මට උදව් කරන්න පුළුවන්ද ඔයාට……


මම GREEN MAP SRI LANKA  කියලා Facebook 1 පරිසරලෝලීන්ගේ මිතුරු එකතුවක් හදාගත්තේ 02/01/2010, පළමු අවුරුද්ද ඉවරවෙනකොට 236ක් සාමාජිකයින් එයවටා එකතුවෙලා මාත් එක්ක පරිසරය සුරකින මිනිසුන් පිරිසක් බිහිකරන්න මට ගොඩාක් උදව් උනා. අපේ සාමාජික පිරිසගේ ආකල්ප ලොකු වෙනසකට ලක් කරලා පරිසරයට ආදරය කරන පිරිසක් බිහිකරන්න මට පුලුවන් උනා, මේ වසරේ GMSL වටා ලොකු පිරිසක් තවත් එකතුවුනා. දැන් 750කට අධික සොභාදහමට ආදරය කරන ඉතා වටින පිරිසක් කණ්ඩායමතුල තමන්ට හැකි ආකාරයට ක්‍රියාකාරීව කටයුතු කරනවා. දැනුම, සතුට, විනොදය බෙදාගන්න විතරක් නෙවෙයි, පරිසරය විනකටින්න හදන පිරිසට මෙන්ම, අසාධාරණයට විරුද්ධව කටයුතු කරන්නත් Green Map Sri Lanka අපි එකමුතුවෙලා වැඩකරා.

Green Map Sri Lanka අපේ සාමාජික හැමෝම ස්වෙච්චාවෙන් මේ හැමවැඩක්ම කරේ ඇත්තටම පරිසරයට තියන ආදරයනිසා. එහෙම කටයුතුකරපු හැමෝටම පුන්චියට හරි ස්තුතිකරන්න මම මේක අවස්ථාවක් කරගන්න ගමන්ම, ඉදිරියටත් GMSL අපි එක පවුලක් වගේ පරිසරය සුරකින්න කටයුතු කරනගමන් අපි අතරේ දැනුම බෙදාහදාගන්නත් උත්සාහ කරමු. Facebook, twitter වගේ සමාජ සම්බන්ධතා සේවා තියෙන්නේ නිකන් කාලය නාස්තිකරලා දාන්න නෙවෙයිනේ, ඒනිසා අපි රටට, ලෝකයට, පරිසරයට යහපතක් සේවයක් කරන්න එය යොදාගත්තා. ඒගැනත් GMSL අපිට ලොකු අඩම්බරයක් තියනවා.

ඉදිරියට අපේම කියලා වෙබ් පි‍ටුවක් එළිදක්වන්න වගේම , අපේ ක්‍රියාකාරීත්වය සමාජගත කරන්නත් වැඩ කටයුතු මේ දිනවල සම්පාදනය කරගෙන යමින් පවතිනවා. දැනටමත් පාසල්, විශ්ව විද්‍යාල කිහිපයක්ම අපි සමග කතාකරලා තියනවා මේ එකමුතුව සයිබර් අවකාශයෙන් ඔබ්බට ගෙනවිත් ඒ  අයත් සමගත් සැබෑජීවිතය සමගත් ගැටිලා සේවයක් කරන්න එකමුතුවක් හදන්න. ඉතින් මට තනියම මේ වැඩේ කරන්න අමාරුයි, ඔයාලගේ සහයෝගය මට ගොඩාක් උවමනා වෙන කාළයක් මේක. ඔයාල පුළුවන් විදිහකට අපිත් සමග එකතු වෙන්න අපි ඉස්සරහට කටයුතු කරනවා, ඒතකන් Facebook  1 අපේ Group 1 ඔයාලට සාමාජිකයෙක් වෙන්න කියලා ආරාධනා කරනවා. මේ බ්ලොග්1  Green Map කියන පි‍ටුවෙ තියන  රූප 2 ක්ලික් කරලා හරි ඉහලතියන යොමුව ක්ලික් කරලා හරි ඔයාට එකතුවෙන්න පුළුවන්.

අපි එකතුවෙලා ලස්සන ලෝකයක් හදන්න අපේ සොබාදහම් මාතාව සුරකිමු..

Advertisements

One thought on “මට උදව් කරන්න පුළුවන්ද ඔයාට……

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )