°°° අපි වෙනුවෙන් අපි වෙමු ද? °°°


කොහොමද මිතුරනේ….? ගොඩ දවසකින් බ්ලොග් 1 ට මොනවත් ලියන්න බැරිඋනා, වෙන මොකක්වත් නිසානෙවෙයි කැම්පස් 1 අධ්‍යාපන කටයුතු ටිකක් වැඩිපුර තිබුන නිසා. සමාවෙන්න ඕනි පරක්කු උනාට, ඒත් ඔයාලට කියවන්න ආසහිතෙන, ඔයාලට අමතක උන වැදගත් යමක් මතක් කරලා ඔයාලටත් යුතුකමක් ඉෂ්ට කරන්න අවස්ථාවක් තියනබව පෙන්වන්න මම අද තීරනය කරා. මේ කතාව කියන්න නිධාන කතාවල් ගොඩාක් තියනවා, මූලිකම උන කතාව පටන් ගන්නේ ග0ගාරාම පන්සල ලගින්. වෙන විදිහකින් කියනවානම් නවලෝක පුද්ගලික රෝහල අසල තියන නවම් මාවත පටන් ගන්න තැනින්, ඉස්සල්ලාම තැන කියුවේ ඔයාලට වැදගත් වෙන නිසා.

මම නවම් මාවතට යන්න පටන් දැන් අවුරුද්දකටත් වඩා වැඩී, ඒ ආයතනයේ Microsoft Sri Lanka තියන Student Champs monthly meeting 1 ට, එතන සිද්දවෙන දේවල් ඔයාලට පස්සේ දවසක කියන්නම්කෝ, දැනට අපි අපේ කතාව ඉස්සරහට ගෙනියමුකෝ.ඉතින් මෙච්චර කල් නවම් මාවතේ ගමන් කරාට දකින්න ලැබුනේ ග0ගාරාම පන්සලට යන පෙම්වතුන්, පුන්චි ළමයි, වැඩ නිමාවෙලායන පිරිස විතරක් නෙවෙයි, නවලෝක රෝහලේ රෝගීන් බලන්න ආපු පිරිසත් හිටියා. වැව රවුමේ සුන්දරත්වය විදිනගමන් මමත්  මගේ ගමන හැමදාම ගියා. ඒත් මැයි මාසේ මුල් සතියේ මම වෙනදාවගේම ඔතනින් ගමන් කරත්දි ලොකු වෙනස් කමක් දැක්කා. ඒ සම්පත් බැන්කුව අසල වැව රවුමේ අලුත්ම අලුත් ඇස පිනවන පරිසරයත් 1ක මුසුවුන Restorent 1 ක් ආරම්භකරලා තිබුනා. අර මුලින් කියපු වැව රවුමට එන බොහෝ පිරිසක් එතනට ගොඩවෙලා මොනවා හරි කාලා බීලා යන්න එනවාමයි. මමත් ඉතින් අලුත් තැනක් නිසාත් හිතට නිස්කලන්ක පරිසරයක් මහලොකුවට නැතත් ටිකක් හරි සැනසීමක් දැනෙන නිසා ගොඩ උනා මොනාහරි බීලාවත් යන්න. හැඩිදැඩි සිරුරු තියෙන පිරිමි කිහිපදෙනෙක් එන අමුත්තන්ට ස0ග්‍රහ කරනවා, හැම කෙනාගේම මුහුණේ සිනාවක් ‍රැදිලා තිබුනා. ඒ නිසාම  එතනට එන හැමෝමත් හරි සතුටින් තමයි එතනට ආවේ වගේම නැවත ගියෙත්. ඒ හැඩිදැඩි පිරිමි කිහිපදෙනා වෙන කවුරුවත් නෙවේයි, වසර 30ක කුරිරු යුද්ධයක් නිමාකරන්න තම ජීවිතය පවා කැපකරපු අපේ වීරෝධාර රණවිරුවන්, එතන ලොකුවට ” අපි වෙනුවෙන් අපි “ කියලා නාමපුවරුවකුත් ගහලා තිබුනා.

දැන් පයට පෑගෙන දූවිල්ලක් ගානට ගනන් නොගත්තට තමන්ගේ පාඩුවේ තාමත් රටේ ආරක්ෂාවට ඉමහත් සේවයක් කරන ඔවුන් අපේ රටේ ගැලවුම් කරුවන්, දෙවිදේවතාවුන් හැටියට සලකපු කාලයකුත් තිබුන බව මට මතක් උනා. ඒ දවස්වල ඔවුන් වෙනුවෙන් නොකරපු දෙයක් නැතිතරම්. උපහාර උත්සව, නම්බුනාම, නිවාස යෝජනා ක්‍රම….. එකී මෙකී නොකී හැම දෙයක්ම රජයෙන් වගේම සාමාන්‍ය ඔබ අපිත් කරා කියලා මට මතකයි. ඔයාලටත් මතක ඇති කියලා මම හිතනවා. එත් ඒ කොච්චර ටික කාලයකද කියලා මතක් කරලා බලන්න. නම්බුනාම, උපහාර ලැබුනත් නොලැබුනත් ඔවුන් හැමදාම ඔවුන්ගේ රාජකාරිය අකුරටම ඉ‍ටුකරා, අදත් ඉ‍ටුකරනවා වගේම ඉස්සරහටත් ඉ‍ටුකරාවි. ඔවුන් ඔවුන්ගේ රට වෙනුවෙන් යුතුකම ඉ‍ටුකරලා තියන රටට බරක් නැති පිරිසක් බවට බය නැතුව මට කියන්න පුළුවන්, ඒත් ඔබ සහ මම එහෙමද? මොහොතක් හිතන්න. ලැජ්ජාවට පත්විය යුතු පිරිසක් නේද අපි ….??? අපි ලෝකෙටම පේන්න ආතල් අරන් ජෝගි නටන මහා නරුමයෝ ටිකක් නේද කියලා හිතෙනවා, අපි මොනාද රට වෙනුවෙන් කරපු මහා ලොකු කැපකිරීම. වෙන මොනවත් ඕනිනැහැ අපි අපිට අව0කවෙලා හිතලා බලමු. දැන් ගියදේ ගියා ඒත් අපිට අපේ වැරදි හදාගෙන රටට සේවයක් කරපු රණවිරුවන්ට සේවයක් කරලා අනාදිමත් කාලයක ඉදලා අපිට තිබුනාය කියන අපේ ගුණගරුකබව, කලගුණ සැලකීම තමත් තියනවා කියලා පෙන්වන්න  අවස්ථාවක් තියනබව ඔයාලට පෙන්වන්න තමයි මම අද මේ ලිපියෙන් උත්සාහ කරන්නේ. මොහොතක් හිතන්න, හිතලා අදම තීරනයක් ගන්න. ඔබ කුමක්ද කරන්න ඔනී කියලා……

ඔයාලට රණවිරුවන් අමතක වෙන්න ලොකුම හේතුව අද රටේ සාමය තියන 1, ඉස්සර වගේ බෝම්බ පත්තුවෙනවානම් ආපහු ඔවුන්ට මල්තියලා වදින දවසක් එනවා කියන එකත් අමතක කරන්න එපා. ඔයාලට කියන්න ලොකු කතාවක් තියනවා, ඒත් ඒක කෙටියෙන් මෙහෙම කියන්නම්, පොඩ්ඩක් හිතලා බලන්න ඉස්සර යුධ්ධය දවස්වල දේපැත්තේම කොච්චර මැරුණද? කියලා තමයි බැලුවත් අපි බලන්නේ. ඒත් අපි ගණන් හදලා බැලුවාද කොච්චරකට අත් පා අහිමි උනාද?, කීදෙනෙක් අන්ධ උනාද?,  කීදේනෙක් සදාකල් එකතැන් වෙන්න උනාද කියලා….. නෑ…. නෑ………. නෑ……………. අපි කවදාවත් හිතුවේනෑ. හිතුවානම් එහෙම අසරණ වුන රණවිරුවන් ගැන අපි හොයලා බැලුවාද? ඒ රණවිරුවන්ගේ අසරණකම ගැන හොයලා බැලුවාද? ඔවුන් තමන්ගේ ජීවිත්ය කැපකරලා තමන්ගේ පවුලේ බඩගින්න නිවන්න වගේම , රට ‍රැකගන්න මහන්සිඋනා. ඒත් දැන් ඒ අසරණ පවුල් කොච්චර ගින්දරකින්ද ඉන්නේ කියලා එයාලා කල්පනා කරත්දී ඇස්වලට එන  කදුළු පිහිදාන්න කවුද ලග හිටියේ. තමන් වගේම අසරණ මිතුරේක් පමනයි. ඒවගේ අසරණ විරුවණ්ට සහනයක් වන්නට සියලු පහසුකම් සහිතව අනුරාධපුරයේ ඉදිවන ” අභිමන්සල “  රණවිරු නිවස්නය වෙනුවෙන් ඔබ මම ඇතුළු සියළු ශ්‍රිලා0කිකයින් හට අවස්තාවක් ලැබී තිබෙනවා. අපි දැනටමත් පරක්කුයි, ඒත් අපි අපිට පුළුවන් හැටියට එය තනන්නට උපකාරයක් වෙන්නට අද ඉදලාවත් මහන්සිවෙමු.

රුපියල් මිලියන 200ල් පමණ වියදම්වන මෙවන් සද් කාර්යයන් හට මුදලින් උපකාරක්  කරන්න ඔබට පුලුවන් නම් ඒක කොච්චර උතුම්ද කියලා හිතලා ඔබ හිතන්න. එවන් උතුම් මිනිසුන් හට උපකාරයක් කරන ඔබත් උතුම් මිනිසෙක් නේද? ඔබට මුදල් විය පැහදම් කරන්න බැරි උනාට කමක් නැහැ ඔබට විවේක වෙලාවල “අභිමන්සල ” වෙත යන්න, ටික වෙලාවක් වත් ඔබ එහි සිටින ඒ අහි0සක රණවිරුවන් සමග වචනයක් වත් කතා කරන්න. බලන්න ඔවුන්ගේ ඇස්වල තිබෙන කදුලු. ඒවා පිසලන්න උපකරීවෙන්න. ඒ පිනම ඔබට ඇති මේ සසර ගමන ඉක්මනින් නිමාකරගන්න.

” මොහොතක් හිතන්න. ඔබේ හදවතට සන්වේදීවන්න. “

ඔබලාට වැදගත් වන ලිපිනයන්, දුරකතන අ0ක, ෆැක්ස් අ0ක  සහ ගිණුම් අ0ක මම සදහන් කරන්නම්

බැ0කුව / Bank  :

ල0කා බැ0කුව, D.R. විජේවර්ධන මාවත, කොළබ 10.           Bank of Ceylon, D.R. Wijewardane Mawatha, Colombo 10.

ශාකාව /Branch : ලේක් හවුස්  /Lake HouseBranch

ගිණුම් නම / Account Name :  ” බ්‍රේව්හාර්ට්ස් ”  / “Brave Hearts”

ගිණුම් අ0ක / Account Number : 9846026

දුරකතන අ0ක / Telephone : 011 2 343 953 / 011 2 541 404

ලිපිනයන් :

යුධහමුදා සේවා වනිතා ඒකකය,                                                            Seva Vanitha Army Branch,
ශ්‍රිල0කා යුධහමුදා මූලස්ථානය,                                                             Sri Lanka Army Headquarters,
තැ. පේ. 553,                                                                               P.O Box 553,
බාලදක්ෂ මාවත,                                                                              Baladaksha Mawatha,
කොලබ.                                                                                        Colombo 03, Sri Lanka.

දුරකතන අ0ක :                                                                            ෆැක්ස් අ0ක :

යුධහමුදා සේවා වනිතා ඒකකය                                                             යුධහමුදා සේවා වනිතා ඒකකය

Seva Vanitha Army Branch                                                            Seva Vanitha Army Branch

0112343953 / 0112541404                                                            0112343953

E-mail: sevavanitha@mail.army.lk /sevavanitha@yahoo.com

Website: www.army.lk/sevavanitha

        

Advertisements

2 thoughts on “°°° අපි වෙනුවෙන් අපි වෙමු ද? °°°

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )