ආදරේ නිකන් ලේන්සුවක් වගේ….


ආදරය කරනවා කියන එකත් මහ අමුතුයි අප්පා,
ඒක ආදරේ ලබනවට වඩා අමාරුයි .

ආදරේ ලබන එක පුන්චි කාලේ ඉදලා අද වෙනකන් ගොඩාක් අයගෙන් ලැබුවා

ඒත්………
ආදරේ කරන්න හැදුවාම ???
එක්කෝ තනිකඩව හිටියානම් කියලා හිතෙනවා..

ආදරේ කරනකොට මට හිතට අල්ලපු කෙල්ලෙකුට

වෙලාවකට එයා අඩනවා
ආදරේ වැඩි උනාම,
වෙලාවකට එයා අඩනවා
ආදරේ අඩුයි කියලා,
වෙලාවකට එයා අඩනවා
ආදරේ කරන අපිට ගෙවල් වලින් අකමැතිවෙයි කියලා,
වෙලාවකට එයා අඩනවා
ආදරේ කරන මම වෙන ලස්සන කෙල්ලෙක් දිහා බැලුවාම,
අන්තිමට බලගෙන ගියාම
කෙල්ලෙකුට ආදරේ කරන එකත්
හරියට නිකන් හො‍ටු පිහිදන ලේන්සුවක් වගේ
හැම වෙලාවෙම ලගින් තියාගන්නත් ඕනි,
ඒත් හැම වෙලාවෙම පිහිදාන්නෙම
හො‍ටුනේ…..
Advertisements

7 thoughts on “ආදරේ නිකන් ලේන්සුවක් වගේ….

  1. Kat පවසයි:

    පුන්චි කතවක් කියන්නම් යලුවෙ,මෙ කතව මට කිව්වෙ මගෙ යලුවෙක්,
    එයගෙ ලගම හිතවතෙක් කෙල්ලෙක් එක්ක යලු වෙලා,ඉතින් ඔය හමොම වගෙ එයත් හවසට වෑඩ අරිල තමගෙ ගනු ලමයගෙ ගෙදර යනවා එයව බලන්න .එහෙම ගිහින් රෑ 8 විතර වෙනකන් ඉදල තමය් ගෙදර යන්නෙ,ඉතින් ඔන්න දවසක් තමන්ගෙ අදරවන්තිය බලන්න එයගෙ ගෙදර ගියම හොදටම වහින්න ගත්තලු,දෑන් මෙ කොල්ලට යන්න විදියකුත් නෑලු මොකද කුඩයක් අරගෙන එලියට බහින්න බෑරි තරමට වෑස්ස සෑර වෑඩි නිස,ගනුලමයගෙ තාත්තට ත් දෑන් මුට යන්න කියන්න දුකය්ලු පව් කොල්ල තෙමිල ලෙඩ වේය් කියල,අන්තිමට මෙ ගනු ලමයගෙ දෙමව්පියන් මෙ පිරිමි ලමයට එදා රෑට නවතින්න දෙමු කියල හිතගෙන ඒක මෙ පිරිමි ලමයට කිවලු,ටික වෙලවකින් තාත්ත ඈවිත් බලනකොට මෙ කා හොදටම තෙමිගෙන එනවලු.වෑස්සෙ එලියට බහින්න එප කියද්දිත් කොහෙද ලමයො ගියේ කියල අහුවම කොල්ල කිව්වලු අන්කල් මට සරමක් අරගෙන එන්න අමත්ක උනා එක අරගෙන එන්න ගෙදර ගියා කියල…
    මෙ කතව ඔයට කිව්වෙ කෙලෙක්ට අදරෙ කරන එක ඔයාට ලෙන්සුවක් වගෙ උනාට තවත් සමහර කොල්ලන්ට එක ඊට වඩා* වෑඩිය් කියල කියන්න..

    • හ්ම්ම්… කාලෙකට පස්සේ හොද කොමෙන්‍ටුවක් දාලා තියෙන්නේ..

      ඇත්තටම මම මෙතනදි අදහස් කලේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ආදරය ලබනවා කියන එක කරදරයක් කියන එක නෙවෙයි. කෙල්ලෙකුට ලේන්සුවක් කියන්නේ එදිනෙදා වැඩවලදි අත්‍යාවශ්‍ය දෙයක් නේ, ලගින්ම තියාගන්න දෙයක්නේ. ඒවගේ තාමයි ආදරේදිත් කෙල්ලෙක්ට තමන්ගේ පෙම්වතාත් ඒවගේම ලගින් තියාගන්න ඕනි.

      ඒ උනාට ලේන්සුවේ අපි පිහිදාන්නේ අපිට අනවශ්‍ය දේවල්නේ, ඒ කියන්නේ අපි ලේන්සුව උදව්වට ගන්නේ අපිට අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. ආදරේදිත් එහෙම තමයි. කොල්ලට ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ තම පෙම්වතියව සතුටින් තියන්න, කෙල්ලට දුකක් දැනෙන, අනතුරුදායක, හානියක් වෙයි කියලා හිතෙන හැම දෙයක්ම ඉවත් කරන්න. ඉතින් මම කියපු කතාවෙ වරදක් තියනාද?

      • Kat පවසයි:

        මම හිතන්නෙ ඔබ බොහොම කෑමති වෙයි වරදක් නෑ කිව්වොත්,එහෙම නේද යාලුවා..නමුත් ඕනි දෙයක් වෙච්ච දෙන් කියලා ඔය ලේන්සුවෙන්ම අත පිහිද ගන්න අයත් ඉන්නවනෙ ඉතින්..

      • අනිවාර්යයෙන්ම Kat ඔබගේ කතාව හරි. දෙදෙනා අතර හොද අවබෝධයක් තියනවානම් ඒ දෙන්නා අතර ප්‍රශ්න අඩුයි. ඒනිසාම ලේන්සුව පාවිච්චි කරන්න වෙන්නේ ගොඩාක් අඩුවෙන්. ඉතින් ඒවගේ දෙන්නාටම ප්‍රශ්න ආපු වෙලාවට කොහොමත් දෙන්නත් එක්කමනේ මුහුණ දෙන්නේ, එතකොට අඩන්න උනත් දෙන්නමනේ අඩන්නේ. ඒනිසා දෙන්නාම කොහොමත් ලේන්සුව බෙදාහදාගෙන පාවිච්චි කරනවා තමයි.

        Kat ඔබට ආදරය සම්බන්දව ගොඩාක් අත්දැකීම් තියනවා වගේ…. ඔබගේ ප්‍රතිචාර තුලින් ඒබව පේනවා. ඉදිරියටත් මේ වගේම අපි සංවාදයකට මුලපුරමු. මගේ ලිපිවල වැරදි අඩුපාඩු තිබෙනවා අනන්තවත්, ඒවාත් පෙන්වා දෙන්න කියලා ප්‍රතිචාර දක්වන Kat ඔබට වගේම අනිත් අයටත් කියන්න කැමතියි.

      • Kat පවසයි:

        නෑ නෑ මම කිව්වෙ එහෙම දෙයක් නෙවෙය් යාලුවා..ඒකෙන්ම පේනවා ආදරේ කියන දේ හරියටම මොන වගේද කියල කියන්න බෑ කියල..
        ඒ මම දකින විදිය..

      • ඔව් ආදරේ කියන එකට හරිටම අර්ථකතනයක් දෙන්න අමරුයි. නමුත් මම මෙතන කියන්නේ ආදරයේ එක් පැතිකඩක් ගැන මම දැකපුවිදිහ, ටිකක් අමුතුයි තමයි මම දකින විදිහනම්… ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ… මොකද මට හිතෙන හැටි නවත්වන්න මටවත් බෑනේ.

        නමුත් මම ගැන දන්න අය දන්නවා මට ටිකක් පිස්සු උනාට ආදරය කරත්දි මම කොච්චර ක‍ටුකාල තියනවද? කොච්චර මම ආදරය වෙනුවෙන් දේවල් කරලා තියනවද කියලා…ඒත් ඉතින් ඇත්තම කිව්වොත් ආදරය ලේන්සුවක් උනේ නම් ඉස්සර තමයි, දැන් නම් ඊටවඩා හොදයි. මොකද මතක ඇතිකාලෙක ලේන්සුවක් පාවිච්චි කරන්න උනේ නැහැ. මොකද මම දැන් ගොඩාක් සතුටින් නිසා.

        තරහ වෙන්න එපා. මම දකින විදිහට ඔබ අකමැතිවෙන්න පුළුවන්… එය ඔබේ නිදහස, මෙය මගේ නිදහස…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )