ශ්‍රී ලoකාව 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගයට සුදුසුකම් ලබයි


ඔයාලා බලනව ඇති මේ මොකක්ද දාල තියෙන්නෙ කියලා කියල,  කොහෙද තාම සෙමි ෆයිනල් වත් ගහන්නේ නැතුව ලoකාව ෆයිනල් එන්නේ කියලා. මූට පිස්සුද? එහෙම හිතුනනම් මට සතුටුයි. ඔයලා මගේ කලින් ලිපිය ආපහු පොඩ්ඩක් කියවලා අපහු මේ ලිපිය ආපහු කියවන්නකෝ, එතකොට මම දැන් කියන දේ හොදට තේරේවි. මතකනේ මම අනාවැකි 2 ක් ලoකාව ගැන මේපාර  කියුවා, ඔන්න එවා බොරු නෙවෙයි, පහල සටහන බලන්නකෝ, මම කියපු එවා කිරිගහට ඇන්නවගේ හරි. දැන් අර  බූවල්ලාට වගේ මටත් මරණ තර්ජන එවිද මන්දා? එහෙම උනොත් මාව බේරගන්න ඕනි ඔයාලා.

ඔන්න කියුවා වගේම එoගලන්තේ අර්ධ අවසන් පූර්ව තරගය ඇවිත්, ඒක කොහොමත් ලoකාව දිනන 1කේ සෙමියට දකුණු අප්‍රිකාව ඒවි කියලා හිතනවා, එයාලට නවසීලන්තය පරද්දන්න පුළුවන්, බැරි උනොත් අපහු අපිට නවසීලන්තයනේ අහුවෙන්නේ ඒක අමාරු නෑ. මොකද නවසීලන්තය මීට කලින් මැච් 1 පැරදුනා, අනික නවසීලන්තය හැමදාම වගේ ලොකු තරග වලදි හොදට සෙල්ලම් කරන්නෙ නෑ. නමුත් බොහෝ විට සෙමියට දකුණු අප්‍රීකාව හම්බවෙවි, මොකද එයලා B  කාණ්ඩයේ 1 නෙ.

මේනිසා දකුණු අප්‍රිකා තරගය දිනන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා අපේ ක්‍රීඩකයන්ට, නමුත් අපේ රටේ ජනතාව ඉස්සරහා, අපේ සුපුරුදු ක්‍රීඩාoගනයක අපේ ක්‍රීඩකයන්ට කොහොමත් එයාලව පරද්දන්න පුලුවන්. ඒනිසා තමයි මම කියුවෙ ලoකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි කියලා. මම එහෙම හිතපු1 වැරදි නෑ කියලා ඔයාලාට දැන් පිලිගන්න පුළුවන් නේද?

අපේ ක්‍රීඩකයන්ට TEAM SRI LANKA අපේ ක්‍රීඩකයන්ට කියන හැගිම තියන නිසා එයාලගේ වැඩේ එයාලට හරියට කරන්න පුළුවන් කියන1 එයාලා විශ්වාස කරනවා, එහෙමයි කියලා අපි නිකන් බලාගෙන ඉදල බෑ……

අපිත් මොනාහරි කරන්න ඕනි, ඒනිසා අපේ කොල්ලන්ගෙ moral up කරන්න ලොකු සද්දයක් දාන්න පපර බෑන්ඩ් 10 ක් වත් සෙට් කරන්න ඕනි, ඒ විතරක් මදි ජාතික කොඩ්, බැනර්, නාම පුවරු, සිoහ මුහුණු වගේ හැමදේම අරන් අපිත් ගේමට බහිමු අපේ කොල්ලන්ගෙ තනියට. තම තමන්ගේ ආගමට අනුව ප්‍රාර්ථනාවකුත්  කරාට කමක් නෑ ලoකාව දිනන්න කියලා.

2007 අනුශුරයෝ උන අපට මේපාර ඔස්ට්‍රේලියාව හම්බවෙන්නෙ නෑ අවසාන තරගයට, මොකද ඉන්දියව එයාලව පරද්දයි කියලා හිතනවා. මැච් 1 තියෙන්නෙත් ඉන්දියවෙම නිසා ඉන්දියාවට වාසිවැඩී. අනිත් පැත්තෙන් පාකිස්ථානය බටහිර ඉන්දීය කණ්ඩායම පරද්දවයි කියලත් මම තවත් අනාවැකියක් කියන්නම්කෝ. එ මැච් 1 තියෙනේ බoගලාදේශයේ, මොකද බoගලාදේශය කොහොමත් ආසියාවෙ රටකට සහයෝගය දෙන1 ඉර හද වගෙ විශ්වාසයි. අන්තිමට ලෝක කුසලානයට වඩා ලොකුම මැච්1 ඉන්දියාවෙ තියෙන අවසන් පූර්ව තරගය. මොකද ඉන්දියාව 1 ක තරග කරන්නේ පාකිස්ථානය නිසා. හැමදාම වගේ මේ අවසන් පූර්ව තරගය ඉන්දියා – පාකිස්ථාන් යුද්ධයක් වගේ වේවි.ඒ නිසා කවුරු දිනයිද කියලා කියන්න බෑ, මොනා උනත් අන්තිමට ආසියවෙම රටවල් 2ක් අවසන් තරගයට ඒවි කියලා මම හිතනවා. ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රිඩාවක්, ඒනිසා මේවා හරියටම කියන්න බෑ. මගේ අනාවැකි විතරයි.

අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා……….. 1996 වගේ 2011 ලෝක කුසලානය නැවතත් ලoකාවට ගෙන්න වාසනාව ලැබේවා!

 

 

ශ්‍රී ලoකා කණ්ඩායමට වගේම ඔබ සැමටත් මගෙන් උණුසුම් සුභ පැතුම්…..!!!!!!



 

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )