අපට අතීතයේ අහිමිවූ දේ ගැන සිතමින් අපි තවත් පසුතැවිලි වියයුතුද?


අතීතය යනු ඇතුන් ලවාවත් අද්දවා ගතන් නොහැකි කාල පරාසයක්. එකී කාලයතුල ඔබ සහ මම කෙතරම් දේ කර ඇත්ද? කෙතරම් අත්දැකීම් ලබා ඇත්ද? ඒවා මැනිමට නොහැකි දේ ලෙස අපට වර්ග කිරීමට පුළුවනි.අපි කරපු මෝඩකම්, කුපාඩිකම්, කැත වැඩ විතරක් නෙවෙයි හොද වැඩ, උපකාර, පින්කම් ගැනත් දැන් ඔයාට මතක් වෙනවා නේද?සමහර වෙලාවට සමහර දේවල් මතක් වෙලා හිනා වෙන්න පුළුවන් වගේම, සමහර ක‍ටුක දේ නිසා ඇසට කදුලු එන්නත් පුළුවන්. ඒ අත්දැකීම් තුලින් යම් පාඩම් ඉගෙන ගන්නවානම්, ඉගෙන ගත් දෙයින් අපගේ අනාගතය වෙනුවෙන් යහපත් තීරණ ගන්නවානම් ඔබ ඉතා බුද්ධිමත් කෙනෙක් ලෙස මට සලකන්නට පුළුවන්, නමුත් ඇත්තටම ඔබ එහෙමම්ද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ……….

අපි ටිකක මාතෘකාව ගැන කල්පනා කරලා බලමු. ඇත්තටම ඔබට ලබාගන්නට ආස අතීතයේ කොච්චර දේවල් නොලැබෙන්න ඇත්ද? ඒ දවස්වලනම් ගොඩක් දුක දැනෙන්න ඇති නේද? ඒත් ඔබ තාමත් දුක් වෙනවානම්, පසුතැවිලි වෙනවානම් ටිකක් ඔබගැනම හිතන්න” ඇයි ඔබ තාමත් පසුතැවිලි වෙන්න හේතුව මොකක්ද කියලා…” අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙවෙයිනේ, ඒවගේම අපි හැමෝම සමානත් නෑනේ, ඒනිසා අපිට ලැබෙන දේ සහ නොලැබෙන දේ අතර වෙනස්කම්  බොහෝ තියනවා. ඒනිසා අපි නොලැබීම ගැන පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු.

මම මෙහෙම පටන් ගන්නම් , මේ බ්ලොග්1 කියවන ඔබ අන්ත දුප්පත් කෙනෙක්වත්, සුපිරි ධනවතෙක්වත් නෙවෙයි. මම එහෙම කියන්නේ ඔබ අන්ත දුප්පත් නම් බ්ලොග් කියව කියව ඉන්න වෙලාවක් නැහැ මොකද ඔබට ඔබේ බඩ ගැන හිතන්න වෙන නිසා. එයාට අහිමිවුන දෙවල් අනන්ත අප්‍රමාණ ගණනක් තියෙනවා, ඒවට වඩා එදා වේල හොයගන්න මහන්සිවෙනවා.ඒවගේ  අන්ත දුප්පත් මිනිස්සු කෝටි ගානක් දැනටත් එදාවේල හොයගන්න අපාදුක් විදිනවා.  ඒවගේම ඔබ සුපිරි ධනවතෙක් නෙවෙයි මොකද ඔබ සින්හල බ්ලොග්1 කියවනව වෙනුවට English Blog, Novel කියවනවා ඇති, නැත්නම්  සල්ලි වියදම් කරන්න වගේම ඔබගේ බිස්නස් වල දියුණුව ගැන හිතන්න වෙනවා. බිස්නස් වල ලාබ අලාබ වගේම, දාහකුත් එකක් ප්‍රශ්න ගැන හිතන්න වෙනවා…. ඒවා විසදන්න ඔබට ඔබේ වටිනා කාලය කැපකරන්න වෙනවා. එයාටත් අහිමිවුන දේවල් තියනවාද කියලා ඕයාල මගේ අහන්නනේද හදන්නේ, ඔව් එක ඇත්ත එයාට එයගේ නිදහස අපි නොහිතන විදිහට අහිමිවෙලා තියනවා වගේම තවත් බොහෝ ඔබ මම නොහිතන දේ වටිනා දේ ලබාගනට නොලැබීම ගැන දුක් වෙනවා නො අනුමානයි. ඒ නිසා මම ඔබ සාමාන්‍ය කෙනෙක් කියලා හිතන්නම්.

සාමාන්‍ය අපිට තමයි මේ ජීවිතේ වඩාත් සතුටින් ගතකරන්න වාසනාව ලැබිලා තියෙන්නේ, මොකද ලැබුනු හැමදේම වැඩියෙනුත්නෑ, අඩුවෙනුත්නෑ. ඒනිසා අපි හැම වෙලාවෙම ලද දෙයින් සතු‍ටුවෙලා ජීවත්වෙන්න උත්සාහ කරනවානම් අපිට හැමදාමත් සතුටින් ඉන්න පුළුවන්.ඒනිසා වෙන හැමදේම වෙන්නේ හොදට කියලා හිතන්න. එහෙම හිතන්න ටිකක් අමරුයි තමයි.ඒත් පුරුදු උනාම අපි දැනෙන දුක අඩුයි. මගේ ලගම 1 යලුවෙක් ඉන්නවා කෝච්චියේ ගිහින් නැහැ මේ ලගක් වෙනකන්. කොච්චර කෝච්චි ලගින් ඉදලා තිබුනත්, චායාරූප අරන් තිබුනත් ගිහිල්ලම නෑ. ඒක එයාට අහිමිවුන දෙයක්, මේ පහුගිය සතියේ අහම්බේ අවස්තාවක් හම්බවෙලා කෝච්චියේ එන්න ලබිලා තියනවා. මිනිහට ගොඩක් සතු‍ටුයි ලැබුනු අත්දැකීමට. ඔය විස්තරේ මට කියනකොට එයා කියුවේ අවස්තාවක් ලැබෙනකන් ඉවසගෙන හිටියා ඉපදුන දවසේ ඉදලා කෝච්චියක යන්න  ඒත් අවුරුදු 23 වෙනකන් බැරි උනා, ඒත් මම දුක් වුනේ නෑ අනිත් අයට පුලුවන් උනදේ මට නොලැබුනාට කියලා.  දැන් ඔයාල මට හිනා වෙනවා ඇති මෙ පොඩ්ඩ කියන්නද මෙචර තැටමුවෙ කියලා. අනේ නැහැ ඒ කතාව කියන්න නවෙයි මෙච්චර වචන ගොඩක් ලියුවේ.

                                                                                                               

 එයා තමන්ට නොලැබුන දේ කවදාහරි ලබා ගන්න ගොඩාක් කල් ඉවසීමෙන් බලගෙන ඉදලා තියනවා. තමන්ට ලගා කරගන්න උත්සාහ කරලා තියනවා. අන්තිමේදි උත්සාහය සාර්ථක උනා. දැන් ඔයාල මට හිනාවෙනවත් ඇති. කමක්නෑ මේ ටිකත් කියවලාම ඉවර කරලා අපහු හිතලා බලන්නකෝ හැමදේ ගැනම 2 පාරක්. එයාට සාමාන්‍ය කෝච්චියක යන්න බැරිඋනා කියලා  දුක්වුනේනෑ, ඒත් ඔයාලා කොච්චර සුළු දේවල් වලට දුක්වෙලා ඇත්ද? ඒනිසා සුළුදේවල් වලට දුක් නොවී, ඒ දේවල් කවදාහරි ලබගන්න හොද, යහපත් විදිහට මහන්සිවෙන්න. තමන්ට වෙන හැමදේම හොදකට වෙන්නේ කියලා හිතන්න. එතකොට හිතේ හැම වෙලවෙම තියෙන්නේ සතුටක් විතරයි.පසුතැවිල්ලක් ඇතිකරගන්න එපා, ජීවිතය තියෙන්නේ සුභවාදීව ගතකරන්න වෙගේම සුභවාදිව හිතන්න. ඒත් සර්ව සුභවාදියෙක් කියලා අනිත් අය ඔබට කියුවොත්,  ආපහු පරණ පාරෙම යනවද? නැත්නම් හැමදාම තමන් සතුටින් ඉන්න සොයාගත්තු අලුත් පාරෙම ගම් කරනවද? ටිකක් හිතලා බලන්න. ඔයාට හොදයි කියලා හිතෙන පාරක් ‍තෝරාගෙන ගමන් කරන්න නිදහස ඔබ ලගම තියෙන නිසා ඒක හරියට පාවිච්චි කරන්න.

අදට මම යනවා………..

Advertisements

One thought on “අපට අතීතයේ අහිමිවූ දේ ගැන සිතමින් අපි තවත් පසුතැවිලි වියයුතුද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )