” අපි වෙනුවෙන් අපි ” ඔබට මතකද?


ඉස්සර යුද්ධය තිබුන කාලෙනම් අපිට ” අපි වෙනුවෙන් අපි “ හොදටම මතකයි නේද? ඒත් යුද්ධය ඉවරවෙලා දින සති කිහිපයක් ගත්වෙනකොටම අපේ ශ්‍රිලාංකික කමටද මන්දා හැමදේම අමතක වෙලා ගියා නේද? අපි වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාගයෙන් රට ‍රැකපු රණවිරුවෝ තම අවසන් සුසුම් පොදත් එක්කම මිනිස්සුන්ට අමතක උනා, තම අතපය විතරක් නෙවෙයි මුළු සිරුරම ආභාධිත උන රණවිරුවෝ සිය ගණනක් තවමත් ඉතාමත් දුකසේ ජීවත් වෙනබව අද අපිට අමතක වෙලා තියනවා. මොකද දැන් යුද්ධය නැති රටේ කොච්චර දේවල් තියනවද අපිට කරන්න නේද?

කාලෙකදි 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආවා, දැන් 2012 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත් වන්න තියනවා. ඔලිම්පික් තරග බලන්නත් තියනවා. තව කොච්චර තිබුනද? කාල්ටන් රගර් තරග, ශ්‍රිලංකා ප්‍රීමියර් ලීග්, කොළබ පාරවල් වල සුපිරි මෝටර් රථ තරග, ඒකී මෙකී නොකී කියක් තරග තිබුනද? එව්වනම් විතරක් මදැයි. අර ස්ටාර්, මේ ස්ටාර් තරග අතරේ පිට රට ගායක ගායිකාවෝ බල්ලෝ, කොල්ලෝ හැම එකාමත් ලංකාවට ඇවිත් සංදර්ශන පවත්වලා ගියානේ. ඉති අපේ අයට වැඩ ගොඩයි. ඔය අතර තුර ජීවන අරගලයත් කිසි ගින්නක් නැතුව හරිම නිස්කලංකව ගලාගෙන යනවා. මොකද දැන් අපේ රට ආසියාවේ ආශ්චර්යය වෙලානේ තියෙන්නේ. කමක් නෑ .. කමක් නෑ… ඔව්ව කෙරෙන්න ඕනි වැඩ. මම කියන්නේ නැහැ ඔව්වා කරන්න එපා කියලා. හැමදාම මහන්සිවෙලා වැඩ කරන ජනතාවක් ඉන්න රටක එයාලගේ සතුට විනෝදය ගැනත් හිතන්න ඕනිනේ.

This slideshow requires JavaScript.

ඒත් අපි වෙනුවෙන් රට වෙනුවෙන් තම ජීවිතය නොතකා අනේක විද කැපකිරීම් කරපු රණවිරුවෝ ගැන අපි දැන් හොයලා බලනවද? නැහැ නේද? එයාලා වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් උපකාරයක් තියනවානම්  ඒ ගැන හිතලා බලන්න. මේ යොමුවෙන් මම මගේ පරණ ලිපියක් වෙතට ඔබ ගෙන යන්නම්. එතන තියනවා ගොඩාක් විස්තර තියනවා. ඔබට පුළුවන් උපකාරයක්  පොඩි උනාට කමක් නැහැ කරන්න.

අපිට ආභාධිත රණවිරුවෝ අමතක උනාට අපේ ත්‍රිවිධ හමුදාවට ඔවුන් අමතක උනෙත් නැහැ, වෙන්නෙත් නැහැ. ඒනිසාම තමයි මීට වසරකට කලින් ආභාධිත රණවිරුවන් වෙනුවෙන් අභිමංසල ආරම්භවුනේ ඔවුන් ‍රැකබලාගන්න. ඒතුලින් ඔවුන්ගේ ජීවිත වලට එලියක් වෙන්නට ත්‍රිවිධ හමුදාව  උත්සාහ කරේ. ඒත් එක්කම එම රණවිරුවන්ගේ පවුල්වල සුභසාදනයත් සමගාමීව කෙරුනා.

පහුගිය දවසක මේ අභිමංසල තමන්ගේ පළමු සංවත්සරය සැමරුවා. ලොකු උත්සව තියලා බොරු සොබනේට වැඩ කරන එක හමුදාවක පුරුද්දක් නොවන නිසා, තමන්ගේ රාජකාරිය නිශ්ෂබ්දව කාටවත් පම්පෝරි නොගහ කරා. ඒ වගේම ඉසරහටත් කරන්න ඔවුන් පසුබට වෙන්නෙත් නැහැ. ආභාධිත රණවිරුවන්, ඔවුන්ගේ පවුල්වල උදවිය එකතු කරෙගෙන ඒ හැමෝගෙම හිත් සං‍තෝස කරන ගමන් ඒ අයගේ බැදියාව වැඩිකරන්න අවස්තාවක් කරන්න මේක අවස්තාවක් කරගත්තා.

දැන් අපිටත් ඔවුන් වෙනුවෙන් ආපහු යමක් කරන්න කාලය ඇවිත්. පුන්චි පුන්චි උදව් ගොඩක් කරාම ලොකු වැඩක් කරගන්න සාමූහිකව පුලුවන්. ඒනිසා මහ ලොකුවට ඕනි නැහැ, අපිට පුළුවන් හැටියට ඔවුන් වෙනුවෙන් දෙයක් කරමු. අඩුම ගානේ ඔවුන් එක්ක වචනයක් කතා කරකර ඉන්නවත් පුළුවන්නම් ඒකත් ඔවුන්ට ලොකූ දෙයක්. ඒ වගේම ආයමත් රටට යුද්ධයක් ඇතිනොවේවා කියලා පතමු. මොකද තිස් වසරක යුද්ධයකින් බැටකාපු අපිට ආයෙමත් එහෙම වෙනවට හීනෙකින්වත් කැමති නැතිනිසා. අනික මේ වගේ ආභාදිත පිරිසක් අපිට අයෙමත් දකින්න කැමති නැතිනිසා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි මම ආස නැහැ ඔවුන් අද විදින දුක වේදනාව තවත් කෙනෙක් ඉදිරියෙදි විදිනවා දකින්න.

අපේ රණවිරුවෝ ගැන මීට වඩා හිතන්න , තේරුම් ගන්න මේවත් බලලා ඉන්නකෝ.

අපි වෙනුවෙන් අපි බ්‍රේව් හාර්ට්ස් 01

අපි වෙනුවෙන් අපි බ්‍රේව් හාර්ට්ස් 02

Advertisements

2 thoughts on “” අපි වෙනුවෙන් අපි ” ඔබට මතකද?

  1. රෝහණ පවසයි:

    මේ … සූරියප්පෙරුම උන්නැහේ, තමුන්ට වටින්නේ නැතිවෙන්න පුළුවන් ඒ වීරෝදාර රණවිරුවෝ පිරිස. ඒත් ඔවුන් ගැන හිතන පිරිසකුත් ඉන්නවා කියලා මතක තියාගන්න. ඔහේලා වගේ අය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..

  2. ජේ.ආර්.පී.සූරියප්පෙරුම පවසයි:

    දැන් බලන්ඩ හසන්ත මහත්තයෝ

    මේක ආශ්චර්යයක්. ඉස්සර යුද්ධය නිසා රටේ ජනතාව කොච්චර බයෙන් භිරාන්තවෙලාද හිටියේ කියලා. ඒ නිසා ඒ කාලේ හමුදා සෙබලුන්ට සැලකුවේ දෙවියන්ට වගේ. ඒත් අද මහරජාණන්ට පින් සිද්දවෙන්න යුද්ධය නැතිරටක ඉන්න වාසනාව අපිට ලැබිලා තියන්වා, ඉතින් එහෙව් රටේ ජනතාවට දැන් හමුදා සෙබලුන්ගෙන් විතරක් නෙවෙයි මහරජාණන්ගෙනුත් වැඩක් නැහැ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )