සරසවි ඇදුරු ඉල්ලීම් රටේ අනාගතයට බලපාන්නේ කෙසේද????…


මෙන්න තියනවා සරසවි ආචාර්යවරුන්ගේ සංගමය මගින් නිකුත් කර ලිපියක්. ඔයලත මේ රූප දෙක ක්ලික් කරලා ටිකක් ලොකුකරල බලන්න ඒ ඉල්ලීම සාධාරණද? අසාධාරණද? රටේ ඉන්න තවත් දේශද්‍රොහීන් පිරිසක් ආණ්ඩුව වට්ටන්න හදනවද කියලා. මේ අර්බුදය ගැන රටේ මහ ජනතාවගේ දැනුවත් වීම මදි කමක් තියනවා ඒකයි සරසවි සිසුවෙක් හැටියට අපේ ආචාර්යවරු ගෙනයන අරගලය ගැන දැනුවත් කරන්න හිතුවේ.

මෙතනදි මේ ලිපියෙන්ම පේනවා සරසවි ආචාර්යවරු වර්ජනයකට යොමුවෙලා ඉන්නේ හුදෙක් තමන්ගේ පඩිපත වැඩිකරගන්නම නෙවෙයි කියලා. ඔවුන් ඇත්තටම කරන්නේ සේවයක්, මොකද  ටේ ඉහලම මොළ ටිකෙනුත් ඉහලම සුදුසුකම් තියන පිරිසක් හැටියට තමන්ගේ සුදුසුකමට සරිලන වැ‍ටුපක් ඉල්ලන්න අයිතියක් තියනවා. මොකද ලෝකයේ අනෙක් රටවල සරසවි මිලියන ගණනින් වැ‍ටුප් ගෙවන්න වගේම තවත් පහසුකම් රාශියක් දීලා මේ සරසවි ඇදුරන් ඔවුන්ගේ රටවලට ගන්න උත්සාහ කරන අවස්තාවක, ඒ ගැන නොතකා තම රටේ දරුවන්ගේ නුවනැස පාදන්න  මේ පිරිස දරන කැපවීම අගය කරන්න ඕනි. අනික මොවුන් හට විශ්‍රාමවැ‍ටුපක් පවා අහිමියි.

මේ නිසා ඔවුන් රටතුල රදවා ගැනීම රජයේ වගකීමක්. මොකද බුද්ධිගලනය ඉස්සර ඉදලාම අපේ රටට ගැටලුවක් වෙලානේ තිබුනේ. නාසා එකේ ඉන්න සරත් ගුණපාල ආචාර්යයතුමාගේ ඉදලා කීයක් දෙනා අද පිටරටවලට සේවය කරනවද? වෙලාවකට ඒකත් හරි තමයි. මොකද තමන්ට නිසිතැන නොලැබේනම් නිසිතැන දෙන තැනකට අපි කොහොමත් යනවානේ. ඒ ගිහින් හොදට සලකනවානම් අනිවාර්යයෙන්ම ඔවුන් එම රටවලට තමන්ගේ උපරිම සේවය ලබදෙනවා.

නිකන් හිතලා බලන්න ඔබට දැන් මම ‍රැකියාවක් දෙනවා රුපියල් 100,000 කට, ලංකාව තුල කරන්න. නමුත් ඔබට පිට රටකින් එම ‍රැකියාවම දෙනවා රුපියල් 1,000,000 කට. ඔබ කරන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම පිටරට යනවානේද? මොකද අපිට නිසි සැලකීම ලැබේනම් අපි ආසයි  ඒදේ ලබගන්න. ඒ වගේ තමයි මේ ගැටළුවත්, සරසවි ඇදුරන් අමාරුවෙන් ලබාගත්තු දැනුම සරසවිවල ඉගෙන ගන්න පිරිස ගාව නැහැ. නමුත් එය ගුරුවරුන්ගෙන් උකහා ගන්නට පුළුවන්. බලෙන් ගන්න බැහැ. ඉතින් ඒ වගේ වටින පිරිසකට නොසලකා හැරීම කියන්නේ ඔවුන්ටත් වෙන විකල්පයක් හොයන්නට වෙනවා. ඔවුන් විදේශගතවුනොත්? කව්ද සරසවිවල උගන්නන්නේ, අඩු සුදුසුකම් සහිත පිරිසක් නේද?

 මේකම තමයි අධ්‍යාපනයට අඩුවෙන් මුදල් වැයකරාමත් වෙන්නේ.  පාලකයෝ ගන්න තකතීරු තීරණ නිසා පාඩුවිදින්නේ අද විතරක් නෙවෙයි. අධ්‍යාපනය හෑල්ලුවට ලක්කිරීමේ පාඩුව අපිට විදින්න වෙන්නේ , අපිටත් වඩා ඔලමොට්ටල දරුපරපුරක් අනාගතයේ බිහිකරලා, ‍රැකියාකරන්න සුදුසුකම් නැති ශ්‍රමබලකායක් හදලා විදේශිය ශ්‍රමිකයෝ අපේ රටට ඇවිත් ඉහල පඩි වලට ‍රැකියා කරන දවසකට. දැනටම මහ ලොකු ධනවත් රටවලටත් වෙලා තියෙන්නේ ඕකනේ. අපි වගේ ආසියා, අප්‍රිකා රටවල මිනිස්සුනේ ඒ ලොකුරටවල ලොකු පු‍ටුවල ඉදලා සුද්දොව පාලනය කරන්නේ. අපිටත් කරගන්න ඕනි ඒටිකමද?

මේ නිසා සරසවි ඇදුරන් පඩිපතට අමතරව කියනදේ ගැනත් ටිකක් බුද්ධිමත්ව හිතන්න කියන ඉල්ලීම ඔබගෙන් කරනවා. ඔවුන් කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්නායක වලට යටත්ව රටේ අධ්‍යාපනය වෙනුවෙන් රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කරන්න කියලා. මොකද 2005 3.4% වෙච්ච  මේ ප්‍රමාණය අද වනවිට 1.9% දක්වා අඩුවෙලා. ඒනිසාම රටේ අධ්‍යාපනය හැම පැත්තෙන්ම කඩාවැටිලා. පාසල් කීයක් වසරකට වැහෙනවද?, පාසල් නිල ඇදුම්වල තත්වය, යටිතල පහසුකම්වල තත්වය, ගුරුවරුන්ගේ ගුණාත්මක භාවය කොච්චර පිරිහිලාද කියලා නිකමට හොයලා බලන්න.

එකපාර 6%ක් දෙන්න අමාරුයි කියලා මාත් දන්නවා, හරි මේ 2012 අයවැයෙන් 3.5% දීලා , 2013 අයවැයෙන් ඒ ගාන 4.5 දක්වාවත් වැඩිකරනවා නම් හොදයි. ඒතකොට මේ කාබාසීනියා කරගෙන යන අධ්‍යාපනය හරිමගට ගන්න ප්‍රතිපාදන තියෙනවා. රටේ දුෂණය වංචාව නිසා නහස්තිවෙන මුදල අද අධයාපනයට වැයකරන මුදල වගේ 10 ගුණයක්. ඉතින් ඕකෙන් 1ක් අඩුකරගත්තත් 3.8% අධ්‍යාපනයට යොදවන්න පුළුවන්.

ඒ අතරතුර සරසවිවල තත්වයත් හොදටම බාලවෙලා. මහලොකුවට රට දැණුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කරන්න හැදුවාට විශ්ව විද්‍යාලවල තත්වය ලෝකමට්ටමේදි අර අප්‍රිකාවේ දුප්පත්ම රටවල විශ්වවිද්‍යාලවල තත්වයටත් වඩා අඩුයි. පර්යේෂණ කරන්න සල්ලි නැහැ, ඒනිසා පර්යේෂණ කරන්නෙත් බොහෝම ස්වල්පයයි. ඉතින් ඒවා නොකෙරෙනකොට රටට අලුත් නිර්මාණ, තාක්ෂණ විදික්‍රම හොයාගන්න බැහැනේ, ඉතින් පිටරට තාකෂණයේ පිහිට පතනවා ඉතා ඉහල ගෙවීම් වලට. නමුත් ඒ මුදල ඉතිරිකරගන්න පුළුවන් සරසවි වලට මුදල් වෙන්කරොත්.

ඔයාලගේ වටින අදහස් කියන්න බලන්න අනිත් අයටත් දැන ගන්න. ඒවගේම ඔයාලට දැනුන දේ අනිත් අයටත් කියලා මේ ගැටලුව දිහා ඒ අයවත් තරමක් හරි සංවේදි කරන්න බලන්න.

Advertisements

2 thoughts on “සරසවි ඇදුරු ඉල්ලීම් රටේ අනාගතයට බලපාන්නේ කෙසේද????…

  1. ජේ.ආර්.පී.සූරියප්පෙරුම පවසයි:

    හසන්ත මහත්තයෝ…

    මම මේ කතාව කියවලා බැලුවා රෝහණ දරුවා ලියලා තියන. ඒ දරුවා විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් හැටියට මේ දවස්වල මේ ගැටළුවට මුහුන දෙන කෙනෙක් හැටියට එයා කරන්න යන්නේ ජනතාව දැනුවත් කිරීම. බොහෝම හොදයි වැඩේ නම්. ඒත් ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනෙදි මේවගේ සුළු ගැටලු වලට මෙච්චර දගලන්න අවශ්‍ය නැහැ.

    අනික පඩි වැඩිකරා කිව්වාට එකපාරටම දෙන්නත් බැහැනේ. නුදුන්න නිසා ආචාර්යවරු දැන් ඉල්ලනෙත් නැහැලු. ඒක හසන්ත මහත්තයෝ අලුත් සංකල්පයක්, ඉස්සර පඩි වැඩිකරන්න කියලා දොස්තරලා, හෙදියෝ ඉල්ලුවාම පහුවෙනිදම දෙනවා. මේ අලුත් සංකල්පය නිසා ඉස්සරහට එහෙම කරන්න වෙන එකක් නැහැ. අන්න එතන තමයි ආසියාවේ ආශ්චර්යය යන හ්ගමනට රටේ අධ්‍යාපනයත් එකතුවෙන්නේ.

    ඕකට පොද්ගලික විශ්ව විද්‍යාල ටිකත් හදලා රටේ උසස් අධ්‍යාපනයත් පෝද්ගලීකරණය කරාම ආණ්ඩුවට ඒ වෙනුවෙන් වැයකරපු සල්ලිටික ඉතිරි කරගෙන තවත් හයිවේ හදන්න පුළුවන්. බලන්න එතකොට අපිට හයියෙන් යන්නත් පුළුවන්නේ..

    මේ දරුවන් තාම මෝරලා නැහැ ඔවා තේරුම්ගන්න.

    • ඔබවගේ උගත් කෙනෙක් , අනික මටවඩා දැනුම් තේරුම් තියන කෙනෙක් කියන්දේ නොසලකා හරින්න බැහැනේ. පොද්ගලික පාසල් ඇතිකරලා පාසල් පද්ධතියේම විනය නැතිකරගත්ත වගේ තවත් මගුලක් කරගත්තම හරි පොද්ගලික සරසවි දාලා. එතකොට ඉතිරිවෙන මුදලින් හයියේන් ඔබතුමා යන්නකෝ.

      අනේ මන්දා….ඔබතුමාගේ දැණුම රෙද්ද පල්ලෙන් බේරෙනවා මට දැනෙන හැටියට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )