මෙන්න බලංගොඩ මානවයාගේ වැඩකිඩ……


ඔයාලා දන්නවා ඇතිනේ ආසියාවේ තියන පුංචි දූපතක් උනාට ලංකාවට කොච්චර ප්‍රභල තැනක් ලෝකයෙන්ම හිමිවෙලා තියනවද කියලා, කොටින්ම කියුවොත් ලෝකයේ ප්‍රධානතම ආරක්ෂක මර්මස්ථානයක් විදිහටත්, ප්‍රධාන මුහුදු හා ගුවන් සැපයුම් මාර්ගයක එක් නවාතැන් පලක් විදිහටත්, ලොව වටිනාම ඛණිජ සම්පත් බහුල රටක් විතිහටත්, ථේරවාද බුදු දහමේ මූලස්ථානය විදිහටත්, ජේවවිවිධත්ව උණුසුම් කලාපයක් විදිහටත් විතරක් නෙවෙයි ලෝකෙම පැරණි මානව ජනාවාස පිහිටි බිමක් හැටියටත් අපේ රට ගොඩාක් ලොව ප්‍රසිද්ධයි.

මම ඉහත කියපු හැමදේම අපිට ආඩම්බරයක් තමයි, ඒවායිනුත් අන්තිමට කියපු එක ගැන අපි තරමක් දැනුවත්වීම මදි නේද? ඉතින් අද මම හිතුවා මමයි මගේ විශ්වවිද්‍යාලයේ මිතුරෙකුයි පහුගිය දවසක ඔය ඉතිහාසය, පුරාවිද්‍යාව, භුගෝලය, මානව විකාශනය ගැන  කරපු පොඩි පණ්ඩිත වැඩක් ගැන කියන්න. වැඩේ හදිසියේ සෙට් උනේ, උදේ දත් මදින ගමන් මගේ යාළුවා සමීරට පහල වෙච්ච අදහසක් උඩ තමයි මේ ගමන අපි ගියේ. අපි කියුවට මායි සමීරයි විතරයි. ගමන තමයි බලංගොඩ මානවයා තමන්ගේ ආහාර සහ ආරක්ෂාව වෙනුවෙන් යකඩ ආයුධ සකසා ගත්තු ආකාරය සොයලා බලන්නයි, ඒගැන මෑතකදි පර්යේෂණයක් කරපු තැනක් ගැන හොයලා බලන්නයි. මේ ගමන මාර භයානක එකක් කියලා තේරුනෙත් ගිහින් ආවට පස්සේ, ඒගැන විස්තර ඉස්සරහට බලාගන්නකෝ….

This slideshow requires JavaScript.

 මේ දවස්වල  කැම්පස් එකේ ආචාර්යවරු වර්ජනයක නිසා කරන්න වැඩකුත් නැති එකේ අපිට කරන්න වැඩකුත් තියෙන්න ඕනිනේ. අපි ඉතින් අපේ කොම්පියුටර වැඩකෑලි නවත්තලා ( අපේ ඩිග්‍රිය ) බැස්සා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩකට. මේ කෙරුවාවෙන්වත් අඩුම ගානේ නිධානයක්වත් හාරගන්න, නැත්නම් යකඩ පැක්ටරියක්වත් දාගන්න පොටක්වත් පෑදෙයිනේ කියලා වැඩේට බැස්සා උදේ පාන්දරම. (ඔය කියුවට නවයට විතර අපි සිරියහනෙන් බිමට බැස්සෙත්)

අපේ කැම්පස් එක ( සබරගමුව සරසවිය) තියෙන්නෙ ලංකාවේ අතිසුන්දර පෙදෙසක වගේම භුගෝලිය, පුරාවිද්‍යාත්මක වගේම පාරිසරිකව ඉතා වැදගත් ස්ථානයක. ඒ නිසාම තමයි විවිධ පරිසර කලාප කිහිපයක්ම සුලු බිම් ප්‍රදේශයකදි අත්විදින්න ලැබෙනවා වගේම, භුගෝලිය වශයෙන් කලාප කිහිපයක් එක්වරම දැකගන්න පුළුවන්.  අන්න ඒනිසාම තමයි බලංගොඩ මානවයා වගේ ආදිකාලයේ අපේ මුතුන් මිත්තන් මේ සුන්දර, ඒ වගේම සරුසාර බිම් සහිත පැත්තක ජීවත් වෙන්නත් තීරණය කරන්න ඇත්තේ. ඉතින් එයාලා ජීවත් උනා කියුවට ඔයාලා පිලිගන්නේ බලංගොඩ මානවයාගේ ඇටසැකිල්ලක්  බලංගොඩ ගල් ලෙනකින් හම්බවුනා කියලා විතරනේ. ඒත් මීට වසර ගණනාවකට කලින් (දෙදහස් එක වසරේ විතර) අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කල පර්යේෂණ වලට අනුව සබරගමුව සරසවිය අසල කිංචිච්ගුනේ කියන ප්‍රදේශයේදි  බලංගොඩ මානව පරපුරේ ඇත්තො තමන්ගේ එදිනෙදා කටයුතුවලට යකඩ භාවිතා කරාකියලා සාධක හමුවෙලා තියනවා. ඒගැන පර්යේෂණත් කරලා තියනවා.

මෙතනදි වැදගත්ම වැඩේ කියන්නේ අද කාලේ යබොර වලින් නැත්නම් යකඩ අඩංගු පස්වලින් යකඩ නිස්සාරණය කරගන්න ඉහල තාක්ෂණය භාවිතා කරලා  1000 c පමණ උෂ්ණත්වයකට රත්කරලා අමාරුවෙන් පිරිසිදු යකඩ ලබාගන්නේ. නමුත් මීට වසර 10000කට විතරකලින් ඉතා නොදියුණු මානවයා සරල මෙවලම් පාවිච්චි කරලා අද තාක්ෂණයෙන් ලබාගන්න යකඩ තරමටම පිරිසිදු යකඩ ලබගෙන තියනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි. ඒ සදහා අවශ්‍ය තාපය උපදවාගෙන තියෙන්නේ සවභාවික දැව  සහ මේ ප්‍රදේශය හරහා හමායන අධික සුලං ප්‍රවාහය නිසි පරිදි කලමනා කරගෙන.

අපි ගිය ගමනේ ගත්තු ඡායාරූප ටිකක් මම ඔයාලට බලන්න දාලත් තියනවා. හොදම වැඩේ කියන්නේ අපිට බලන්න ඕනි වුන ඒ පැරනි උදුන් අනාගත පරපුර සදහා ආරක්ෂා කරන්න පියවර අරගෙන් නිසා පරිස්සමට අරන් වෙනමම තැනක තියලා තිබුනා, ඒගැන අපිට සතු‍ටුයි.  ඒත් ඇස්දෙකට බලාගන්න බැරිඋන1ට ගොඩාක් දුකයි. නමුත් අපි දැක්කා ඒ උදුන් තිබුණු මුල් තැන් වගේම, ඉතා පැරණි යබොර සහ යපස්. ඊටත් අමතරව තවත් විවිධාකාරවු පස් , ගල් වර්ග ගොඩාක්. ඒගැන න අපි දෙන්නා වැඩිය දන්නේ නැහැ.

ගමන පුරාවටම අපි ගල් ,මුල්, ක‍ටු පදුරු වල හැපෙමින්, හීරෙමින්, වැටෙමින්, ලිස්සමින් අපි දෙන්නාගෙම අත, පය, බඩ, කට, ලස්සන මූන හූරගෙන, තුවාල කරගෙන අමාරුවෙන් ආපහු ආවා. අපු ගමන ගැන ගමේ මාමා කෙනෙක් අපෙන් ඇහුවා අපි හිටපු හැටි දැකලද කොහෙද? මොකද ඇග පුරාම මඩ, දූවිලි, ලේ විතරක් නෙවෙයි තුත්තිරිද? අරවද?. මෙව්වද? කැලේ තියන හැම දහජරාවම එල්ලගෙනනේ ආවේ එලියට. අපිත් ගමන ගැන කියුවාම ඒ මාමා කියාපි ” සමන් දෙවි හාමුදුරුවෝ පිහිටයි” කියලා. අපි ඇහුවා ඒ මොකද කියලා. එතකොට ඒ මාමා කියාපි , කොල්ලනේ උබල ගිය කැලැවේ නයි, පොලොංගු විමානේ, අනික මේ පායන කාලෙට උන් දෂ්ඪ කරනවාත් වැඩීනේ කියලා. අම්මපා ඒ වෙලාවෙනම් සමීරට කෙසේ වෙතත් මට ලොකූ චූ බරක් හැදුනා බයටම. ඇයි යකෝ පොලගෙක් වත් අර කැලේදි ගැහුවනම් සමීර මාව කැලෙන් උස්සගෙන එන ටිකටම මම මැරිලා ඉවරයි නේද කියලා.  මොනා උනාත් ගිය ගමන ගැන නම් සතු‍ටුයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )