බුදුන්ටත් උපදෙස් දුන් බන්දුල ඇමතිතුමා……


බුදුන්ටත් උපදෙස් දුන් බන්දුල ඇමතිතුමා……

ආසියාවෙ මුතුඇටේ කියලා ඈත අතීතයේ කියපු, දැන් ආසියාවේ ආශ්චර්යය කරන්න හදන , ඒත් ආසියාවේ අමුතුම වැඩ කෙරෙන ආසියාවේ අමුතුඇටේ වෙන කොහෙවත් නෙවේයි, ඉන්දියන් සාගරයේ කදුලු බි0දුව කියලා ඉස්සර කියපු අපේ මේ ශ්‍රී ල0කාවේ රටටම දැණුම බෙදාදෙන බන්දුල ගුණවර්ධන මාමා තමයි අද මගේ කතාවේ ප්‍රධාන නළුවා. ඉස්සල්ලා උඩින් තියන ලිපිය ආපහු හොදට කියවලා බලන්නකෝ………….

මේකේ කියන හැටියට ගරු අධ්‍යාපන ඇමති බන්දුල මාමා තමයි මීට වසර 2600කට කලින් අප මහ තිලෝගුරු සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උපදේශක වෙලා ඉදාල තියෙන්නේ, මොකද එයා කියපු නිසාලුනේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න තිලෝගුරු සම්මාසම්බුදුරජාණන් වහන්සේ තීරණය කරලා තියෙන්නේ. ඉතින් තමන් කරපු වැඩගැන අනිත් ඇමතිවරු මලොකුවට පම්පොරි ගහන1, බෝක්කුවක් හැදුවත් ඊට වියදම් කරාටවඩා වියදම් කරලා ඒක ජනතා අයිතියට පත්කරන්න හදන1 මේවගේ අමුතු රටක, පෙරහැරක් කරලා ලකුණු දාගන්න 1ත් නරකම නෑ. මොකද කරලා තියන වැඩේත් ලෙහෙසිපහසු දෙයක් නෙවේයිනේ. ලෝකෙටම සෙතක් සලසන්න, නිවන් මග හෙලිකරන්න මග සලසලා තියෙන්නේ අපේ බන්දුල මාමා නිසා.
පෙරහැර කරපු1 ගොඩාක් හොද දෙයක්, ආය එකට කියන්න කතාවක් නෑ, ල0කාව වගේ පිරිසිදු නිර්මල බුදුදහම පවතින රටක 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන්න ඔයවගේ වැඩසටහන් කරන්න ඕනි 1 දවසක් විතරක් නෙවේයි. ඔයවගේම දාන ,ශීල, භාවනා වැඩසටහනුත් ස0විධානය කරනවානම් කොච්චර පිනක් ඔබතුමාට හම්බවෙනවද? ඒවගේම රටේ අනිත් මිනිස්සුත් ඔයවගේ යහපත් වැඩ අනුමත කරනව විතරක් නෙවේයි, ඒවා අනුගමනය කරන්නත් පෙළබෙනවා. ඒනිසා කරපු කටයුත්ත හිසනමා අගය කරන අතරේම මම ඒ පෙරහැර හැබැහින් දැකපු කෙනෙක් නිසා මට කියන්න තියෙන්නේ ඒ සද්කාරයට සහභාගි උන ළමා ළපටි වගේම ස0විධානය කරපු සෑම දෙනාටමත් ඒ කරාවු කුසල කර්මයේ පින් ‍රැස්වෙත්වා කියලා ප්‍රාර්ථනාකරනවා.

ඒත් ඇමති මාමේ, ඔයාගේ වටේ ඉන්න මෝඩ ලේකම්ලා ටිකයි, අධ්‍යාපන අධ්‍යක්ෂකලා ටිකයි ගැන මීටවඩා හොයලා බලනවානම් පෙරහැර සවිධානය කරාට වඩා අතිමහත් පුන්්‍යකර්මයක් ඔබතුමාට සිද්දවෙනවා. මොකද ඔබතුමා පාලනය කරන්නේ රටේ එසේ මෙසේ ආයතනයක් නෙවෙයිනේ, රටේ අනාගත පරපුර දැණුමින් සන්නද්ධ කරන්න තබන මූලිකම පියවර සකසන ආයතනයක නිසා. ඔය වටේ ඉන්න ඉන්න මෝඩ ලේකම්ලා ටිකයි, අධ්‍යාපන අධ්‍යක්ෂකලා ටිකයි ඒ අනාගත දරුපරපුරට කරන්න යන විනාශය ඔය තියන ලිපියෙන්ම පේනවා. හරියට සි0හල අකුරු ගලපලා විභාග ප්‍රශ්ණ පත්‍රයක් හදාගන්න  බෑ වගේ නෙවේයි මේ වැඩේ. ඉගෙන ගෙන ඉහලටම ගිහින් තමන්ගේ රටේ අනාගත පරපුර වලපල්ලට යවන මේවගේ අධ්‍යාපන අධ්‍යක්ෂකලාගේ හැටි හැමොටම ඔය ලිපියෙන් බලාගන්න පුළුවන්.ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, ලිපි ශිර්ෂය බලන්නකෝ ඒක අධ්‍යාපන අමාත්‍ය0ශයේනේ, කීදෙනෙක් මේ ලිපිය නිදොස් කරන්න බලන්න ඇත්ද?ඒත් වැ‍රැද්ද හම්බවෙච්ච නැති 1න්ම පේනවා කට්ටියගේ දැණුම මිනුම. අනේ අපේ රටට ගිය කලක්. මීටවඩා හොදයි වෙනරටකට යනවා අපේ පොඩි න0ගිලා මල්ලිලාට උගන්නන්න.

හරියට රාජකාරි ලිපියක් ලියාගන්න බැරි, මිනිස්සු පිරිසක් ඉදිරියේ බයනැතුව සාරවත් කතාවක් කරගන්න බැරි මේවගේ මිනිස්සු නිසා මාමා විතරක් නෙවේයි, මහරජානොත් නිකන් බලුවෙනවා. අනේ මාමේ පින් අයිතිවෙයි රටේ අනාගතය  ඔබතුමාගේ අතේ, ඔබතුමා ගන්න තීරනවලට අනුව ඉස්සරහට රට සකස් වෙයි. රටේ ජනධිපතිතුමා රටේ ඉරණම තීරණය කරනවා වගේ, ඔබතුමා අද ගන්න තීරණ ඉදිරි රටේ දරුපරපුරේ බුද්ධිමත් බව තීරණය කරනවා. ලොකු වගකීමක් ඔබ අතේ.

මේ ලිපිය ගැන පෙන්නුවා වගේ නෙවේයි, මේ ලිපිය කියවන ඔයාලටත් ලොකූ වගකීමක් තියනවා , ඔයාලත් මීට පස්සේ ලොකු හෝ පුන්චි හෝ වැඩක් කරත්දි ඒ කරන වැඩේ ගැන හොදට හොයලා බලන්න, කිසිම අඩුපාඩුවක් වෙන්න ඉඩතියන්න එපා. 100% ම කරන දේගැන අවධානය යොමුකරන්න කියලා මම මේ වෙලාවේ ආදරයෙන් ඉල්ලාසිටිනවා. එතකොටයි කරන වැඩේ සාර්ථක වෙන්නේ.ඒ වගේම රටක දියුණුවටත් ඒක ලොකු උපකාරයක් වෙනවා.

මේ  ගැන රටේ ජනතාව හැටියට අපි හොද අවදියෙන්…

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )