අනේ මෙහෙමත් රටක්……


asammathaya

මට මේක දකින්න ලැබුනේ මුහුණු පොතේ තියන “කෙහෙල්මල්” පි‍ටුවෙයි, “ගන්න අපේ දේ” පි‍ටුවෙයි.

මේක දැක්කාම මට මහා ලැජ්ජාවක් ඇතිඋනා, ඇයි දෙවියනේ මෙච්චර ඇගලුම් කර්මාන්තශාලා තියන රටේ ජාතික කොඩිය මහන්නේ චීනේ. තුක් නොදකින්, මේ රට ආසියාවේ ආස්චර්යය කරන්නලු හදන්නේ. මෙහෙම ගියොත් ආශ්චර්යය විතරක් වෙලා නතරවුනොත් ඇති.

මෙව්වා මේ රටේ හදන්න බැරි කමක් නැහැ, ඒත් අනවශ්‍ය විදිහට ආනයනය කරන එක නවත්වන්නේ නැති රටක මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මේවගේ මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් විතරක් නෙවෙයි අඩුවට ගේන්න පුළුවන් හැම මගුලම ආනයනය කරන්නේ නැතුව ඒවට ඉහල ආනයනික බද්දක් පනවලා දේශීය නිෂ්පාදකයාට  තැනක් දීලා දිරිමත් කරන්නත් ඕනි. නැතුව දිගටම මෙහෙන ගියොත් මේ රටට සියළු දෙවියන්ගේම සරණත් නැතිවෙයි.

අනික මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ චින්තනයත් මුල ඉදලාම හදන්න වෙලා තියෙන්නේ. මෙච්චර ලෝකෙන්ම ඉහලින්ම ඉන්න බුද්ධිමත්තු, ඉන්ජිනේරුවෝ ඉන්න රටක අඩුමගානේ ඉදිකට්ටක්වත් හදන්නේ නැහැ, ඒකත් ඉන්දියාවෙන් ආනයනය කරන්නේ. හැදුවත් ඒකෙන් දියුණුවෙන්න දෙන්නේ නැහැ පාතාලයයි, දේශපාලකයොයි. උන්ට ඒ ලැබෙන ආදායමෙන් කප්පමක් ගෙවන්නත් වෙනවා. ඉතින් රටක් හැදෙයිද?

මේකට මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි මෙච්චර කල් හිටපු හැම ආණ්ඩුවක්ම වග කියන්න ඕනි. රටේ ජනතාව බුද්ධිමත්ද කියලා බලන්නේ සාකෂරතාවයෙන් විතරක් නම් අපේ රටෙ ඉතා බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක්, ඒත් වැඩ කරන්න ගියාම ලෝකෙ ලොකුම කම්මැලියො ඉන්න රටත් මේක. අනේ මේ ලිපිය කියවන ඔයාලත් මේවයින් පාඩමක් අරගෙන හැදෙන්න බලන්න. රට හදන්න බලන්න. අනිත් අය කරනකන් හිටියොත් අපිට කවදාවත් මේ රට හදන්න වෙන්නේ නැහැ. මම මේ ලියන බ්ලොග්1 කියවන්නේ ඉතා පුංචි පිරිසක් උනාට ඒ පිරිසෙනුත් එකෙක් හරි මගේ ලිපි නිසා හැදෙනවා නම් මට ඒ හොදටම ඇති. එහෙම උනොත් කවදාහරි මෙවන් දේ දකින්නට අසන්නට නොලැබෙන රටක සතුටින් මියයන්නට පවා අපිට පුන්චි හරි ඉඩක් තියේවි.

Advertisements

2 thoughts on “අනේ මෙහෙමත් රටක්……

  1. අනික මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ චින්තනයත් මුල ඉදලාම හදන්න වෙලා තියෙන්නේ. මෙච්චර ලෝකෙන්ම ඉහලින්ම ඉන්න බුද්ධිමත්තු, ඉන්ජිනේරුවෝ ඉන්න රටක අඩුමගානේ ඉදිකට්ටක්වත් හදන්නේ නැහැ, ඒකත් ඉන්දියාවෙන් ආනයනය කරන්නේ. හැදුවත් ඒකෙන් දියුණුවෙන්න දෙන්නේ නැහැ පාතාලයයි, දේශපාලකයොයි. උන්ට ඒ ලැබෙන ආදායමෙන් කප්පමක් ගෙවන්නත් වෙනවා. ඉතින් රටක් හැදෙයිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )