Green Map Sri Lanka අපේ කට්ටියගේ අලුත්ම සමාජ සේවා කටයුත්ත.


Green Map Sri Lanka අපේ කට්ටිය පසුගිය වසර 2ම කරේ  facebook 1 අපෙ පරිසරයට ආදරය කරන්නන්ගේ මිතුරු සමාජයේ සාමාජික පිරිස වැඩි කරගන්න අතරෙම ඔවුන්ගේ දැනුම, ආකල්ප, රසාස්වාදය වැඩිදියුණු කරගන්නට අවස්ථාවක් වේදිකාවක් සලසාදෙන්න මහන්සි වුන1නේ. ඉතින් ඔය ගමනෙදි අපිට වසර 2 ඇතුලත 930කට අධික පිරිසක් අපවටා එකතු කරගන්න පුලුවන් වුනා.

ඉතින් අපි තීරනය කරා අපි හැමදාම facebook 1 විතරක් මේ වැඩේ කරන්නේ නැතුව ඉන් පිටට ඇවිත් රටේ අනිත් අයටත් මේ පරිසරය ‍රැකගන්න , පරිසරයට ආදරය කරන්න සාමාජයීය වගකීමක් තියෙනබව  පෙන්නලා දෙන්න ඕනි කියලා.ඒනිසාම අපි තීරණය කරා අලුත් වැඩක් කරන්න ඕනි කියලා. ඔන්න ඔය අතරෙදි තමයි නඩේගුරා කණ්ඩායමේ අරවින්ද කියන මිත්‍රයා මට කියුවේ ඔවුන් සිරීපාද වන්දනා සමයට කලින්, ඊට කලින් වාරෙදි වන්දනා කරුවෝ විසින් දාලා අපවිත්‍ර කරලා ගිය සිරිපා ගමන්මගේ තිබුන පොළිතීන්, ප්ලාස්ටික් වගේ දිරානොයන දේවල් ඉවත් කරන කාර්යයක් කරන්න යනබව. ඉතින් මටත් සහයෝගයක් දෙන්න පුලුවන්ද ඇහුවා. මමත් එකපයින්ම කැමති වුනා. ඒ කාර්යය වඩාත් සාර්ථක කරගන්න ඒ පිරිසිදු කරායින් පස්සේ නැවතත් වන්දනා කරුවන් ඒ පරිසරය අපවිත්‍ර කරන1 වලක්වා ගන්න පොළිතීන් ‍රැගෙන යන්න එප කියලා සදහන් වුන බැනර් වගයක් ඩෙටොල් අනුග්‍රහයෙන් ලබාගන්නත් ක්‍රියාකරා.ඒ කටයුත්තට මට ඩෙටොල් සමගමේ නියෝජිත ශිරාන් අයියා ගොඩාක් උදව් වුනා.

ඒත් මගේ අවාසනාවකට මගේ මිතුරු පිරිසට ඒ ගමනට සහභාගී වෙන්න බැරිවුනා නොවැලැක්විය හැකි හේතුවක් නිසා.ඒගැන මම ගොඩාක් දුක් වුනා වගේම මගේ යාළුවෝ පිරිසත් ගොඩාක් දුක්වුනා. ඒත් අපි අපේ වැඩේ අත්හැරියේ නැහැ. අපි කට්ටිය එකතුවෙලා අ.පො.ස සා/පෙළ න0ගිලා මල්ලිලා වෙනුවෙන් මෝ/ වෙල්ලස්ස මහා විද්‍යාලයේ කරපු සම්මන්ත්‍රනය තුලදිත් ඒ පැමින සිටි පිරිස පරිසරයට ආදරය කරන, පරිසරය සුරකින්නට වෙරදරන පිරිසක් බවට පත්කරන්නටත් පුන්චි උත්සාහයක් ගත්තා. මම කලින් පොස්ට්1 ක දාල තිබුනා මේගැනත්. ඒවැඩේ ගොඩාක් සාර්ථක වුනා.

green map sri lankagreen map sri lanka

ඊට පස්සේ අපේ යාලුවෝ පිරිස එකතුවෙලා සිරීපාද වන්දනා ගමන් දෙකකදී රත්නපුර මාර්ගයෙන් සහ හැටන් මාර්ගයෙන් අපි කලින් සකසා ගත්තු බැනර් මාර්ගය දෙපස ප්‍රදර්ශනය වනලෙස සකස්කරා. ඔයාලා අදත් සිරීපාද වන්දනා ගමන් යනකොට ඒවා දකින්නට ලැබෙයි. ඒ බැනර් වල සදහන් වෙලා තියන දේවල් හිතට අරගෙන ඔබ විතරක් නෙවෙයි ඔබත් සමග සිරිපා කරුණාකරන අනිත් පිරිසත් ඒ සුන්දර පරිසරය ‍රැකගන්නට යොමුකරවලා ප්ලාස්ටික්, පොළිතීන්  වැනි දිරානොයන කසලවලින් තොර බිමක් බවට පත් කරන්නට මහන්සි වෙන්න.

green map sri lanka

මට මේ වැඩේ කරන්නට ඩෙටොල් සමාගමේ ශිරාන් අයියා වගේම green map sri lanka 1 මම සමගම ගොඩාක් මන්සිවෙලා වැඩකරන සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ තිසුම් වික්‍රමසූරිය න0ගි සහ නිහාරි න0ගිටත්, එම පීඨයේම දෙවන වසරේ රසික ප්‍රදීප්, චින්තක කුමාර, ධනන්ජය රත්නායක, සමීර පෙරේරා,සජිත් මධුෂන්ක සොහොයුරන් ඇතුලු මා සමග සිටින සියලුම මිතුරු පිරිසටත් මේ කාර්යය සාර්ථක කරගන්නට දායක වීමගැන ගොඩාක් ස්තුතිවන්තවනවා.

green map sri lankagreen map sri lanka

 

 

Advertisements

One thought on “Green Map Sri Lanka අපේ කට්ටියගේ අලුත්ම සමාජ සේවා කටයුත්ත.

  1. බොහොම වැදගත් සමාජ සේවයක් කරලා තියෙන්නේ මට ඔයාල ගැන ගොඩක් සතුටුයි…ඉදිරියටත් මේ විදිහට පරිසරය රුකගැනීම උදෙසා කරගෙන යන සමාජ මෙහෙවරට මම සුභ පතනවා….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )