වත්මන් සරසවි සිසුවාගේ කලාකාමීත්වය කොයිබද?


විශ්වවිද්‍යාලයකට පයගහන්න උසස්පෙළ කරන කාලේ අපි කොච්චර දුක්වින්දද කියලා මතක්වෙත්දිත් දැන් ඇගට පණ නෑ වගේ. අපි විතරක් නෙවේයි, අපේ අම්මලා,තාත්තලා,ගුරුවරු කොච්චර දුක්වින්දද? එහෙව් 1 සරසවියට පයගන්න ලැබෙන1ම ඒ දුක්විදපු හැමෝටම හිතට ලොකූ සතුටක් නේද? අන්න එහෙම දුක්විදලා සරසවිය කියන සුන්දර  පුදබිමට පයතබපු අපි වගේම මේ පුදබිමට පයතබන්න තවමත් දහසකුත්1ක් දුක් විදින තවත් පිරිසක් මේ මොහොතේත් තම අධ්‍යාපන කටයුතුවල නිරතවෙනවා.සරසවිය කියන තැනට අද රටේ එක එක කතා කියනවා, එක එක දේශපාලන මතවාද මත සරසවි සිසුවා හට විවිධ අර්ථකතන ලබා දෙනවා. අපි ඒවා මොහොතකට අමතක කරලා සරසවි සිසුවාගේ විෂය ප්‍රධාන පථයට හසුනොවුනත් ඔවුන් වඩාත් ස0වේදිවන තවත පරාසක් ගැන කතාකරන්නට බලමු. එනම් වර්ථමාන සරසවි සිසුවාගේ කලාකාමීත්වය පිළිබදව කතාකරන්නට මොහොතක් කාලය යොදමු.

ඉස්සර සරසවිබිම කියන්නේ කලා හැකියාවෙන් පිරිපුන් සරසවි සිසුවාට දෙව්ලොවක් වගේ විවාද, ස0ගීත සන්ද්‍යාවන්, වීදි නාට්‍ය, වේදිකා නාට්‍ය, සිනමා සිත්තම්, චිත්‍ර ප්‍රදර්ශණ එකී මේකී නොකී සෑමදේටම ඕනෑතරම් ඉඩකඩ, පහසුකම්, මානව සම්පත්, ගුරුහරුකම් ලැබුනා වගේම තිබුනා.  ඒනිසාම වඩාත සුන්දර, ගුණාත්මක, හරබර කළාකෘති බිහිවුනා වගේම ශ්‍රිලා0කීය කලා පරපුරට කලාකාමීත්වයෙන් අනූන කලාකරුවන් පිරිසක් දායද වුනා. ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී කියන්නේ අදටත් කලා කටයුතුවල නිරතවෙන සියගණනක්වු එවන් කලා පරපුරක ජනප්‍රිය පුරුක් තමයි.

නමුත් වර්ථමානයේ සරසවි සිසුවගේ කලාකාමීත්වය, රසවින්දනය , ක්‍රියාශිලිභාවය කොයි අතට ගමන් කරනවාදැයි අපි මදක් අවධානය යොමුකරලා බලමු. ප්‍රධාන රාමුව වන අධ්‍යාපනයෙන් මිදිලා, ක්‍රීඩාවට, කලාවට, ආගමදහමට, ස0ස්කෘතියට වර්ථමාන සරසවි සිසුවා යොමුවීම වසර ගණනකසිට ක්‍රමානුකූලව අවම වෙමින් පවතින බව සරසවි සිසුවෙක් හැටියට මම අත්දු‍ටුදෙයක්,  ඒනිසා වර්ථමාන සරසවි සිසුවා පොතට සීමාවුන ළි0 මැඩියෙකුගේ තත්වයට ක්‍රමයෙන් පත්වෙමින් පවතිනවා. ඒ ව්‍යසනය අතරතුරත් අතලොස්සක් පිරිසක් ඒ ළි0 මැඩි ස0ස්කෘතියෙන් සරසවි සිසුවා ගලවාගන්නට දත කනවා අපි කාටවත් දකින්නට නොලැබීම කණගා‍ටුවට කරුණක්. ඒ පිරිසට සරසවි පාලකයිනුත් උදව් උපකාර කරනවා වෙනුවට තවත් කෙනහිලිකම්, ‍රැග්1, දේශපාලන මතය සහ තවත් කාරනාමත වලක්වන්නට වල කපන්නට සූදානම් වීමත්, දැනට වල කපමින් පැවතීමත් ඉතා නින්දිත ක්‍රියාවක් හැටියටයි මා දකින්නේ. ඒකෙන් මේකෙන් වෙන්නෙ කලාවට, ක්‍රීඩාවට ආදී විෂය බාහිර ක්‍රියාකාරකම්වල යොමුවීම තවත් අවමවෙන1 විතරක් නෙවෙයි, කරන පිරිසත් එපවෙලා ඉන් ඉවත්වීම තවතවත් වැඩිකිරීම පමණයි.

පේරාදෙණිය සරසවියේ වල, නැත්නම් එලිමහන් ර0ග පීඨය දැන් ඉස්සරවගේ නිතර නිතර කලැ එළිවෙන්නේ නැහැ. සබරගමුවේ පණිභාරත එලිමහන් ර0ග පිඨය ඉදලාහිටලා කළා කටයුත්තකට යොදාගන්නවා හැර වැඩිපුරම භාවිතාකරන්නේ අධ්‍යන කටයුතුකරන සිසුන්ට අමතරව පෙම්වතුන්. අනිත් සරසවි වලත් කලා කටයුතුකරන්න තියන තැන් පාළුවට ගිහින්. බේතකටවත් කොල්ලෙක් තියා බල්ලෙක්වත් හොයාගන්න නෑ ඒවගේ කටයුත්තක් ගැන කතාකරන්නවත්. කැළණියේ ක්‍රීඩාපිටියේ ක්‍රීඩාගාරය යන්තම් සද්දබද්දවලින් පිරෙනවා නාට්‍ය හා ර0ග කලාව හදාරන සිසු සිසුවියන් පුහුණුවීම් කරනකොට. එයාලගේ කෙරුවාවත් ඉස්සරහට කියන්නම්.

දැන් සරසවිවල කළාඋළෙලවල් පවත්වන්න විදිහක් නෑ අයුතුවිදිහට සිසුන් ඒකරාශී වෙනවා කියලා සරසවි පරිපාලනයේ බරබරේ, ජපුරේ එහෙම එකතුවුනොත් ලොක්කට එරෙහිව කුමන්ත්‍රනය කරනවා කියලා පන්ති තහනම් කරනවා දෙකක්නෑ, ඒ නිසාම ජපුරේ කලා ප්‍රස0ගය වසරක දෙකක ඉදලා පවත්වන්න විදිහක් නෑ. සබරේ ” පිරිහිබිනි දියවර “ කලා ප්‍රස0ගය ගියවසරේ ඉතා ඉහලින් කරාට මොකද මේ වසරේ කරන්න විදිහක් නෑ කිසිම ශිෂ්‍ය ස0ගමයක් එහේ පිහිටවලා නැතිනිසා කලා කටයුතු කරන්න යන ලොකු වියදම පියවාගන්න කැටයක් යන්න තත්වයක් නැතිනිසා, මෙහෙයවන්න පිරිසක් හිටියට නීතිමය බලයක් නැතිනිසා. රජරට ” වෑදිය නිල්ල” ත් වේලිලා ගිහින් අනිත් සරසවිවල තත්වයත් එහෙම තමයි.

කනින් කොනින් ඇහෙනවා සබරේ කට්ටිය ටිකක් එකතුවෙලා පොඩියට හරි කලා උළෙලක් කරන්න හදනවා කියලා, අමාරුවෙන් බරපැණ හොයගන්න මහන්සිවෙනවලු, ජපුරෙයි, පේරාදෙණියෙයි සරසවිවල පිඨ වශයෙන් පොඩිපොඩි උත්සාහයවල් දරනවා කියලා ආරන්චීයි. එහෙමහරි ආපහු පොඩි උත්සාහයක් දරනවානම් ඒ මුලිකත්වය ගත්ත පිරිසට මගේ ප්‍රණාමය පිරිනමන අතරම, ඔබත් ඒ සරසවියේ සිසුවෙක් සිසුවියක් නම්,ඔබත් ඒ කලා කටයුතුවලට ඔබත් සහායවන මෙන් ඉල්ල සිටිනවා. එහෙමහරි ලා0කීය කලාකෙතට රන්වන් අ0කුර කලාකරුවන් පිරිසක් බිහිවෙනවානම් කෙතරම් පිනක්ද? අද රූපවාහිනිය, සිනමාව, වේදිකාව, ගුවන්විදුලිය ජයගත්ත ප්‍රබුද්ධ කලා කරුවන් නොමැතිදාක ඒ අඩුව පුරවන්නට පිරිසක් බිහිවීමත් ලොකු දෙයක්. අද රූපවාහිනියේ ප්‍රචාරයවන නාට්‍ය, ගීත, වැඩසටහන් දැක්කාම රටේ නළුනිලියන්, නිවේදකයින් නිවේදිකාවන්, ගායකයින් ගායිකාවන් ගැන පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ. ලාමක හැසිරීම, කතාබහ, රගපෑම් විතරක් නෙවෙයි විලාසිතා පවා සමාජය නොමග යවන, සමාජයෙන් ගැරහුම් ලබන තැනට පත්වෙලා. ඒ නිසා ගුණාතමක කලා කරුවන් පිරිසක් බිහිකරන්න මුල්වුන සරසවි කලා කෙත අස්වද්දන්නට අපි ටිකක් සරසවි සිසුවා දිරිමත් කරමු. මොකද සරසවි වලට යන්නේ රටේ ඉහලම බුද්දිමත් සිසුන් පිරිසක් නිසාත්, එලියට එන්නේ උපාධිධාරින් නිසාත් පමණක් නෙවෙයි, ඔවුන් රටේ ඉහල තනතුරු දරන්නට සුදුසුකම් ලබන නිසා ඔවුන් යටතේ වැඩකරන පිරිසත් යහමගට ගන්නට, කලා රසිකත්වය උසස් මට්ටමකට ගෙන එන්නට පහසුවීමත් එක හේතුවක්.

සරසවි සිසුවා කියන්නේ අපි හැමදාම දකින අසාධාරණයට විරුද්ධව කෑගහන, කලහකාමීව හසිරෙන පුද්ගලයෙක් විතරක් නෙවෙයි, රටට වැඩදායි යමක් කරන ඔබ අපි වගේම ලේ, ඇට, මස්, නහර තියන ස0වේදී මිනිසෙක් කියන එකත් අමතක කරන්නට එපා. ඔවුන්ගේ හැකියාවන් අපතේ යන්නනොදී වැඩක් ගන්න ඉඩදෙන්න. ඔවුන්ගේ හඩට සවන් දෙන්න, අලුත් ලොවක් තනන්නට ඔවුන්හට දිරියක් වන්න ඔබටත් පුලුවන් උපකාරයක් දෙන්න. සරසවි සිසුන් දිහා වප‍රැසින් බලන්නට ඔබට පුරුදුකල කෙනා කවුරුවුවත්, දැන් දෑස් විවරකර ඔවුන් හදුනාගන්න. අනාගත කලාකෙත අස්වද්දන්න ඔවුනටත් හැකු ඉඩක් ඔබත් ලබාදෙන්න.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )