2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට පිලිවෙතින් පෙල ගැසෙමු, බැති සිතින් සමරමු…….


                                                                                              

2011 මැයි මස 17 වෙනිදා කියන්නේ සකල ලෝකවාසී බොදු ජනතාවට ඉතා වැදගත් දිනයක්, ඒ වෙසක් පුරපසොලොස්වක පොහොය දිනයක් නිසාම පමණක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී එදිනට වසර 2600ක් පිරීම නිසාවෙනුයි. මීට වසර 2600කට පෙර ඉන්දියව නැතිනම් ජම්බුද්විපයේ පහළවු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් පුරාවට ජීවමනව වැඩසිටිමින් සකල ලෝකවාසී ජනතාවට පිරිසිදු නිර්මල බුද්ධ ධර්මය දේශනා කොට ලක්ෂ ගණනක් පිරිසට නිවන් අවබෝධ කිරීමට උපකාර කළ අතරම , එදින සිට අද දක්වා වසර 2600ක් පුරාවට ඒ නිර්මල බුදු දහම විවිධ කාලවලදී විවිධ හැල හැප්පිලි වලට මුහුණදෙමින් ඉදිරියටම පවත්වාගෙන ඒමට බුදු දහමට ලැදි ජනතාව බොහෝ වෙහෙස මහන්සි වූ අතරම, මහ සගරුවන ද විශාල කැපවීමක් කලහ. මේ වසර 2600 කාලය පුරාවටද මහරහතන් වහන්සේලා පෙරටු කරගත් , නිවන් මග ගමන් ගත්තවු  ලක්ෂ ගණනක පිරිසක් වූහ. උපාසක , උපාසිකාවන් අපමණ පින්කම් කර  බොහෝ කුසල් රැස්කරගෙන ඇත්තේය. වෙහෙර විහාර, බුදු පිළිම, බෝ රැක් සේම තවත් බොහෝ දේ ඉදිකොට මහ සගරුවනට පුජාකර ඇති බව ඔබ සෑමදෙනාම හොදින් දන්නා කරුණක්වේ.

මෙතෙක් කල් පොහොය දින වලදී ල0කාවේ ඕනෑම පෙදෙසක පහන් පූජා, තොරණ්, මල් දන්සල්, දන්සල්, පෙරහැර, පිරිත් දේශනා, බෝධි පුජා ,මල් පුජාවන්, පිරිකර පුජාවන්, දුගියන්ට ඇදුම් ලබාදීම  ආදී බොහෝ ආමිස පුජා සිදුකෙරෙන අතරම, වෙසක් පොහොය දිනවලදී වෙසක් කූඩු සාදා ආලොකය ලබාදී එල්ලා තැබීමද සිදුකරයි. එය වෙසක් පොහොය දිනයටම සුවිශේෂි අ0ගයක් වේ.

ශිල සමාදාන, භාවනා වැඩසටහන් ආදී ප්‍රතිපත්ති පුජාවන් වලටද වෙසක් පුන් පොහොය දිනයේදි පමනක් නොව අන් පොහොය දිනවලදීද විශාල වැදගත් කමක් ලැබෙන අතරම විශාල පිරිසක්ද සහභාගීවේ. ආමිස පුජා මෙන්ම ප්‍රතිපත්ති පුජාවන්ටද යොමුවෙමින් යහමග ගමන් කිරීම අපි අපගේ බුදුරජාණන් වහන්සේට කරන පිදීමක් වන අතරම අපගේ මතු නිවන පිනිසද හේතුවේ.  යහ පිළිවෙත් අපගේ ජීවිතයට හුරුකර ගැනීමත්, එවා දිගින් දිගටම පවත්වාගෙන යාමත් අපගේ සුගතියට හේතුවන අතරම, මෙවර 2600 සම්බුද්ධත්ව ජයන්තියේ  අරමුණ වන ” පිළිවෙතින් පෙළ ගැසෙමු “ යන වදනට අරුතක් දෙමින් යහපත් ප්‍රතිපත්ති බුදු දහමින් අපගේ ජීවිතයට අරගෙන අපගේ ජීවිත සකසා ගැනීමට අපසැම හොදින් හිතට ගතයුතුය.

වසර 2600ක් පුරාවට රැකගෙන ආ ඒ සම්ප්‍රධායයන් තවත් වසර දහස් ගණනක් ඉදිරියට පවත්වාගෙන යාම අප සැමගේ මුලික අරමුණ වියයුතු අතරම, පෙර කල අපේ මුතුන් මිත්තන් දිවි දෙවනිකොට බුදුදහම රැකගත් ආකාරයටම ඉදිරියටත් බුදුදහම රැකගතයුතුය. එහිදී මෙතෙක් කල් අත් නොදුටු බුදුදහමට හානිකර දේ ඇතිවිය හැකි අතරම එවාට නොසැලී මුහුණ දෙමින් බුදු දහම ආරක්ෂාකිරීම අප සැමගේ යුතුකමක් සහ වගකීමක්ද වේ.. එය මතු බුදුවන මෙත්‍රිය බුදුරජාණන් වහන්සේ කාලයට පෙර හෝ ඒ කාලයේදි නිවන් අවබෝධ කිරීමට මහා පුණ්යකර්මයක් වේ…   සැමදා පස් පවින් වැලකී සිටීමට උත්සාහ කලයුතු අතර, පොහොය වැනි විශේෂ දිනවලදී අටසිල් හෝ දස සිල් සමාදන් වීමට උත්සාහ කලයුතුය.

වෙසක් පොහොය දිනය තවත් වාණිජ කටයුතු උදෙසා යොදාගතහැකි දිනයක් ලෙස මිනිසුන් දැන් පුරුදුවී සිටිති. වෙසක් සුභ පතුමේ සිට, වෙසක් කූඩු, සැරසිලි, බොදු කොඩි ආදිය දැන් පදික වේදිකාවේ සිල්ලරට තොගට විකිණෙන තැනට පත්ව තිබේ. සැබැ බොදු ජනයා හැටියට ඇස්කන් වසාගෙන අපට සිටිය නොහැක.මේ නිසා අපි සැම දැන්වත් එක්සත්ව නැගීසිට මෙවැනි වානිජ කරණයකට බුදුදහමට පත්වීමට ඉඩ නොදීමට වගබලා ගතයුතුය. එමෙන්ම වෙසක් පොහොය දිනයට වෙසක් සිරිය නැරඹිමට එන තරුණ පිරිසද එක් කරුණක් මතක තබා ගන්නේනම් ඉතා වැදගත් යයි මම සලකනවා. එනම් පොහොය දිනයටත් නිගදෙන ආකාරයට ගමන බිමනේදී හැසිරෙන්න එපා කියලා. සමහරු බීමත්ව හැසිරෙන අතරම, තරුණියන්ට කන්තාවන්ට අශෝභන වදන් පැවසීමත්, විකාර රූපී මුහුණු පැලද හරසුන් ගීත ගායනා කරමින් හැසීරීමත්, අශෝභණ ඇදුම් ඇදිමත් නවතන්නේනම් ඉතා වටිනා තරුණයෙකු වන්නට ඔබටත් පුලුවන්. ඔබ තරුණියක් නම් තැනට සුදුසු ඇදුමක් ඇදිමත්, ඔබගේ ගැහැණු කමට නිගා දෙන ආකාරයට නොහැසිරෙන ලෙසත් ඉල්ල සිටිමට කැමතියි. ඔබ බුදු දහමේ අනුගාමිකයෙකු නොවුනත් ආගම දහමට ගරුකරමින් වෙසක් අසිරිය නරඹා හරවත් යමක් ඔබේ ජීවිතයට එක්කරගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

                                       ඔබසැමට සම්මා සම්බුදු සරණයි…………!!!

                                            

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )