2011 ලෝක කුසලානය කාටද?


ක්‍රිකට්2011

මේපාර ලෝක කුසලානය කාටද? හැමෝම කියන්නේ ලoකාව කියලා, ඒත් ඇත්තටම ලoකාවට ඕක ගේන්න පුලුවන්    වෙයිද? අපේ කට්ටිය ලගට තියන මැච් වල  පිස්සු කෙලින්න ගනිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා අද මම හිතුවා මේ ලිපියෙන් 2011 ලෝක කුසලානය දිනන්න අපේ කණ්ඩායම සූදානම්ද? කියලා හොයලා බලන්න….

ඔයාලා දන්නවනේ ලoකාව ගැන ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, ක්‍රිකට් කියුවොත් කන්නත් ඕනිනෑ අපේ අයට. ඒතරමටම ඇගට බද්ද වෙලා තියෙන්නෙ, ඒතරමටම ආදරෙයි. හැබැයි අර ඉන්දියාවේ, පාකිස්තානයේ, බoගලාදේශයේ ඉන්න තරග පරදුනාම ක්‍රිඩකයන්ගෙ ගෙවල් ගිනිතියන තරම් මෝඩ ප්‍රේක්ෂක ජනතාවක් නෙවෙයි අපිට ඉන්නේ. දිනුම පැරදුම 2දිම අපේ ක්‍රිඩකයෝ තනි නොකරන ක්‍රිකට් වලට ඇත්තටම  ආදරේ පිරිසක් ඉන්න1 ගැන අපි ආඩම්බර වෙන්න ඕනි.

ගිය පෙබරවාරි 19 හා හා පුරා කියලා බoගලාදේශයේදි ඉන්දියා – බoගලාදේශ මැච් 1න් 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වුනා මතක ඇතිනේ, එදා ඉදලා අද මාර්තු 19 වෙනකන් මාසයක කාලයක් පුරාවට අපි මූලික වටයේ තරග බැලුවා. A කාන්ඩයෙන් තරග වදින ලoකාව මේ වෙනකොට A  කාණ්ඩයේ 2වන තැනට ඇවිත්, මෙන්න අලුත්ම ලකුණු සටහන බලන්නකෝ…. (19/03/2011)

 

A කාණ්ඩයෙන් අර්ධ අවසන් පුර්ව වටයට යන කණ්ඩායම් ඔක්කෝම තේරිලා ඉවරයි, එත් B කාණ්ඩයේ තවම අවිනිශ්චිතයි බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙ ඉරණම. ඉන්දියාව එයාලව ලොකු ලකුනු ගානකින් පැරද්දුවොත් බoගලාදේශයට අවසන් පුර්ව වටයට යන්නත් පුළුවන්.

A කාණ්ඩයේ තරග වලදි ලoකාව හොදට තරග කරා, ඒත් පාකිස්ථාන තරගය අවාසානාවට අපි පැරදුනා, මතකනේ මහේලට තරග පාවාදීමේ චෝදනා පවා එල්ල උනා අති පණ්ඩිත විචාරකයන්ගෙන්. මොනා උනත් හැමදේකින්ම පාඩමක් අරගෙන ඉස්සරහට අපේ කට්ට්ය ආපු1 ගැන සතුටුයි. ඔස්ට්‍රේලියා මැච් 1ට වැස්ස1ත් හොදට හිට්යා, එදා වැස්සට බැන්නට වගේම මම මෙහෙම කියුවටත් බනින්න එපා. පොඩ්ඩක් මේගැනත් හිතන්නකෝ, ඒ මැච්1 න් අපිට ලැබුනෙ 1 ලකුනයිනේ. ඒ නිසා තමයි අපි දැන් කාණ්ඩයේ 2 උනේ. ඒනිසාම අර්ධ අවසන් පුර්ව තරගය වගේම, අවසන් පුර්ව තරගයත් අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ වෙනකොහේවත් නෙවෙයි අපේ ජනතාව ඉස්සරහා ලoකාවේ R.ප්‍රේමදාස ක්‍රීඩාoගනයේ. දැන්වත් මට බනින 1 නවත්තනවද ඔයාලා…?? අපේ කට්ට්ය දැන් ඉදලාම ගේමට සෙට් වෙනවා කියලා තමයි ආරන්චිය, මොකද එoගලන්තේ තමයි අපිට මුලින්ම හම්බවෙනේ, ආය මොනාද අපි නිකන් පිනට වගේ සෙමියටත් යනවා ෂුවර්. ඊට පස්සේ ඉතින් දකුණු අප්‍රිකාව තමයී සෙට් උනොත් සෙට් වෙන්නේ ( මෙව්වා මගේ අනාවැකි විතරයි, හරිගියොත් බඩුම තමයි අර football බුවල්ලාට වගේ මටත් තැනක් ලබෙවි කියලා හිතනවා ) ඔතනදි ටිකක් අපේ ටීම් එකට සටනක් දෙන්න වෙනවා. මොකත දකුණු අප්‍රිකාව ලoකාවෙදි හොදට සෙල්ලම් කරන නිසා.ඔන්න ඔතනදි තමයි අපේ පපර බෑන්ඩ්, ලස්සන නoගිලා, පෝස්ටර්, කොඩි……. එකී… මෙකී… නොකී…. හැමදේම අරන් අපිට පිට්ටනියට බැහැලා අපේ කොල්ලොන්ගෙ මොරාල් up කරන්න තියෙන්නෙ.

 

හැබැයි පුතෝ අපිට දැන් ඉන්න ටීම් එක ගැන පොඩි පොඩි අවුල් තියනවා, තරoග, ඩිල්ෂාන්, සoගා, මහේල 100 වා ගහපු නිසා අනිත් අයට වැඩ පෙන්නන්න අමාරු උනා. මොකද ගහන්න උනේ අන්තිම පොඩ්ඩනේ, එත් පාකිස්තාන් මැච්1 චාමර සිල්වායි, ඔස්ට්‍රේලියා මැච්1 තිලාන් මැච් ගොඩදාන්න මහන්සි උන1 ගැන සතුටුවෙන්න පුළුවන්.ඒ නිසා මුල් 6දෙනා ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් කෝ කපුගෙදරගෙ වැඩ, එයා වෙනුවට අඩුම ගානේ ජයසුරිය ගත්තානම් බැටින් කෙසේ වෙතත් බෝලින් හරි ටිකක් හොදයිනේ. ඒ වගේම පන්දු යවන්නන්ගෙන් අඩුමගානෙ කඩුලු5 ට වැඩියෙන් ගත්තේ මුරලි 11, මාලිoග 7, තිසර 6 විතරයි. ඩිල්ෂාන් 4, මැතිව්ස් 3, රන්ගන 3( තරග1 ) ඉන්නවා. මේ නිසා  කුලසේකරට බැනලා වැඩක් නෑ, එයා අඩු ලකුණු ගානකට ඔවර්10 දානවානේ. මැතිව්ස් මීටවඩා උනන්දු උනොත් හොදයි. නමුත් මෙන්ඩිස්ට මොකද උනේ? එනoගලන්තෙට මෙන්ඩිස් දැම්මට කමක් නෑ, එත් ඉන්දියාවටනම් එපා. මේවා ගැන පොඩ්ඩක් කළමණාකරු වගේම සoගා ප්‍රමුඛ ජේෂ්ඨ ක්‍රීඩකයෝ උනන්දු උනොත් හොදයි.මොනා උනත් දිල්හාර තියාගෙන ඉන්නේ මාලිoග අවුලක් ගියොත් දාන්න, ඒනිසා කමක් නෑ . පන්දු රැකීම ගැනත් හිතන්න වෙනවා. මොකද අපේ අයගේ වැරදි නිසා හැමදාම ලකුණු 30-35 ක් නිකන් අනිත පැත්තට දෙනවානේ.

කොහොමහරි අන්තිමට අපේ මේ පුoචි ශ්‍රී ලoකාවට දෙවන වතාවටත් ක්‍රිකට් ලෝක කුසලානය ගෙන එන්න මගෙන් සුභපැතුම්……

 

Advertisements

3 thoughts on “2011 ලෝක කුසලානය කාටද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )