ඒකාලේ නම් බඩුවල ගනන් මෙහෙමලු……


ඒකාලේ , ඒ කියන්නේ අපෙ තාත්තලා අම්මලා පොඩිකාලේ, අපේ ආච්චියි, සීයයි තරුණ කාලේ මීට වසර50-60කට පෙර සිද්ද්වුන දෙයක් ගැන තමයි අද කතාව. දැන් අපේ ආච්චි අම්මාට (තාතගේ අම්මා) වයස 87ක්, සීයනම් අපි උපදින්නත් කලින අපිව දාලා ගිහින්.

මට මතකයි ඉස්සර මායි මල්ලියි පොඩිකාලේ අපි ආච්චි අම්මගෙන් කතන්දර අහන්න යනවා. එතකොට එයා කතන්දර වලට අමතරව අපිට එයාගේ ජීවිතයේ වුන අත්දැකීම් 1ක් 2ක් කියලා දෙනවා. ඔන්න ඔයවගේ දවසක එයාට උන දේවල් කියත්දි අපේ මල්ලි නුවන් ඇහුවා ආච්චි අම්මගෙන්

“ආච්චි…. අපේ අප්පච්චී අදමට ටොපී ගෙනාවේ නැහැ, ආච්චිත් ඉස්සර අපේ අපච්චිට ටොපී ගෙනත් දුන්නේ නැත්ද?”       කියලා.

එතකොට ආච්චි අම්මා කියනවා

“මම කවදාවත් උබලගේ අපොච්චාට ටොපීනම් ගෙනත් දීලා නැහැ, කඩේට ගියොත් සත 10ක් දීලා කියනවා අක්කටයි, න0ගිලා, මල්ලිලාටයි උබටයි බුල්ටො 10ක් ගනින් කියලා, එතකොට මගේ දරුවො 10ට 1ක් ගානේ හම්බවෙනවනේ, මගදි උබ හොරෙන් කනවා හෙම නවෙයි අනිත් උන්ගේ බුල්ටෝ.”

මටයි මල්ලිටයි මාරම අවුල්, ඇයි යකඩෝ ඒ දවස්වල තියන අඩුම ටොපියත් සත 50යි. වැඩිම 1ත් රුපියල් 2යි. එව්වා රටින් ගෙනාපුවලු. ආච්චි අම්මගේ මේ කතවනම් බොරු කියලමයි හිතුවේ. කෝකටත් අපච්චිගෙනුත් ඇහුවා. කතාව ඇත්ත කියලා එයත් කියනවා, එහෙනම් ඇත්ත වෙන්න ඇති කියලා මම මල්ලිට කියුවා. මොකෝ ඒකාලේ අපි දන්නවායැ උද්ධමනය කියලා එකක් තියනවා කියල.   කොහොමහරි කාලයක් යත්දි මට තේරුනා ඒ කතාව ඇත්ත කියලා. මොකද අපි ඉස්සර 3.50ට කාපු පාන් ගෙඩිය අද 50කට ගන්න වෙලා තියෙන්නේ. ඉතින් මගේ කතාව තවේ විස්තර ඉස්සරහට කියන්නම්, අහම්බෙන් හම්බවුන මේ රූපේ දැකලා මටහිතුනා මේ කතාව කියන්න.

අද කාලේ බඩුවල මිලත් එක්ක බලත්දි මේ ගණන් ඔයාලටත් විශ්වාස කරන්න අමාරුයි නේද? ඒත් ඒක තමයි ඇත්ත.

 

Advertisements

3 thoughts on “ඒකාලේ නම් බඩුවල ගනන් මෙහෙමලු……

  1. නාලක පවසයි:

    1970/1971/1972 වසරවල තිබූ ලංකාවේ බඩු මිළ මේ වන විට දළ වශයෙන් 100 ගුණයකින් වැඩිවී තිබෙනවා. අද රුපියල්වලින් මිළ කර ඇති බොහෝ දේවල්වල මිළ (දළ වශයෙන්) ඒ අගය ම ශතවලින් තමයි මිළ කර තිබුණේ. උදාහරණයක් හැටියට, අද පුවත් පතක් රුපියල් 20 නම් එකල ශත 20 යි; ටොපියක් අද රුපියල් 3 නම් එකල ශත 3 යි; කිලෝමීටරයක ගමනක් යෑමට ටැක්සියකින් අද රුපියල් 70 ක් අය කරනවා නම් එම දුර ම යෑමට එකල අය කළේ ශත 70 යි; අද පොතක මිළ රුපියල් 350 නම් එකල එවැනිම වූ පොතක මිළ රු. 3.50 යි; කම්කරුවෙකුට ගෙවූ දෛනික වැටුප (මෑතක් වන තුරු) රුපියල් 700 යි, එකල ගෙවූ දෛනික වැටුප රුපියල් 7 යි; අවම බස් ගාස්තුව (මෑතක් වන තුරු) රුපියල් හය යි, එදා ශත 5 යි…. මේ ආදී වශයෙන්.

    1973 නේ ලෝක තෙල් අර්බුදයෙන් පස්සේ බඩු මිළ තරමකින් වැඩි වුණා. උදාහරණයක් හැටියට ශත 20 ට තිබුණු රාත්තලේ පාන් ගෙඩිය ශත 25 ක් වුණා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )