වැලි ආරෙන් නයිපෙනේට…..(දෙවන කොටස )


ඔයාලට මතක ඇතිනේ මම කලින් ලිපියකින් අලි බලන්න ගියහැටි කියන්න පටන් ගත්තා, මේ ඒකේ 2නි කොටස, පොඩ්ඩක් පරක්කු උනා ලියන්න, ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා, හැමදාම බ්ලොග් ලියන්නම බෑනේ මගේ අධ්්‍යන කටයුතුත් කරගන්න ඕනිනේ.ඉස්සරහට එන මාසේ මගේ විභාග මාසේ, ඒත් පුලුවන් වෙලාවට ලියන්න බලන්නම්කෝ.  ඒකෙන් මේකෙන් වැඩක් නෑ… අපි කතාව පටන් ගමුකෝ…..

උඩවල ජාතික වන උද්‍යානයට අපි ගිය හැටි ඔයාලට මම කියුවානේ, ඔන්න අපි එතනට ගියාම අපේ කැම්පස්1ම අයියලා පිරිසකුත් අපිට මුනගැහුනා. එයලා අපිට කලින් දවසේ උඩවලවට ඇවිත් තියෙන්නෙ අපි වගේම අලි සමීක්ෂණයට සහභාගි වෙන්න තමයි, එයාලත් අපිව ආදරයෙන් පිලිගත්තා. අපි ඔක්කෝටම එතන ශාලාවක අලි සමීක්ශණය ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක් තිබුනා. එතනදි අපිට ගොඩක් දේවල් ගැන ඉගෙනගන්න ලැබුනා. එතනදි අපිට කරන්න ඕනි මොනාද? කරන්න හොද නැත්තේ මොනාද? අපිට උදව්වට යන්නෙ කව්ද? අපේ ආරක්ෂාව අපි සලසා ගන්නේ කොහොමද? කියන 1 විතරක් නෙවේයි අපි අලි ගණන් කරන ගමන් උන්ගේ වයස, ගැහැණු පිරිමි බව, ලෙඩරෝග , ආභාධිත තතවයන් හදුනාගන්න විදිහත් කියලා දුන්නා. ඒගැන වෙනම විස්තරයක් මේ ලිපියේ අවසානයට ඔයාලට බලාගන්නත් , ඒක කියවලා වැදගත් දෙයක් ඔයාලගේ ජීවිතයට ගන්නත් පුළුවන්වේවි. ඒවා ඔයාලත් එක්ක බෙදාහදාගන්නත් මම කල්පනා කරා අද, මොකද ඉගෙනගත්ත දෙයක් තව කෙනෙක්ට කියලා දෙන 1 ගොඩක් වටින, හිතට සතුටක් දැනෙන කාරනාවක් නිසා.

ඔන්න අපිට තිබුණු දැනුවත් කිරීමේ වැඩසටහන ඉවරවෙලා අපිව ලියාපදි0චිකරා වැඩසටහනට, ඉට පස්සෙ අපිට අපේ වියදමටත් ගානක් දීලා අපිට අදාල ලියකියවිලි ටික දුන්නා, ඔන්න ඔයවෙලාවෙ තමයි රටේ ජාතික රූපවාහිනියත් අපිව රූපගතකරේ, නිකන් බොරු වැඩක් එකනම්, මොකද එහාට මෙහාට යන්නයි, වාහනවලට නගින්නයි විතරක් පැයක් විතර නාස්තිකරා ඔය රූප කට්ටිය. ඊට පස්සෙ අපිව සෆාරි කැබ් වල අපිට අදාල තැන් වලට පිටත් කරා, අපේ කැම්පස් එකේ කට්ටියට 25 දෙනාට හම්බවෙලා තිබුනේ උඩවලව මව් ආරට 5 දෙනයි, වැල්ලවායට 8 යි, මොනරාගලට 12 යි. මම මොනරාගල වැලිආර වැව අසල පොයින්ට්1ට තමයි යන්නවෙලා තිබුනේ. මගේ ගම බුත්තල උනාට ඔය කියන තැන ගැනනම් දැනගෙන හිටියේ නෑ. පස්සෙ මොනරාගල වනජීවී කාර්යාලයට ගියාම තමයි දැනගත්තේ ඒ වැව තියෙන්නේ ඔක්කම්පිටිය ලගපාතක කියලා, අපේ තත්තගේ න0ගි ඉන්නෙත් ඒ ලගපාතම මාලිගාවිල, ඒනිසා කරදරයක් උනොත් බයවෙන්න දෙයක් නෑ කියල හිතුනා. ඒත් “අලියෙක් ගහන්න එද්දි කොහෙන් කොහොම බේරෙන්නද?” කියලත් ආපහු මටම හිතුනා.

කොහොමහරි අපි මොනරාගල යන අතරතුරත් අලි 8 ක් විතර දැක්කා, ඒවගේම විදුලි වැට අසලට එන අලින්ට ආහාර ලබදෙන වන්දනා, විනෝද චාරීකා යන අයත් දැක්කා. ඒ ක්‍රියාවේ වැ‍රැද්ද මම ලිපිය අවසානයට පැහැදිලි කරන්නම්කෝ. අතර මගදි අම්ම මට බිස්කට් එක්ක දෙහි බීම එකක් හදලා ගෙනත් දුන්නා මම ගිය වාහනේට. අම්මගේ කටින් “ පරිස්සමින් ගිහින් හරියට වැඩේ ඉවර කරලා එන්න ” කියලා කිව්වාම මට අම්ම ගැන ගොඩාක් ආදෙරේ හිතුනා. මොකද අම්ම දන්නවා මේ ගමනේ තියන අවදානම වගේම, මම මේ වගේ වැඩකට පුරුදු කාරයෙක් නෙවේ කියලා.

අපි  හවස 4වෙනකොට මොනරාගලට ආවා, ඇවිත් අපි කට්ටියටම වැඩේ කරන්න ඔනි ඉතිරි දේවල් ටිකත් දුන්නා, අලි වෙඩි 5කුත් හම්බ උනා, මුලින් නම් හිතාගෙන හිටියේ එක අලි වෙඩිල්ලක් හරි ආසාවට පත්තු කරනවාමයි කියලා, එත් අන්තිමට උනේ මොනාද කියලා ඉලග කොටසින් කියවන්නකෝ. කොහොමහරි මට මගේ සහයට සුර0ග කියලා අයියා කෙනෙක් හම්බවුනා, එයා මොනරාගල වී අලෙවිමණ්ඩලයේ වැඩකරන්නේ. අපි 2න මොටර්බයික් 1 යන්න පිටත් වුනා දබේයාය ගමට.එහේ තමයි අපේ ප්‍රධාන නවාතැන්පොළ. වනජීවී1 කොච්චර අකාර්යක්ෂමද කියලා තෙරුනේ මගේ යාළුවෝ2නෙක් මම හිටපු ගමටම ගෙනත් දැම්මා වෙන වැවක් ලග පොයින්ට්1කට දාන්න රෑ 7.30ට විතර. සමික්ෂණය හවස 6ට පටන් ගන්නේ කොහොමද කියලා හිතන්නකෝ ඔයාලම.

අපි කෙලින්ම ගියේ දබේයාය ගමේ ජයසේන මාමලගේ ගෙදර (ගමේ අය කියන්නේ ප්‍රේමේ මාමා කියලා, මාත් එහෙමතමයි කතාකරේ ), ගිහින් තේ 1ක් එහෙම බීලා අපි කතා උනා නයිපෙන වැවත් බලලා එහේ අලි හෙට ගණන් කරන්න එන්න, ඊට කලින් ඒ හරියේ හේන් කරන ගමේ අයියලා කිහිප දෙනෙක් ගෙන් ඇහුවා එහේ අලි ඉන්නවද? කියලා. විදුලි වැටක් ගහල නිසා දැන් අලි නෑ කියපුනිසා අපි කෙලින්ම වැලිආර වැවට යන්න පිටත් උනා ආපු බයික් වලින්ම. මට අමතක උනානේ අපි2ගේ උදව්වට ජයරත්න අය්යා එකතු උනා. එයගේ බයික් 1 පේමේ මාමායි එයයි ගියා, මායි සුර0ග අයියයි සුර0ග අයියගේ බයික්1 පස්සෙන් ගියා වැලිආර වැවට. ඒ ගමනේදි අපේ ආරක්ෂාවට පේමේ මාමා තුවක්කුවකුත් ගත්තා, මම මඩ කිට්1ට බැහැලා අලිවෙඩි ටික එක්ක, ගමනට ඕනි දේවල් මගේ මල්ලට දාගත්තා.

යන මග අතරතුර පාර දිගට අලිබෙටි දකින ලැබුනා ගොඩාක්, එකෙන්ම තේරුනා අලි 20ක් 30ක් මේ පැත්තේ ගැවසෙනවා කියලා, අපි යන අතරමග ගරාවැ‍ටුනු පන්සලක ගල් කණු වගේම උස පස්ගොඩක් දකින්නට ලැබුනා. පරිසරයම කාන්තාරයක් වගේ, වැස්සක් වැ‍ටුනු පාටක් පේන්න තිබුනේ නෑ. ගස් කොලන් පවා වේලිලා මැලවිලා, රස්නේ ඉවසන්න බෑ. වැව ලගට යනකොට ගමේ මාමා කෙනෙක් කියුවා වැලිආර වැවට වනජීවී1න් ඇවිත් ඉන්නේ කියලා. අපි බලන්න ගියාම කතාව ඇත්ත. යාල වනජීවී1න් වැලිආරට 1 කෙනෙක් එවලා, එතනින්ම පේනවා වනජීවී 1 කොච්චර සූදානමකින්ද කියලා මේ අලි සමීක්ෂණය පටන් ගත්තේ කියලා. මට එතනින්ම එපා උනා, මේවැඩේ. මොකද අපි මෙච්චර කැපවෙලා වැඩකරාට අපිට මොනාහරි උනොත් අපිගැන හොයන්නත් කෙනෙක් නෑ කියලා හිතුනා. 

අපි ඒ ඇවිත් හිටපු කෙනාත්1ක කතාකරලා වැලි ආර වෙනුවට නයිපෙන වැවට ගිහින් අලි ගනන් කරන්න පිටත් උනා, ඒක තමයි මේ කොටසේ නම ලියන්න හේතු උනේ. අපි කොහොමහරි 5.30 වෙනකොට වැලිආරෙන් නයිපෙනේට ආවා අතුරුපාරවල් හරහා. පාරවල් වැලිවලින් පිරිලා, බයික් යන්න අමාරුයි එරෙනවා. අන්තිමට බයික් තල්ලුකරගෙන පයින්ම ගමන පිටත් උනා නයිපෙන වැව ලගටම.

කතාවේ ඉතිරිටික ඊලග කොටසින් කියවමුකෝ…..

අලි ගැන උඩවලවේදි මම ඉගෙන ගත්ත දේවල් මෙතන ඉදලා කියවලා ඔයාලගේ ජීවිතයටත් දැණුමක් එකතු කරගන්න.

අලියා ගත්තාම ලොකු සතෙක් තමයි, ඒවගේම ගොඩබිම ජීවත්වෙන විශාලතම ක්ෂිරපායි සත්වයා තමයි මේ අපි කතාකරන අලියා. ලෝ ජීවත්වෙන ලොකුම සත්වයා වගේම ලොකුම ක්ෂිරපායි සත්වයා නිල් තල්මසා කියලාත් ඔයාලා දන්නවා ඇතිනේ. ඔය දෙගොල්ලම අයිති පවුලට ඒ කියන්නේ ක්ෂිරපායි සතුන් කියන කොටසට තමයි මේ ඔබත් මමත් ඇතුලු සියලු මිනිස් වර්ගයා අයිතිවෙන්නේ.

අලියා අවුරුදු 70-80 ක් විතර ජීවත්වෙන සතෙක්, ඒත් මිනිසාගේ සමහර ක්‍රියාකාරකම් නිසා උන් ඊට අඩු වයසින් මියයනවා ඔබ අහන්න දකින්නත ඇති ජනමාධ්‍යය වලින්. අලියාගේ ජිවන අවස්ථා කිහිපයක් තියනවා, ඒවා පහලින් බලාගම්මකෝ…

  • අලියා ඉපදෙන්නට පෙර මව්කුසේ මාස 20ක කාලයක් ගතකරනවා, ඒක තමයි සතුන් අතරේ දිගම ගැබ්බර කාලය.
  • වයස අවුරුදු 4-5ක් වෙනකන් අලිපැටව් අම්මගෙන් කිරි උරා බොනවා, ඒත් උස අඩි 3ට අඩු වයස අවුරුදු 2ට අඩු උන් ළද‍රැ  වයසේ අලි ( Calf ) කියලා තමයි හදුන්වන්නේ.
  • උස අඩි 3ත් 4.5 ත් අතර වයස අවුරුදු 5ට අඩු අලි පැටවුත් ඉන්නවා උන් හදුන්වන්නේ ( Juvenile ) කියලා.
  • උස අඩි 4.5 ත් 6 ත් අතර වයස අවුරුදු 5ට වැඩි අලි ඉන්නවා උන් අලි පැටව් හැටියට සලකන්නේ නැහැ, උන් තරුණ අලි ( Young Adult ) ලෙස තමයි හදුන්වන්නේ.
  • උස අඩි 6 ට වැඩි අලි තරුණ අලි හැටියට සලකන්නේ නැහැ, උන් වැඩිහිටි අලි ( Adult ) ලෙස තමයි හදුන්වන්නේ.

මට අමතක උන තවදෙයක් තියනවානේ, ඒ තමයි මම කලින් කියුවා වගේ වන උද්‍යාන වල මාර්ගය ආසන්නයේ ඉන්න අලි ඇතුන්ට දේශීය සංචාරකයින් කෑම ලබාදීම ගැන. ඇත්තටම අලි ඇතුන් කියන්නේ සවාභාවික ආහාර රටාවක් තියන සතෙක්. ඒත් අපි ලබදෙන ආහාර වල සමහරක් කෘතිම රසායනික අඩංගුනිසා අලි ඇතුන්ට විවිධ ලෙඩරෝග වැලදෙනවා. ඒනිසාම උන් ඉක්මනින්ම මරණයට පත්වෙනවා. මේ නිසා ඔයාලත් මිට පස්සෙ අලි දැක්කොත් පාර අයිනේ කෑම දෙන්න යන්න එපා. ඒ ක එයාලගේ සවාභාවික ආහාරරටාව වෙනස් කිරිමක්, ඒ වගේම ඔබ කරන්නේ ඒ සතාගේ ජීවිතය අනතුරට දැමීමක්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )