සරසවියේ අපි කරන හොද වැඩවලට සමාජයේ තැනක් ඇත්තේම නැද්ද????


වැඩි වැල් වටාරම් ඕනිනෑ, අපි කරපු වැඩේ හොදද කියලා බලලා ඔයාලම තීරණයක් ගන්නකෝ…. ඊට පස්සෙ ඔයාලගේ අදහස් කියන්නකෝ…..

සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ 2 වන වසර සිසුන් 2011 වසරේ සාමාන්‍ය පෙළ ලියන දුෂ්කර ප්‍රදේශවල වෙසෙන න0ගිලා මල්ලිලාට එයාලගේ විභාගයට උපකාරයක් වෙන්න සම්මන්ත්‍රණ මාලාවක් කරන්න බිබිල වෙල්ලස්ස ජාතික පාසලට ගියා පසුගිය දෙසැම්බර් 5-6 දිනවලදී. මීට සමගාමීව එම පීඨයේම පළමු වසර සිසුන්ද කන්තලේ ජාතික පාසලේත් දින 3ක සා/ පෙළ සම්මන්ත්‍රණ මාලාවක් කරා. මේ කාර්යය සබරගමුවේ ව්‍යවහාරික විද්‍යාපීඨයෙන් වසරක් පාසා කෙරෙන කටයුත්තක් දැන් ගොඩකාලෙක ඉදලා.

අධ්‍යාපනය හදාරන්න ආපු න0ගිලා මල්ලිලා හැමෝටම විභාග ප්‍රශ්න පත්තර කට්ටලයක් දුන්නා, ගණිතය, විද්‍යාව, ඉ0ග්‍රීසි විශයන් වලින්. පුන්චියට හරි උදව්වක් එයාල වෙනුවෙන් කරන්න හිතලා File 1 එක්ක පෑනකුත් ලබාදුන්නා…..සරසවියේ අපිට ඉගෙන ගන්නවට පඩියක් ලැබෙන්නෙත් නැති එකේ අපේ අම්මලා තාත්තලා අමාරුවෙන් හම්බ කරන මුදලින් අපිට එවන කොටසිනුත් අපේ හැම වැඩක්ම කරගෙන ඉතුරු කරගත්ත මුදලින් මහලොකු දේවල් කරන්න අපිට බෑ.. ඒත් අපිට පුලුවන් උපරිමයෙන් අපි හැම දේම කරා….

කාටහරි මේ ගැන හිනාවෙන්න පුලුවන්, මුන් මේවා දීලද මෙච්චර පොර ටෝක්ස් දෙන්නේ කියලා. මොකද තමන්ගේ වියදමට තිබුන මුදලින් අමාරුවෙන් කොටසක් ඉතිරි කරලා මේවගේ වැඩක් කරන්න අනිත් අයට නැති උනක් අපිට තිබුන නිසා තමයි පුන්චියට හරි තෑග්ගක් එයාලට දුන්නේ. අනික ආපු හැමෝටම… ඒ කියන්නේ 350කට විතර.. ඉතින් ඒකට විතරක් ඒ පොඩිදේට විතරක් 3500ක් වියදම හිතලා බලන්නකෝ ඔයාලම ප්‍රශ්න පත්තර, ෆයිල් මුද්‍රණය කරන්න ගිය වියදමත් .

කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැතුවරැයක් දවාලක් කියල වෙනසක් නැතුව තමන්ගේ මහන්සිය බලන්නේ නැතුව, අධ්‍යාපන කටයුතු ටිකකට අමතක කරලා, තමන් වගේම අහින්සක බලාපොරොත්තු තියාගෙන් සරසවියට පියනගන්නට පෙරුම් පුරන අහින්සක පිරිසකගේ අනාගතයට මූලික අඩිතාලම දාන්නයි මේ උත්සාහය.

හැමදාම රටේ ජනමාධ්‍යය සරසවි සිසුන් හදුන් වන්නේ හරියට ත්‍රස්තවාදීන් පිරිසක්, උග්‍ර JVP කාරයෝ පිරිසක්, නැතිනම් හැදියාවක් නැති නරුමයෝ පිරිසක් හැටියටනේ… ඒ එහෙම කියන්නට හේතුව ඔවුන් කරන විප්ලවවාදී දේවල් විතරක් උළුප්පලා පෙන්වන නිසා විතරයි. වරදකදි, අසාධාරණයකදි, උවමනාවකදි ඒගැන කියලා සමාජයට ඇත්ත තත්වය පහදන්නේ නැතුව උඩබලාගෙන, වෙනදෙයක් වෙච්චදෙන් කියලා ඉන්න ජාතියක් නෙවෙයි සරසවි සිසුන් කියන්නේ. වෙනදෙයක් වෙච්චදෙන් අපිට මොකද අපිට රට හදන්න බෑනේ කියලා හැමදේකදිම හිතන පිරිසක් ඉන්න නිසාතමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ආකල්පත් වෙනසක් කරගන්නට මේවා කියවන ඔබත් හිතට ගත්තොත් නරකද? එහෙම උනොත් ටිකක් හරි වෙනසක් සමාජයට, රටට යහපත් ආකාරයට කරන්නට ඔබටත් මටත් පුළුවනි, එහෙමනේද ????

සරසවි සිසුන් කරන හොද වැඩකට කිසිම වටිනාකමක් නොලැබෙන නිසා ඒවා මාධ්‍යයෙන් විකුනගෙන කන්න බැරිනිසා කිසිම තැනක කියවෙන්නේවත් නෑ. අපි කරපු වැඩේ ප්‍රසිද්ධ කරගන්න අපිට උවමනාවක් නැහැ, ඒත් හැමදාම සරසවි සිසුන් ගැන නරකම කියන එකේ අපේ හොදවැඩත් සමාජයට යන්න ඕනි කියන මතයේ අපි ඉන්න නිසයි මෙහෙමහරි කියන්න හිතුවේ. මොකද බ්ලොග්1 කියවන්න එන්නේ මෝඩයෝ පිරිසක් නෙවෙයි කියලා මම හිතන නිසා..

Advertisements

7 thoughts on “සරසවියේ අපි කරන හොද වැඩවලට සමාජයේ තැනක් ඇත්තේම නැද්ද????

  1. thilanka පවසයි:

    ලංකාවෙ ජනමාධ්‍යය විතරක් නෙවෙයි ලෝකෙම එහෙම තමා. කැම්පස් එකේ කොල්ලො කෙල්ලො හොද වැඩක් කරාට ප්‍රසිද්ධියක් දෙන්නෙ නෑ. සෝමා එදිරිසිංහ වැසිකිලියක් විවෘත්ත කරොත් ඒක තමා ප්‍රවෘත්තිය. මොනව වුනත් ලිපිය ලියල තියෙන ‍ශෛලියට වැඩේ වටිනාකම අඩු වෙනව වගේ. අපි වැඩක් කරන්න ඕන කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.

  2. ඔව්ව ඔහොම තමයි සහෝදරයා…. ඵල ඇති රුකට තමා කවුරුත් ගල් ගහන්නෙ….. ඔය දේවල් ගනන් ගන්න එපා…. ඔය ජනමාධ්‍ය වල ස්වභාවය ඔහොම තමයි…. අපේ හිතේ තියෙනවානෙ අපි කරපු දේ….

    • ඔබ හිතන්නේ අපි ගොම ගොඩක් කියලානම් අපිව මොන එහෙකටද සරසවියට ගත්තේ. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, ඔබ කියන ගොම වගාවන් සාරවත් කරන්නට පොහොර හැටියට යොදාගන්න නිසා. රටේ උගත්ම පිරිසක් බිහිකරන ආයතනයට යන අය ගොම රිටිනම් ඔබවැනි මහත්වරු මිනිකැට වන්නට පුළුවන්. ඒත් මතක තබාගන්න සරසවි සිසුවා රට සාරවත් කරන්නට යන ගොම පොහොර බව. ඔබත් මාධ්‍ය වලින් පෙන්වන දේන් සරසවි සිසුවා මනින්නට යනවානම් ඔබද ගොම ගොඩකට එහාගිය වැසිකිලි වලක සිටින කෙනෙක් බව මතක තබාගන්න. මන්ද යත් රටේ ජනමාධ්‍යය වල හැසිරීම කවුරුත් හොදින් දන්නා නිසාවෙන්.

  3. විසිතුරු | visituru පවසයි:

    හරිම වටින වැඩක්!

    ප.ලි – ලංකාවේ හැම සරසවියකම ඔය වගේ සමාජ සත්කාර සිදුවෙනවා. අපෙත් කෙරෙනවා. නමුත් කියන්න කණගා‍ටුයි සහෝ! ඕවාට මාධ්‍ය අවධානය යොමු වෙන්නෙ නෑ. මොකද කුණු රසයක් නෑ නොවැ. නමුත් අපිට අපේ හිතේ සතුට හැමදාටම ඉතුරුයි.

    ජය!

  4. ඔබේ කතාව සහතික ඇත්ත සහෝදරය… අපි මොරටුව සරසවියෙන් ප්‍රදර්ශනයක් කරන්න සූදානම් වෙලා ඒ ගැන දැනුවත් කරන්න ප්‍රවෘත්ති සාකච්චාවක් කැඳවල, ඒ වෙනුවෙන් සහභාගී උනේ මාධ්‍ය ආයතන 5 – 6 ක්. ඒ අතරේ ප්‍රමුඛ මාධ්‍ය ආයතනයකට හිටියේ රූපවාහිනිය විතරයි… ප්‍රදර්ශණයට මාධ්‍ය ආවරණය ලබාදෙන්න කියල ආයතන 40 කට විතර ෆැක්ස් පනිවිඩ යවලත්, ආවේ 2යි.

    ඒත් සුලු ගැටුමක් වාර්තා කරන්න නම් ඔක්කොම මාධ්‍ය කාරයො ටික එනව… ලෝකෙටම පොර ටෝක් දෙන හැම මාධ්‍ය කාරයම ඔහොම තමයි….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )