ඔබේ ආදරයත් අසම්මතයෙන් ඔබ්බටද?


අපි හැමදාම කාටහරි ආදරය කරනවා.

නමුත් අපේ ආදරය මේවගේ පරම පිවිතුරුද?

This slideshow requires JavaScript.

මොහොතක් හිතන්න,

එසේ නැතිනම්

අද …

මේ දැන් සිටවත්

අපි අවංකව ආදරය කරමු නේද?

ආදරේට පාටක්, හැඩයක්, වයස් සීමාවක්, ජාතියක්, ආගමක්, රටක් කියලා බෙදා වෙන්කිරීමක් කරන්න බැහැ කියලා අපිට ඉතිහාසයේ ඉදලා වර්ථමානය දක්වාම උදාහරණ එමටයි. නමුත් අපි එහෙමද? නැහැනේ. ඒනිසානේ අද මෙච්චර දික්කසාද නඩු උසාවිවල ගොඩගැහිලා තියෙන්නේ. ඒවා විසදෙනකොට මහා කාලයක් ගිහින් අන්තිමට නාකිවෙලා දික්කසාදෙ ලැබෙත්දි පසුතැවිලි වෙනවා අපරාදේ මෙහෙම අපි කාලය නාස්ති කරගත්තේ  කියලා.එතකොට තමයි තේරෙන්නේ තමන් අනිකාට කොච්චර ආදරය කරලාද කියලා.

ආදරේදි අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන වඩාත් වැදගත්ම කාරණය තමයි අනෙකා වෙනුවෙන් ඉවසීම සහ කැපවීම. ඒවා අපි ලග තියනවා තමයි, නමුත් හරි අඩුයි. ඒනිසා අපි ඒ ගුණාංග අපිගාව ඇති කරගන්න මහන්සිවෙන්න ඕනි. නැතිනම් මේ පෙන්වලා තියන ජෝඩු  වගේ සතුටින් ජීවිතය බෙදාගන්න ලැබෙන්නේ නැහැ අපිට. බලන්න ඔවුන් දිහා, තමන් අනෙකාගේ අඩුපාඩු ගැන වදවෙවී ඉන්නවද කියලා.

ඔබ මේතරම් පරමාදර්ශිවෙන්න ඕනි නැහැ, නමුත් අද ඔබේ ආදරයට ආදරය කරන්න. ඒය ‍රැකගන්න, අඩුපාඩු හැලහැප්පීම් ඒවි, නමුත් ඒවාට ආදරය බිලිදීලා ජීවිතයම කදුලක් කරගන්න එපා…

Advertisements

One thought on “ඔබේ ආදරයත් අසම්මතයෙන් ඔබ්බටද?

  1. කණ්ඩායමේ ඉන්න පැටව් නැති ගෑණු සත්තු අලුත් නායකයා එක්ක කැමත්තෙන් එකතු උනත්, පැටව් ඉන්න කිරිදෙන අම්මලා නායකයා එක්ක එකතුවෙන්න කැමති වෙන්නෙ නෑ. එහෙම වෙලාවට අලුත් නායකයා කරන වඳුරු වැඩක් තමයි, කලින් නායකයාගෙ කිරිබොන පැටව් අල්ලගෙන මරලා දාලා, (infanticide) අම්මලාව එකතු වෙන්න පොළඹවා ගන්න එක. සමහර අම්මලා ඒ වගේ මරාදාපු පැටව් තුරුළු කරගෙන දවස් ගානක් යන යන තැන ගෙනියනවා නිරීක්ෂණය කරලා තියෙනවා. කොහොම උනත් ඒ ස්වාභාවික නීතියෙ අර්ථය තමයි ගහනයෙ ශක්තිවන්තම සතා ඊලඟ පරම්පරාවට දායක වියයුතු වීම. එහෙම නැතුව ජීවය මිහිමත පවතින්න බෑ. සත්තු අතර ආත්මාර්ථය, ඉරිසියාව, තරහව, ක්‍රෝධය, වෛරය වගේ හැඟීම් ස්වාභාවිකවම පහල වෙලා තියෙන්නෙ මේ කියාපු තරඟයෙදි ශක්තිවන්තයා ඉදිරියට ගේන්න. ගහනයක් තුළ ශක්තිමත් ජානයක් ඉස්මතු උනේ නැත්නම් ඉතාම ඉක්මනින් ඒ සත්ව විශේෂය වඳ වෙලා යනවා. සත්ව විශේෂයක් වෙන අපි උනත් හැමෝම සියලු කෙලෙස් නසාපු රහතන්වහන්සේලා වගේ උනා නම් මේ වෙනකොට මිනිස් වර්ගයා වඳ වෙලා හුඟක් කල් කියලා මට හිතෙනවා. මානව ඉතිහාසෙ ඒ වගේ තියෙන දෙයක් කාලා, තමන්ගෙ පාඩුවෙ හිටපු ජන වර්ග බොහොමයක් මේ වෙනකොට අතුරුදහන් වෙලා. අනුන්ගෙ දේවල් කඩාවඩාගෙන තමන්ගෙ බලය පතුරවපු ජාතීන් ලෝකෙ පුරාම විසිරුනු අධිරාජ්‍ය පිහිටෙව්වා. හැබැයි වෙනත් ශක්තිමත් ජාතියක් මතු උනහම ඉඩදෙන්න සිද්ද උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )