නිදහස් අධ්‍යාපනයේ සුරක්ෂිත කිරීම උදෙසා දිවි පිදූ ඔබ…අමරණියයි


This slideshow requires JavaScript.

ශ්‍රීලාංකීය නිදහස් අධ්‍යාපනයේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා තම දිවි කැප කල ටොක්කා සහ මාතලන් සහෝදරවරුනි, ඔබ පැතූ ඒ නිර්මල පැතුම ජයගන්නට අපි තව තවත් කැපවන්නෙමු. නූපන් පරපුරක් උදෙසා සරසවි ඇදුරන් සමග සරසවි සිසුන් ගෙනයන මේ මහා ව්‍යායාමය සැබෑවක් කරගන්නට දැන් දැන් රටම පෙල ගැසෙන කාලයයි මේ. ඔබේ අහිංසක මව් පිය දෙදෙනාට එක පුතෙකු අහිමි වූ සේම තවත් දූ පුතුන් අහිමි වන්නට පෙර අප සැම පෙල ගැසිය යුතු කාලයයි මේ.

මෙය හුදෙක් රටේ අනාගත සුභසිද්දිය උදසා මිසක ආණ්ඩුවක් පෙරලීමේ කුමණ්ත්‍රනයක් නොවන වග රටම දන්නා මුත්, පාට කණ්නාඩි දමාගත් අමනයින් නොදැක ඒ පූජණිය මාවතට පහරයි.

අද උදේ පාන්දරම ලැබුනු ආරන්චියනම් ඉතාම දුක් බරයි. නුවර ඉදලා කොලබ දක්වා නිදහස් අධ්‍යාපනය ‍රැකගැනීම උදෙසා සරසවි සිසුන් ගෙනයන පාගමනේ සංවිධාන කටයුතු කරපු සහෝදරවරු දෙන්නෙක් රිය අනතුරකින් මිය ගිහින්. ඕන්න ආණ්ඩුවට පොටක් පෑදුනා මේ අරගලයෙන් ළමයි ඉවත් කරන්න, ඒත් ආණ්ඩුව හිතනවානම් මේ අමන ක්‍රියාව නිසා සිසුන් නතරවේවි කියලා එහෙනම් ඒ ආණ්ඩුවට වැරදිලා. ඒ අහිංසක ජීවිත2 වෙනුවෙන් මෙතෙක් පෙල නොගැසුන සිසුන් විතරක් නෙවෙයි මහජනතාවත් දැන් මේ සටනට සහය දෙන්න පෙලබෙනවා. මොකද මිනිස්සු හැමදාම සරසවි සිසුන් දිහා බලපු බලන කෝනයෙන් නෙවෙයි මේ අරගලය දිහා බලන්නේ, ඒනිසාමයි නුවර ඉදලා කොලබ දක්වා එන මගදිගට මිනිස්සු පුළුවන් හැටියට සිසුන්ට වතුර බින්දුවක් වත් දෙන්න පෙලබුනේ. ආචාර්ය වරුන්ගේ පාගමනටත් ඒ සහයෝගයම ලැබුනා.

මේ දක්වා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවිපිදු, පද්මසිරි ත්‍රීමාවිතාන, වෙනුර එදිරිසිංහ ආදී පරපුරක අවසාන සිසුන් දෙදෙනා විදිහට මාතලන් සහ ටොක්කා සහෝදරවරු ඉතිහාස ගතවන්නට අපි හැමදෙනාම වග බලාගන්න ඕනි. එහෙනම් නැවතත් මේ අරගලය පසු පසට අදින්නේ නැතුව ඉදිරියටම යන්න තවතවත් පිරිස් එකතු කරගන්න ඕනි. හෙට අනිද්දාට ආචාර්යවරුන්ගේ වර්ජනයට සම්බන්ද කිහිපදෙනෙක්ට තනතුරු, මිලමුදල් දීලා ආණ්ඩුව පැත්තට නම්මගන්න මාන බලයි, ඒක එහෙම වෙන්නත් ඉඩතියනවා. ඊට පස්සේ ඒ පිරිස ලවා අරගලය දියාරු කරන්න උත්සාහ දරාවි. ඒ වගේම සරවි වහලා දාපු1ගැන, උසස්පෙල පිළිතුරුපත් ඇගයීම ගැන කියලා ජනතාව සංවේදි කරලා මේ අරගලය නවත්වන තැනට පත්කරන්නට ආණ්ඩුව උත්සාහ දරාවි.

මේ ගෙනයන අරගලය ආණ්ඩු පෙල්ලන්න නොවනවග ජනතාවට ඒත්තු ගැන්විය යුතුයි. මොකද ඒ අරමුණ අපිට නැතිනිසා, ඒ වගේම මේ ගෙනයන අරගලය නිසා අපට වඩා අනාගත සිසුපරපුරට සේවයක් වෙන බව ජනතාවට කියන්න වෙනවා. නැතිනම් හැමදේම ටික දවසකින් අමතකවෙන අපේ මිනිස්සුන්ට මේකත් අමතකවෙලා යාවි. නැත්නම් ලෝක කුසලාන තරගාවලිය ගැන කියලා මේ අරගලය යටපත් කරන්න ආණ්ඩුව උත්සාහ කරාවි. අපි ලෝක කුසලානය දින්නෝත් ආණ්ඩුව කියාවි “අධ්‍යාපනයට වඩා ක්‍රීඩාවට සල්ලි වියදම් කරාන් නිසා තමයි අපේ ආණ්ඩුව කාලේ ලෝක කුසලානයත් දින්නේ, ක්‍රීඩාව ආධ්‍යාපනයටත් වඩා වටිනවා” කියලා.

Advertisements

3 thoughts on “නිදහස් අධ්‍යාපනයේ සුරක්ෂිත කිරීම උදෙසා දිවි පිදූ ඔබ…අමරණියයි

  1. තිසර පවසයි:

    මේ ගැන කියන්න වචන එන්නේ නැහැ…. මේක සැක කටයුතු මරණයක් කියලා වාර්තාවෙලා තියනවා මම දැක්කා…. මුන් දෙන්නාගෙ මුහුණු දැක්කහම වචනයක්වත් ලියාගන්න අමාරුයි….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )