අලි සමීක්ෂණයට ගිය මම……( පළමු කොටස )


2011 / 08/11 සිට 2011/08/13 දක්වා ල0කාවේ අලි ගැවසෙන අස්සක් මුල්ලක් නෑර වනජිවී ස0රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන අලි සමීක්ෂණයක් ල0කාවේ පළමු වතාවට පවත්වනු ලැබුවා. මීට පෙර ල0කාවෙ තිබුන යුදමය තත්වය නිසා ල0කාව පුරවටම එකපාර මේවගේ සමීක්ෂණයක් කරන්න හැකියාවක් ලැබුනේ නැහැ. ඒ නිසා ල0කාවේ වන අලි අනුමාන වශයෙන් ප්‍රකාශකිරීමක් පමනයි මෙතෙක් කල් සිද්ද උනේ, එම ප්‍රමාණය 5600+ වශයෙන් සදහන් උනා. දැන් සාමකාමී වටාපිටාවක මෙවන් මහගු කාර්යයක් කරන්න වනජීවී දෙපාර්තමේන්තුව පෙලබිම මහත් අගය කරයුත්තක්, අහින්සක වන සතුන්හට මිනිසාගේ තාඩන පීඩන අකටයුතුකම් නිසා සිදුවන විනාශය අවමකරගැනීමටත්, වන සතුන්ට නිදහසේ ඉන්නට සිටින්නට පහසුකම් සලසාදීමටත් මෙවන් කටයුතු මහත්සේ උපකාරීවනවා. මොකද මේවගේ සමීක්ෂණයකින් අනුමාන කරන සතුන් ප්‍රමාණයට වඩා ඇත්ත්ටම එක් එක් ප්‍රදේශයට සිටින අලි ගණන වෙන් වෙන් වශයෙන් දැනගැනීමට හැකිවන අතරම, එමගින් එම අලි ගහණයට ප්‍රමාණවත් පහසුකම්, ඉඩකඩ සලසාදීමටත් අනාගත අලි පරපුර ‍රැකගැනීමට වැඩකටයුතු සම්පාදනය කිරීමටත් පහසු කරනවා.

අපි පොඩ්ඩක් හිතමු ඇයි මෙහෙම සමීක්ෂණයක් කරන්න වටාපිටාවක් ඇයි නිර්මාණය උනේ කියලා. නිකන්ම මෙහෙම ලොකු වියදමක්, මහන්සියක් කරලා මේවගේ දෙයක් කරන එකේ තේරුමක් තියෙන්නත් ඕනිනේ.

    • පළමුවෙනි කාරණය තමයි ල0කාවේ දැනට ඉන්න වන අලි සහ හීලෑ අලි ගහනය නිවැරදිව ගණනය කළයුතුවීම.
    • අලි ජීවත්වන ප්‍රදේශ සිතියම් ගතකිරීම සහ අලි ම0කඩවල් හදුනාගැනීම.
    • අලි ගහනයේ වයස්ම් මට්ටම්, ගැහැණු පිරිමි බව, ගහනයේ වර්ධනය ගණනය කිරීම.
    • අලින් හට ඇති තර්ජණ, අසනීප හා ලෙඩරෝග හදුනාගැනීම.
    • අලි ගහන්යේ සිටින ඇතුන් ගණනය කිරීම සහ උන්ට ඇති තර්ජණ හදුනාගැනීම.
    • අලින් හට ප්‍රමාණවත් ආහාර, ජලය, ඉඩකඩ වනාන්තර තුල සහ අලි ගැවසෙන ප්‍රදේශවල තිබේදැයි බැලීම.

මේවගේ ඉතාවැදගත් කාරණා රාශියක් නිසා තමයි මේ වගේ සමීක්ෂණයක් කරන්න පටන් ගත්තේ. මේගැන රටේ විවිධ කටකතා හා හූ පැතිරුනා. ඒ බොහෝමයක් මේ කටයුත්තේ හරය නොදැන කරපු ප්‍රකාශ , ඒත් රටම කැළබුන කතන්දරත් ඒ අතරම තිබුනා. මැති ඇමති වරුත් සමහර ප්‍රකාශ නිකුත් කරපුනිසා වැඩේ තරමක බරපතල උනා. අලි අල්ලලා  හීලෑ කරල පන්සල් වලට දෙන කතා වගේම, දළ ඇත්තු අල්ලලා මරලා දළ කපා ගන්න සැලැස්මක් රජයට තිබෙන බවත් ප්‍රකාශ උනා. නමුත් ඇත්තටම මේවගේ ජාතික කාර්යයක් කරනකොට රට නිසිපරිදි දැනුවත් කිරීම හරියට සිදු කරන්න ඕනි, නැතිනම් රට කැළබෙන 1 නවත්තන්න කාටවත්බෑ.

ඒකෙන් මේකෙන් කොහොමහරි මටත් අවස්ථාවක් ලැබුනා ල0කාවේ පළමුවෙනි අලි සමීක්ෂණයට වනජීවී නිලධාරියෙක් හැටියට සහභාගි වෙන්න. මේ දුර්ලභ අවස්ථාව මට හිමි උනේ සබරගමුව විශ්ව විද්‍යාලයේ ස්වභවිකා සම්පත් කළමණාකරන අධ්‍යනා0ශය හරහා. මමත් සබරගමුවේ පරිඝණක පද්ධති පිළිබද උපාධි අපේක්ශකයෙක් නිසා මගේ මිත්‍ර ස්වභවිකා සම්පත් කළමණාකරන අධ්‍යනා0ශයේ ගැමුණු ඉරෝෂණ, තමිදු සදරුවන්, ප්‍රසාද් යන සොහොයුරන් මට මේ කටයුත්තගැන දැනුවත් කරා, මුලින් ඔවුන්ගේ සහයකයෙක් හැටියට මේ කටයුත්තට සහභාගීවෙන්න තමයි මම එකතු උනේ, ඒත් අන්තිමට මට උනේ ඔවුන් වගේම මේ භාරදූර කාර්යයට නිලධාරියෙක් හැටියට කටයුතුකරන්න.මේ දුර්ලභ අවස්ථාව මට ලබාදීමට උපකාරිවු නිසා මගේ මිත්‍ර ස්වභවිකා සම්පත් කළමණාකරන අධ්‍යනා0ශයේ ගැමුණු ඉරෝෂණ, තමිදු සදරුවන්, ප්‍රසාද් යන සොහොයුරන් හට මගේ හදපිරි ස්තුතිය පුදකරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා.ඔවුන් ලද අවස්ථාව මා සමග බෙදාහදා ගැනීමට කටයුතුකිරීම මම මහත්සේ අගයකරන්නට කැමති.

අපි 10ක් අපේ campus 1 ඉදලා උඩවලව වන උද්‍යානය වෙත යන්න උදේ 5.20ට පබහින්නේන් පිටත් උනා, අපි උඩවලවට යන අතරතුර බලන්ගොඩ පල්ලේබැද්ද මාර්ගයේ අතරමැද හමුවන වැලිගෙපොල පුන්චි නගරය අසලදි ඉතා අල0කාර දේදුන්නක් දක්නට ලැබුනා, පසුතලයම වැහි මන්දාරමකින් වැහිලා තියේත්දි දැකපු ඒ සුන්දර දර්ශණය මට කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි. ඒක හරියට අපේ ගමනට ආශිර්වාදයක් , සුබ ලකුණක් හැටියට මම හිතුවේ. ඒ දර්ශනය හරියට ඉස්සරහ දවස්2 අපිට කරන්න තියන භයානක ඒත් සුන්දර කටයුත්ත ගැන ඉගියක් වගේයි මට හිතුනේ.කොහොමහරි අපි උදේ 8 වෙනකොට උඩවලවට ගියා, වන උද්‍යානයට අපි යනකොට 8.30 විතර ඇති. ඒ ටික යන්න වාහනයක් නැතුව අපි කට්ට කෑවා අලි බෑග් ටිකක් කරේ එල්ලගෙන. අන්තිමට කෙසෙල් ගෙනියන ලොරියක් එල්ලිලා තමයි ගියේ.යන අතරතුරත් අපිට අලි 5ක් දක්නට ලැබුනා.මට මගේ ජීවිතේදි දැනුනු සතු‍ටුම දවසක් හැටියට ඒ දවස හදුන්වන්න පුලුවන්.

අදට ඇතිනේද? ඔන්න උඩවලව ඉදලා ගමනේ ඉතිරි ටික මම ඊලග දවසේ ඔයාලට කියන්නම්කෝ……

Advertisements

One thought on “අලි සමීක්ෂණයට ගිය මම……( පළමු කොටස )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )