් අම්මා මල්ලියෙක් ගෙනාවා. අප්පේ මට තිබුන සතුට, මට සෙල්ලම් කරන්න පොඩි1ක් ඉන්නවා කියලා මම සතුටින් හිටියේ.මොන ජොලියක් ද? අඩ්නවා අඩ්නවා අඩ්නවා ඉවරයක් නෑ මේ පොඩි1, මට එතනින්ම එපා උනා පොඩි එවුන්ව (එත් දැන් පොඩි බබලා මගෙ ලගට ආවම ඉක්මනට යාලුවෙනවා ). ඒ උනාට මට සෙල්ලම් කරන්න ධනපාල වගෙම මගෙ රතුමගුල තිබුනා.( ආ… මට අමතක උනානේ රතුමගුල කියන්නේ මට අප්ප්ච්චි අරන්දීපු පුන්චි කරත්තේට මම දාපු නමනේ)

කොහොමහරි ධනපාල අපේ ගෙදර හමෝගෙම විශ්වාසය දිනගත්තා, මාත්1ක සෙල්ලම් කරා, මගේ බයිසිකලේ පැද්දා, මගේ කිරි බෝත්ලේ  කිරිවලින් බාගයක් මම බෙදාගෙන බිව්වෙත් එයාඑක්ක ඒතරම් ධනපාල  මගේ යාලුවෙක් උනා. අපේ අම්මාට ගොඩාක් උදව්කරා ගෙදර වැඩවලට, හැමදාම රැට නිදාගන්න කලින් අපි හමොම හයියෙන් පිරිත් කියුවා, ධනපාල හරි ලස්සනට පිරිත් කියනව අපි හමෝටම වඩා, අප්පච්චිටත් ධනපලගෙන් ගොඩක් උදව් හම්බ උනා වත්තේ පිටියේ වැඩවලට, ඇත්තටම ධනපාල ගොඩාක් අහිoසක කෙනෙක්.

ඔහොම යත්දි මට අවුරුදු 3යි මාස 7ක් වෙත්දි මම ඉස්සල්ලාම ඉස්කොලේ ගියා ඒ මො / අලුත්වෙල කනිෂ්ට විද්යාලයට ( බුත්තල තියෙන පොඩි ඉස්කොලයක්, අම්මයි අප්පච්චියි වඩකරේ එහේ ), අප්පච්චි අපිට ඉස්කොලෙ යන්න හොන්ඩා 125 බයික් 1 කුත් ගත්තා, ඉස්කොලේ ගියාට මම1වසරේ ඉගෙනගත්තේ, හිතන්න මොන්ටිසෝරි යන්න ඕනි පොඩි1ක් 1 වසරේ ඉන්නකොට අසම්මතයි නේද? ලෝකේම 1 වසරට අතුලත් වෙලා ඉගෙනගත්ත වයසින් අඩුම  ළමයා මම වෙන්න ඇති. මම 3 වසරට යත්දි මට 5යී මාස 7යි. හැබැයි වැඩට හරිම දක්ෂයිලු මම. මට තාමත් මතකයි මාත්1ක ඉගෙන ගත්ත ධනුෂ්ක, සමන්ත, ගන්ගා, භාතිය වගේ යලුවෝව.

මේ අතීතය මතක් වෙත්දි ඒ කාලේ කොච්චර සුන්දරද කියල හිතෙනවා……..

අදට මේ ඇති කියලා හිතෙනවා, දැන් ඉතින් ඔයාලා මගේ අසම්මත ජිවන ගමනේ පාසල් අවදිය වෙනකන් දන්නවනේ……..
ඉතිරිටික ඉලග දවසේ මම ඔයලා හමුවට ගෙන්නම්, එතෙක් ඉවසලා ඉන්නම වෙනවා…….
මොකද හොදම හරිය තියෙන්නේ මීට පස්සෙනේ.

Advertisements

6 thoughts on “මම ???….(01: පෙරපාසල් අවදිය )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )