අලියෙකු මරණ පව්කාර මිනිසෙකු දුටිමි..


දිනය පසුගිය 2011.11.11, වේලාව උදෑසන 8.20, ස්ථානය උඩවලව ජාතික වන උද්‍යානය. මම 11 වෙනිදා ගෙදර ඉදලා කොළොම් පුරවරයට එනගමන් හිටියේ. මම මොණරාගල – කොළබ බස් රථයේ දකුණු පැත්තේ හැමදාම ඉදගන්නේ තණමල්විල ඉදලා උඩවලවට යනකන් උඩවලව ජාතික වන උද්‍යානයේ ඉන්න අලි බලන්න ආසාව නිසාම විතරක් නෙවෙයි. උඩවලව ජලාශය බලාගන්න තියන ආසාව නිසායි. ඔය එන ගමනෙදි හැමදාම අලි 5-10 ත් අතර ගණනක් දකිනවාම තමයි. ඊට අමතරව උඩවලව ජලාශයේ ජල මට්ටම කාලෙන් කාලෙට වෙනස් වන හැටිත් මම ආසාවෙන් බලගෙන හිටියා. ඒ පරිසරයට ගොඩාක් ආදරය කරන මගේ හැටි, පරිසරයේ පුන්චි වෙනසත් මට තදින් දැනෙන කෙනෙක් නිසා මම ඒ පුන්චි වෙනසත් ලොකුවට හිතන්න, තේරුම් ගන්න, රසවිදින්න පුරුදුවුනා.  

මට මේ සිද්දියවුන 11 දාත් මම බස් රථයේ එනගමන් වෙනදා වගේම අලි බල බල ආවා, හැමදාමත් දකින දෙයක් තිබුනා මට කියන්න අමතකවුන, ඒ තමයි වන උද්‍යානය හා ගම්මාන වෙන්කරපු විදුලි වැට. මේ නිසා තමයි උඩවලව වන උද්‍යානයත් ඒ අවට ගම්මානත් අතර  වන උයනේ සීමාව. මේනිසා වල් අලි ගම්වැදීම පාලනය කරලා අලි මිනිස් ගැ‍ටුම් අවම කරන්නත් හැකිවෙලා තිබුනා. ප්‍රධාන මාර්ගය අයිනට වෙන්න තිබුන විදුලි වැටේ කණුවල හැමතැනම ගහලා තිබුනා වනසතුන්ට ආහාරදීමෙන් වලකින්න කියලා. ඒකට හේතු තිබුනා, ඒකක් තමයි වන සතුන් හට තමන්ගේ පුරුදු ස්වභාවික පරිසරයේම ඉන්නට  අවස්ථාවක් සලසා දීම, අනෙක තමයි සතුන්ට අහිතකර ආහාර උන් ආහාරයට ගැනීම වලක්වා උන් අසනීප, ලෙඩරෝගවලට ලක්වීමෙන් වලක්වා ගැනීම.

මම එන බස් 1 එකපාරටම නැවැත්තුවා වන උද්‍යානයට ප්‍රතිවිරුද්ධව පාර අයිනේ තියන පුන්චි පළතුරු කඩයක් ගාව, මම හිතන්නේ රියදුරු මහත්තයාට මොනවාහරි ගන්නතියන උවමනාවට. එතනම වන උද්‍යානය ඇතුලේ අලි 2 නෙක් ඉන්නවා පාර දිහා බලාගෙන, ඔයවෙලාවෙ බස් රථයට ඉස්සරහින් නවත්තලා තිබුන වන්දනා ගමනක් යන කොළබ පැත්තෙ මහත්වරු පිරිසක් සිලි බෑග් වලට දාපු මොනවදෝ දෙයක් අර අලි ඉන්න දිහාවට විසි කරා. මමත් බැලුවා ජනේලෙන් ඔලුව දාලා ඒ මොනවද කියලා, නමුත් පෙනුනේ නැහැ. අලි2ගෙන් 1කෙනෙක් ඒ මල්ලම හොඩයෙන් අරගෙන කටට දාගන්නකොට කොමඩු බෑයක් වැ‍ටුනා බිමට. එතකොටයි මම දැනගත්තේ අර මනුස්සයා පොලිතීන්වල දාලා දුන්නේ කොමඩු කියලා. මට යකා නැග්ගා, ඇයි දෙයියනේ පොලිතීන් අපිවත් ආහාරටය ගන්නේ නැතිකොට අලින්ට කන්න පුළුවන්ද? පොලිතීන් ඉක්මනින් දිරානොයන දෙයක් කියලා ඕනම පොඩි1ක් දන්න එකේ මෙච්චර ඉගෙන ගත්ත මේ මනුස්සයා නොදැන ඉන්න එකගැනත් මට පුදුම හිතුනා. එහෙම1 මොන මගුලකට සිලි මල්ල එක්කම මේ කෑම දෙන්නේ. එක්කෝ සිලි මල්ල නැතුව දෙන්නඕනි. නැත්නම් ඔච්චර ඇස්දෙකටම පේන්න තියන “වන සතුන්ට ආහාර දීම දඩුවම් ලැබියහැකි වරදකි” කියන දේ දැකලා ආහාර නොදී ඉන්න ඕනි. ඒක නොදැක්කා කියන්නත් අමාරුයි. ඒත් එතන ලොකුවට ගහලා තියෙත්දි නොපෙනෙන්න ඒ මනුස්සයා අන්ධයෙක් වෙන්න ඕනි, නැත්නම් අකුරු කියවන්න බෑ. නැත්නම් මෝඩකම. මම නම් හිතන්නේ මේ 3ම කියලා.


Advertisements

2 thoughts on “අලියෙකු මරණ පව්කාර මිනිසෙකු දුටිමි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )