ආබාධිත බස් කොන්දොස්තර….


බස් කොන්දොස්තර කෙනෙක් ගැන මාතෘකාවක්, මොකක්ද මේපාර මූ කියන්න හදන්නේ?ඇරත් ආබාධිත කෙනෙක් ගැන, මෙහෙම ඔයාලට හිතෙනවානම් වැරැද්දක් නැහැ. හැමදාම වගේ අදත් අලුත් දෙයක් අදත් මම ඔයාලට ගේන්න හිතුවා, මගතොටේදි අපිට දකින්න නොලැබෙන දුර්ලභ අහබු අවස්තාවක් මට දකින්න ලැබුණු නිසා අද සමාජ සමයන් තුලින් ඔයාලට ඒ අත්දැකීම ගේන්න හිතුවා. මෙකෙන් ඔයාලගේ ජීවිතයට වැදගත් දෙයක් ගන්න තියනවානම් අරගන්න ගමන් තමන්ගේ ජීවිතයත් ඉහලට ගෙනියන්න මහන්සිවෙන්න කියලා ඉල්ලාසිටිනවා.

මට මේ සිද්දිය උනේ පහුගිය 10 වෙනිදා, සිකුරාදා දවසක්. මම නවම් මාවතේ තියන ආයතනයට යන්න පැපිලියානෙන් 120 බස් එකට නැග්ගේ හවස 2.30 ට විතර වෙන්න ඕනි. සෙනග අඩු වෙලාවක් නිසා ආසන ඕනතරම් තිබුනා ඉදගන්න. ටිකට් ගන්න මාරු සල්ලිත් අරන් ඉස්සරහ බලනකොටම කොන්දොස්තර මහත්තය ඉන්නවා මම සල්ලි දෙනකන්, ( කොන්දොස්තර මහත්තයා කියුවට තරහා ගන්න ඕනි නැහැ ඔයාලා, මොකද එයලත් කරන්නේ බඩගින්න නිවාගන්න රස්සාවක් නිසා. එත් ඒ රස්සාවට ගරුත්වයක් ඇතිකර ගැනීමත් නැතිකර ගැනීමත් එයාලගේ වගකීමක්. ) මමත් වරද්දන්නේ නැතුව මාරු සල්ලිත් එක්කම රු15ක් දුන්නා. ටිකක් හොදට එයා දිහා බැලුවමයි මට වෙනසක් තේරුනේ,එයාගේ කකුල් දෙකම බකලයි, ඒ උනත් බස් එකේ උඩ බාර් එක අල්ලගෙන ඉස්සරහට පස්සට ගමන් කරන්න එයාට පුලුවන්, වේදනාවක් දැනුනට ඉවසගෙන තමන්ගේ රාජකාරිය හරියට කරන්න මහන්සිවෙනවා. කාගේහරි කකුලක් වැරදිලා පෑගුනොත් නොවැරදීම සමාව ගන්න තරම් නිහතමානී මනුස්සයෙක්. ඒක මට තෙරුනේ එයාට වැරදිලා තරුණ ගැහැණු ලමයෙක්ගේ කකුල පෑගුනාම ” අනේ පුන්චි නෝනා මම හිතලා කරේ නැහැ, මම ඉතින් අබ්බගාත මනුස්සයානේ” කියලා කියනවා දැකපුනිසා.ඒක වල් කමකට කරපු එකක් කියලා ඔයාල හිතනවානම් මම  මෙහෙම කියන්නම් ඒ මනුස්සයා බස් එකේ සීට් එකකට හේත්තු වෙලා ටිකට් කඩන්න හදදි තමයි අහබු විදිහට පෑගුනේ අර ගෑණු ලමයගේ කකුල.

ගොඩාක් සෙනග පිරුනාම එයාට බස් එකේ එහාට මෙහාට යන්න අමාරුයි, කකුල් 2 ම රිදෙනවා එත් ටිකට් ඔක්කොම කඩලා පස්ස දොර ගාවට ආවාම හිමීට කකුල්දෙක අතගාගන්නවා දැක්කාම මට පව් කියලා හිතුනා.කොච්චර තමන්ට අමාරු උනත් බැහැයි කියලා නතර උනේ නැහැ. අපිට වගේන අබ්බගාත උනත් එයාලටත් තියෙන්නේ අපිට වගේම බඩගින්න, දුක, වේදනාව. ඒවා  නැතිකරගන්න අපි වගේම එයාලටත් ඕනි. එනිසා එයා අමාරුවෙන් උනත් ඒ රස්සාව්ව කරන්නේ ඒකයි. අපිට වගේම එයාගේ ආස දේවල් ගන්න සල්ලි හොයන්නේ එහෙමයි. ගෙදර අයගේ බඩවල් පුරවන්නේ ගොඩක් දුක් විදලා.

ඒමනුස්සයා දැක්කාම මට හිතුනේ එයා කොච්චර ආකල්ප වෙනසක් එයා ඇතිකරගෙන තියනවාද තමන්ගේ ජිවිතය , අනාගතය ගොඩනගා ගන්න කියලා. එත් අපේ බහුතරය අද මොනවාද කරන්නේ කියලා හිතුවාම මාරම කනගාටුවක් දුකක් දැනේන්නේ. මට අරක නෑ, මේක නෑ කියලා වැඩේ මගහරිනවා වගේම , පසුගාමීව හිතන නිසා ආපහු කරන්න ගත්තත් හරියට කරගන්න කොහොමටවත් බෑ. අන්න ඒ වගේ අයට හොද ආදර්ශයක් මේ වගේ අයගෙන් ගන්න පුළුවන්.

ආකල්ප වෙනස් කරගන්න, ධනාත්මකව හිතන්න එහෙම පුළුවන් උන දවසට මම කියපු බස් කොන්දොස්තර වගේම තමන්ට තමන්ගේ ජීවිතය ජයගන්න පුළුවන්. ඒ හැකියාව ඔයාල හැමෝම ගාව තියනවා, එති අපිට ඒක ප්‍රයෝජනට අරගෙන ජීවිතය ජයගන්න උවමනාවක් නැහැ. උත්සාහවන්ත වෙන්න, මහන්සිවෙන්න, කම්මැලිකමේ ඉන්න එපා.

ඔබට ජය…..!!!

Advertisements

4 thoughts on “ආබාධිත බස් කොන්දොස්තර….

  1. Manohari පවසයි:

    බහුතරය තමන්ගෙ ලඟ නැති පුංචි දේවල් වෙනුවෙන් තමන්ගෙ ලඟ තියෙන වටිනා දේවල් නැතිකරගන්න ලෝකෙක ඔයවගෙ මිනිස්සු ප්‍රශංසාවට ලක් වියයුතු ආදර්ශමත් චරිත…………….

    ඒත් ඒ පුද්ගලයන් දිහාවෙ සංවේදී ඇසකින් බලන්න පුලුවන් විදියෙ හිතක් තියෙන, එයාලගෙන් ගතහැකි ආදර්ශයන් තමන් තුල රෝපණය කරගන්නා මිනිස්සු හරි අල්පයි…………….

    ඒ නිසම හෙට දවසෙත් ලෝකය දිහා නැවුම් ඇහැකින් බලලා මුණගැහෙන වෙනස් දේ බ්ලොග්1ට ගොඩවදින අපටත් කියවන්න දිගටම ලියන්න………..!

    All d bst…………..!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )