අද ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබගේ අනාගත සහකරු හෝ සහකාරියමද?


ජීවිතය යනු පුදුමාකාර දෙයකි. ඒ පුදුමාකාර ජීවිතයට ආලෝකයක් වන්නාවූ කාරනා සමුහයක්ද අපි විටින් විට අත් දකින්නට වන අතරම අමිහිරි වූ දේද නැතුවාම නොවේ. ඒ සුන්දර දේ අතුරින් ආදරයට හිමිවන්නේද මුල් තැනක් බව ඔබ අවිවාදයෙන් පිලිගනු නිසැකය. ඒනිසා අද ආදරය ගැන කතාකරන්නට මම තීරනය කරා. ඒත් මේක කතාකරල ඉවරකරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. ඒ හේතුව නිසාමයි “අද ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබගේ අනාගත සහකරු හෝ සහකාරියමද?” මාතෘකාව ‍තෝරගත්තේ තවත් වැදගත් විදිහට, අළුත් විදිහට ආදරය ගැන කතාකරන්න.අද වැඩිය වැල් වටාරම් ලියන්න තරම් මට වෙලාවක් නැහැ, ඒත් පුලුවන් හැටියට ලියමුකො බලන්න.

ඔබ පෙම්වතෙක් හෝ පෙම්වතියක් ද?, නැත්නම් එහෙම කෙනෙක් වෙලා හිටියද?, එහෙමත් නැත්නම් එහෙම වෙන්න පෙරුම් පුරනවද? කොහොම උනත් එකයි, අපි අපිටම අවන්ක වෙලා බලමු මම කියනදේ කොච්චර දුරට ඇත්තද කියලා…… අපි අද කතාකරන දේන් මොනාද අපි කරල තියෙන්නේ, කරන්න ඕනි කියල තීරණය කරලා අපේ ජීවිත හරියට ගොඩනගාගන්න බලමු අලුත් විදිහට. ඔන්න එහනම් අපි topic  එකට බහිමු.


ඔබගේ ආදරණියයා ඔබට හමුවුනේ කොහොමද? පාසලේදි, ටියුෂන් පන්තියේදි, සරසවියේදි, ‍රැකියා ස්ථානයේදි, නැත්නම මගතොටේදි, එහෙමත් නැත්නම් මොනාහරි උත්සවයකදි නේද? ඕවා තමයි වෙන්න පුලුවන් වඩාත් සාර්ථකම අවස්ථා. කොහේදි හමු උනත් ඔහු හෝ ඇය ඔබට වඩාත්ම ගැලපෙන කෙනා කියලා ඔබ නිගමනය කලේ කොහොමද? ඔබ ඇත්තටම ආදරය කරනවාද, වන්චාවක් කරනවාද කියලා මම දන්නේ නැහැ, නමුත් මම ඔබව විශ්වාස කරනවා. ඒ නිසා අපි අපිට අවන්ක වෙමු.කොහේදි හමුවුනත් ඔබ ඔහු හෝ ඇයව ‍තෝරාගැනීමට හේතු මොනාද? බාහිර ලස්සන, ගමන් විලාසය, කතාබහ, හිනාව, වත්පොහොසත් කම, පරපුර, ‍රැකියාව, සමාජ තත්වය මතද? එහෙනම් ඔබ ඔබට අවනක උනොත් ඔබ ආත්මාර්ථකාමියෙක් කියලා මට කියන්න පුලුවන්, ඒත් හැසිරීම, ගතිගුණ, උගත්කම මත ‍තෝරාගත්තාම ඔබ යම් අවන්ක කෙනෙක් කියලා කියන්න පුළුවන්.ඒත් ආත්මාර්ථකාමිව හිතල පටන් ගත්තට ඇත්තටම ආදරය කරන අය වගේම, ඇත්තටම ආදරය කරන්න පටන් අරන් ආත්මාර්ථකාමි වෙන අයත් ඉන්න බව අමතක කරන්න එපා.

ඔය කොහොම උනත් මම මෙහෙම කියන්නම් අපිට අපේ ආදරණීයයා ‍තෝරගන්න වෙලා තියෙන්නේ අපිට ඇසුරු කරන්න පුලුවන් වටපිටාවෙන් අපිට හමුවන කෙනෙක් විතරයි. ( යෝජිත විවාහ කියන්නේ අපි නොදන්නා කෙනෙක් ගැන වෙන කෙනෙක් මත විස්වාසය තබා කටයුතුකිරීමක් ඒනිසා අපි ඒක අමතක කරමු මෙතනදි ). අපේ වටපිටාවෙන් අපිට හමුවන අපේ ආදරණීයයා තමයි 85% ක් ම අවසානයෙදි විවාහ කරගන්නේ. මම කියන්නේ පලමු,දෙවන ….. ආකාරයට n ගණනක් ආදරණීයයන් ගෙන් අවසාන කෙනා. මේක සමාජයේ වෙන විදිහ තමයි. එයාගෙන් තමයි තම මුළු ජීවිතයම පවත්වාගෙන යාමට සහය බලාපොරොත්තු වෙන්නේ. ඒනිසා අපි ඒගැන ටිකක හොයලා බලමු, මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙනනිසා.

අපිට ගැලපෙන වඩාත්ම සුදුසුම කෙනා මේ ලෝකේ කොහෙ කොතනක ඉන්නවද කියලා අපි දන්නේ නැහැ, ඒත් අපිට ලැබිලා තියන කෙනා අපි බලා පොරොත්තුවන ගති ලක්ෂණ තියන කෙනා නම් කමක් නැහැ, එත් එහෙම 100% ක් ගැලපෙන කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒනිසා අපිට ඉවසීමන් වැඩකරන්න වෙනවා, ඔහුට හෝ ඇයට අවශ්‍ය විදිහට අපේ සමහර දේ හැඩගස්ස ගන්න වෙනවා වගේම අපිට ඕනි සමහර දේවල් එයාට කියලා වෙනස් කරවගන්නත් වෙනවා. මේක බොහෝම පරිස්සමට සීරුවට කරන්න අපි උත්සාහ කරන්නඕනි, නැතනම් තවත් ප්‍රශ්න ඇතිවෙන 1 විතරයි වෙන්නේ. මෙතනදි අපි දරදඩු වෙන්නේ නැතිව නම්‍යශිලී වෙන්න මහන්සිගන්න ඕනි. අනික අපි වෙනස් වෙන්න ඕනි අපි 2 නට ඕනි විදිහට මිසක් අනිත් අයට ඕනි විදිහට නෙවෙයි. අනිත් අය සමග සසදලා මේවා කරන්න යන්න එපා.ඔබේ නිදහස ඔබට ලැබෙන විදිහට තීරණ ගන්න.  ඔබ දැන් ගන්න තීරණ මුලු ජීවිතකාලයටම බලපාන නිසා සෑහෙන්න සැලකිලිමත් වෙන්න.අද ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබගේ අනාගත සහකරු හෝ සහකාරියම කරගන්න ඕනි නැහැ, ඒත් ඔබට සුදුසු කෙනෙක් හොයන්න ගිහින් දැන් ඉන්න කෙනාත් නැතිකරගන්න එපා. දෙදෙනාට ගැලපෙන විදිහට හැඩගැසෙන්න උත්සාහ කරන්න.

මට මගේ ජීවිතයේ නැතිවූ දෙයක් නිසාවෙන් මම මේදේ ලියුවේ. ඒත් ඒ දවස්වල මට උපදෙස් දෙන්න කවුරුවත් හිටියේ නෑ, නැතිවූ දේ ගැන මම දුක් වෙන්නේත් නැහැ. මොකද හැමදේම වෙන්නේ මගේම හොදටයි කියලා මම විශ්වාස කරන නිසා. අද මම ලබලා තියන දේවල හැටියට මම ඉහටත් උඩින් සතු‍ටුවෙන ගමන්, දැන් ලද දේ ‍රැක ගන්නත් මහන්සිවෙනවා.

Advertisements

7 thoughts on “අද ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබගේ අනාගත සහකරු හෝ සහකාරියමද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )