අනේ මෙහෙමත් මිනිස්සු…..


මම අද කැම්පස්1 ඉදලා ගෙදර එනගමන් දැකපු දෙයක් නිසයි අද ලිපිය ලියන්න හේතුවුනේ. බණ්ඩාරවෙලට ඇවිත් වැල්ලවාය පාරේ එනගමන් බස් 1දි පොඩ්ඩක් නින්ද ගියා. මහා ගෝරනාඩුවක් ඇහිලා මම ගැස්සිලා ඇහැරුනා ටික වෙලාවකින්, මම හිටපු ආසනයේ අම්මා කෙනෙක් කියනවා මහ හයියෙන් “මේක කරපු උන්ට හෙන හත ගහලත් මදි , නොදෝකින් කාල කන්නි හැත්ත” කියලා. මම හිතුවේ මොකෙක් හරි කාලකන්නියෙක් ඒ අම්මගේ පර්ස්1ට විදලාවත්ද? නැත්නම් මොකක්හරි අවලං වැඩක් වත් කරලද? කියලා. මොකද අද කාලේ වයසක ගැණු කෙනෙක්ටවත් පාරේ බැහැලා යන්න අමාරු තත්වයක්නේ තියෙන්නේ. මමත් හිටියේ ඕක අහු උනානං මගේ අතේ පයේ හිරි ඇරගන්නත් එක්ක 2-3ක් හොම්බට ඇනලා දාන්න, මොකද කාලෙකින් එස්.බි ලොක්කට එරෙහිව පිකටින්1ක් කරලා, පොලිසියට ගල්පාරක් ගහන්න චාන්ස්1ක් හම්බවුනේ නැතිනිසා.

ඒත් පොඩ්ඩක් නිදිමත එහා මෙහා කරගෙන වටපිට බලත්දි තමයි කාරනේ තේරුනේ. ඔයාලත් පොඩ්ඩ්ක් මේ රූප ටික බලන්න. මම බස්1යන ගමන් ගත්තේ, එච්චර හොදට ගන්න බැරිවුනා, ඒත් ඔයාලට මේකෙන් පණිවිඩයක් දීලා ඔයාලත් එකතුකරගෙන ඔයාලගේ අසල්වාසීන් , නෑදෑයන්, යහළුවන් දැණුවත් කරලා රටේ අනාගතය වෙනුවෙන් යමක් ‍රැකගන්න මට කරන්න පුළුවන් පුන්චි කැපකිරීමක් මහන්සියක් වෙන්නයි මේ වෑයම.

This slideshow requires JavaScript.

අර අම්ම දවස් කිහිපයකට නුවර පැත්තේ දුවෙක්ගේ ගෙදර  ගිහින් එන ටිකට ඔබට පේන මේ විනාශය වෙලා තියෙන්නේ. ඒ වෙන මොකවත් නෙවෙයි රාවණා ඇල්ල ස්වභාවික රක්ෂිතයට යම් පිරිසක් ගිනිතියලා. ඒනිසා සිදුවුන පරිසර විනාශය ගැන හිතලා නෙවෙයි අර අම්ම කෑහැහුවේ. ඒත් එතනත් සාදාරන හේතුවක් තිබුනා, ඒ මේ ක්‍රියාව නිසා කන්ද පාමුල පිහිටි ගම්මානවල ජීවත්වන අර අම්මා වගේ ජනතාවට සිදුවන දුශ්කරතා නිසා. ජල මූලාශ්‍ර සිදීයැම, නායයෑම, පාංශුඛාදනය නිසා ජල මූලාශ්‍ර අපවිත්‍රවීම වැනි කාරනා නිසා. එයාල එදිනෙදා ජීවිතයේදි සිදුවන ගැහැට වලට අමතරව මේ අමන කැලෑ ගිනි තැබීම් නිසා සිදුවන අකරතැබ්බ නිසා එදිනෙදා ජීවිතයට අවශ්‍ය පානීය ජලය, ගොවිතැනට අවශ්‍ය ජලය  සොයාගැනීමේ අපහසුතා ඒ විලාපය තුලින් පෙනුනා.

මෙතන තියන ප්‍රධානම ගැටලුව තමයි අධික කදුබෑවුමක පිහිටි මෙවන් පාරිසරික කලාපයක් ගිනිතැබීම නිසා වනසතුන්, ශාඛ විශාල ප්‍රමානයක් විනාශවෙනවා විතරක් නෙවෙයි, පාංශුඛාදනය අධික වීම හා නායයෑම නිසා නිසරු පසක් මෙන්ම පහත් බිම්වල පරිසර පද්ධතීන්ද විනාශයට පත්වීම සිදුවෙනවා. ඒක බොහෝම බරපතල කාරණාවක්, මොකද ජෙව විවිධත්වය  අතින් අපේ රට ලොව උනුසුම් කලාපයක් නැත්නම් ජෙව විවිධත්ව අධික කලාපයක් ලෙස සැලකෙන රටක්. අපේ රටටම ආවේනික සතුන් ශාඛ විශාල ප්‍රමාණයක් තියනවා. මේවගේ කැලෑ ගිනිතැබීම් නිසා ඒවා සීඝ්‍රයෙන් වදවේගන යමින් පවතිනවා. මේ වගේ කැලෑ ගිනිතැබීම් ලංකාව පුරාවටම කාලයෙන් කාලයට සිදුවෙනවා. මේ නිසා රටට ආවේනික සතුන් ශාඛ අනාගත පරපුරට ඉතිරිවේද? කියන ප්‍රශ්ණයත් අපිට තියනවා.

මේ ක්‍රියා කාරණා කිහිපයක් නිසාම සිද්ද වෙනවා. වනසතුන් දඩයම් කිරීම, විනෝදාස්වාදය සදහා, වැසි ලැබේයැයි පවතින මිත්‍යා විශ්වාස මේවාට හේතුවෙනවා. ඒ මොනවා නිසා උනත් කෙටිකාලීන සහ ආත්මාර්ථකාමී අදහස් නිසා මේ විනාශකරන්නේ රටේ අනාගතය වගේම ලොවේ අනාගතය.තවත් විදිහකින් කියනවානම් අපි විසින් අපේ මිනීවළ කපාගැනීමක්. ඒ නිසා මේ ලිපිය කියවන ඔබට පුලුවන් නම් අනිත් අයව දැනුවත් කරන්නට මෙවන් වැඩ ඉදිරියට නොකරන්නට සහ පරිසරය සුරකින පිරිසක් බවට පත් වෙන්නට සහ පත්කරන්නට එය මහත් උදාර කාර්යයක්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )