අති සුන්දර ආදර කන්ද තරණය කළ අපි ( පළමු කොටස )


පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසල තියන හන්තාන කන්ද තරණය කරන්න කෙතරම් පිරිසක් ආසද, විශේෂයෙන් සරසවි සිසුන්, පරිසරවේදීන් මේ චාරිකාවට ඉමහත් ආදරයක් දක්වනවා.ඒ පරිසරයේ සුන්දරත්වය නිසාම විතරක් නෙවෙයි, ඒ ගමන් චාරිකාවේ තියෙන සතුට, කෙලිකවට කම වගේම සරසවි සිසුන්ටනම් තමන්ගේ අනාගත සහකරු හෝ සහකාරිය මුන ගැහෙන්නත් මේ චාරිකාව හේතුවෙනවා. අන්න ඒ වගේම සබරගමුව විශ්ව විද්‍යාල සිසුන්ටත් විශ්ව විද්‍යාලට මෙපිටින් තියෙන අති සුන්දර ආදර කන්ද ඉතාමත් වැදගත්, මොකද අනිත් මොන විශ්ව විද්‍යාලයක්, ආයතනයක් තමන්ගේ චාරිකා සදහා හන්තාන ‍තෝරාගත්තත් සබරෙ කොල්ලො කෙල්ලො එයාලටම ආවේනික උන ආදර කන්ද තමයි වාර්ශිකව පිඨ වශයෙන් තරනය කරන්න ‍තෝරගන්නේ. ඉතින් මම අද අති සුන්දර ආදර කන්ද තරණය කළ අපි ලිපිය තිලින් මගේ දෙවන ආදර කන්දු තරණය ගැන ඔයාලට කියන්න තීරණය කලා.

සබරගමුව සරසවියෙන් පටන් අරන් පබහින්නට ඇවිත් බදුල්ල – කොළබ පාරේ 160 වෙනි කිලෝමීටර් කණුව අසලින් ගමන් ආරම්භ කළ අපිට ඉතා සුන්දර පරිසර පද්ධති කිහිපයක්ම ගමන අතරතුර දැක ගන්නට ලැබුනා. වනාන්තර, පයිනස් වතු, පතන් බිම්, කුරු ශාක සහිත වනරොද, මල් ගොමුවලින් පිරි කදුකර තෘණ බිම් ආදිය දක්නට ලැබුනා. ඒ වගේම අධික බෑවුමක් සහිත මාර්ගයක් රහිත කදු මුදුනකට මාර්ගයක් සකසාගෙන ඉතා වෙහෙස මන්සිවෙලා තරණය කිරීමත් ඉතා සුන්දර අත්දැකීමක්. මීදුම් පිරුණු කදුමුදුනට ලගාවනවිට අපව වෙලාගත් මීදුම නිසා හිරිගඩු පිපෙන තරමට, අපිව වෙව්ලා යනතරමට සීතලක් දැන්නට පටන් ගත්තා.

හොදම අත්දැකීම වුනේ අ0ශක 60 – 70ක ආනතියකින් තිබුන කන්ද තරණය කරත්දී මුනේ දණ හිස ගැවෙන්න තරමට අමාරු වුන එකයි.

….

Advertisements

2 thoughts on “අති සුන්දර ආදර කන්ද තරණය කළ අපි ( පළමු කොටස )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )