අධ්‍යාපනයේ හෙට දවස?????


This slideshow requires JavaScript.

රටක් හැදෙන්නෙත් නැසෙන්නෙත් ඒ රටේ ඉන්න බුද්ධිමත් පාලකපිරිස සහ ජනතාවගේ බුද්ධිමත්භාවය මතයි. ජපානය, ඇමරිකාව වගේ රටවල් විතරක් නෙවෙයි ඉන්දියාව වැනි අපේ අසල්වැසි රටවල් පවා අද ඉතා ඉහල ආර්ථික වර්ධන වේගයක් ලබාගන්නට හේතුව අණ්ඩුව වෙනස් උනත් රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන නිසා මෙන්ම රටේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ඉහල සැලකිල්ල නිසා. ඒනිසා ඉහල බුද්ධිමත් ජනතාවක් රටේ බිහිවෙනවා වගේම, රටේ ආර්ථිකයට බලපාන ප්‍රතිපත්ති වෙනස් නොවන නිසා ආයෝජකයින් පවා ඉහල ආකර්ෂණයක් දැක්වීමයි.

ඒකට අපේරට, ආණ්ඩුව වෙනස් වෙනකොට කලින් අණ්ඩුව කරපු දේ නතර කරනවා, ඒවට වියදම් කරපුවා නැවත්වනවා. අන්තිමට ඒ කරගෙන ආපුදේ ප්‍රයෝජනයක් නැතිව කෝටි ගනනක් මුදල් අපතේ යනවා. ඒ වගේම අපේ රටට කිසි ස්ථීර ප්‍රතිපත්තියක් නැතිනිසා ආර්ථිකය, අධයාපනය, සමාජ සුභසාදන කියන හැම අංශයකින්ම රට ගොඩගන්න බැරිවිදිහට කඩාවැටිලා තියනවා.

වෙන මොනවත් නැතුව අපි මේදවස්වල වැඩිපුර කතාවෙන අධයාපනය ගැන හිතලා බලමු. උඩ රූප වලින්ම පේනවා රටේ අධයාපනයට එක් එක් රජයන් දක්වපු සැලකිල්ල කොහොමද කියලා. ඉතින් එන්න එන්නම අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිල්ල දක්වත්දි රටක බුද්ධිමත් ජනතාවක් බිහිවෙයිද? එහෙම ජනතාවක් නැතිරටේ අනාගතය කොහොමවෙයිද? ලොකු ප්‍රශ්ණාර්ථයක් නේද? ඒත් බලන්න ඉන්දියාව වගේ රටක්, වැඩිපුර ඕනි නැහැ ඉන්දියාවේ සරසවි  සිසුන් වගේම උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ගත්තාම අපේ රටේ සරසවි සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට වඩා දැණුමින් අඩුයි. ඒත් ඉන්දියාවේ උසස් අධයාපනය හදාරන සිසුන්ගෙන් ඉංග්‍රීසි කතාකරන්න පුලුවන්, ඉංග්‍රීසි භෂාව හසුරවන්න පුලුවන් ප්‍රමාණය 99%ක් ඒ නිසා ඔවුන්ට ලොව ඕනෑම රටක ඉහල අවස්ථා හිමිකරගන්න හැකියාව ලැබිලා තියනවා.

නමුත් අපේ රටේ එහෙමද? කීයෙන් කීදෙනාටද උසස් අධ්‍යාපනය ඉවරකරපු අයගෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්න වැඩකරගන්න පුළුවන්, ඒ පිරිසගේ දැණුම අඩුපාඩුවක් නැහැ ලෝකයේ ඉහලම මට්ටමට තියනවා. නමුත් අධ්‍යාපන ක්‍රමයේ වැ‍රැද්ද සහ අඩු සැලකිල්ල නිසා අපේ දක්ෂයින්ට ලෝකය ජයගන්න තියන ඉඩකඩ අඩුවෙලා තියනවා. අන්න ඒ වගේ කාරණා ලෝකයේ ගොඩාක් රටවල ඉස්සර තිබුන නිසා තමයි  එක්සත් ජාතීන්ගේ සංවිධානය අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන් කරන්න කියලා සියළුම රටවලට කියලා තියෙන්නේ. නමුත් අපේ රටේ එහෙමද? අඩුමගානේ 3% වත් වෙන්කරලද? නැහැ 1.8% වෙන්කරලා තියෙන්නේ ඉතින් ඔය සොච්ච්ම් මුදලින් මෙච්චරකල් කරගෙන ආපු1ත් පුදුමයක්. රටේ මිනිසුන්ගේ ඔලුටික හදන්න තමයි අධ්‍යාපනය තියෙන්නේ. එහෙම ඔලුටික හැදිඋනොත් තමයි නව නිපැයුම් බිහිවෙන්නේ, කාර්යකෂමතාවය වැඩිවෙන්නේ. එතකොට තමයි රටක් දියුණුවට අඩිතාලම වටෙන්නේ. අන්න ඒ අඩුපාඩුව මගහරවාගන්න තමයි මේ අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් ඉල්ලන්නේ. අපි හැමෝම දන්නවා එකපාර අණ්ඩුවට6%ක් දෙන්න බැහැ කියලා. එහෙනම් ස්ථිර සහතිකයක් දෙන්න පුළුවන්නම් ඉදිරිවසර කිහිපය ඇතුලත හෙමිහිට 6%දක්වා වැඩිකරනවා කියලා, ඒ වගේම මේ වැයකරන මුදල මොන ආණ්ඩුව ආවත් වෙනස්වෙන්න දෙන්නෙ නැහැ  කියලා මේ ගැටළුව ඉක්මනටම ඉවරයි. නැතුව ආණ්ඩුවේ මාධ්‍ය හරහා මඩ ගහලා වැඩක් නැහැ.

1 thoughts on “අධ්‍යාපනයේ හෙට දවස?????

ප්‍රතිචාරයක් ලබාදෙන්න