මම…


මම අනිත් මිනිස්සුන්ට උදව් කරන්න ගිහින්,
හැමදාම අන්තිමට බැනුම් අහන එක විතරයි වෙන්නේ,
නමුත් මට බැන්න දුකට වඩා,
ඒ මිනිස්සු මම කරපු දේ නිසා,
හොද තැනක ඉන්නවා දකිනකොට මට සතු‍ටුයි.
සමහර විට මම මෝඩ වෙන්න ඇති,
මම නපුරු වෙන්න ඇති,
මාව අනිත අයට දිරවන්නේ නැතුව ඇති,
ඒත් මම මමයි, මම වෙනස් වෙන්නේ නැහැ,
අදත් හෙටත් මම එහෙමමයි,
අනන්තවත් මගේ හිත රිදුනට,
එහෙම වෙන්නත් හේතුවක් ඇති,
සමහරවිට මම අනිත් අයගේ හිත් රිදවන නිසා වෙන්නත් ඇති.
ඒත් මම මමයි, ඔවුන් වෙනස් වෙන්නෙත් නැහැ,
ජීවිතයෙදි දහසක් මිනිසුන් මට හමුවෙලා ඇති,
එයිනුත් මට විශේෂ අය කිහිප දෙනෙක් ඇති,
මට සමාවෙන්න ඒ හැමදෙනාගෙන්ම,
මගෙන් වරදක් උනානම්,
කවදාහරි දවසක ඔවුන් කියාවි,
ඔවුන් නිසිමග ගෙනිච්චෙ කව්ද කියලා,
එදාට ඒ සතුටේ අයිතිකාරයා හැමොම දාලා,
යන්නට ගොසින් සිටීවි.

Advertisements

11 thoughts on “මම…

  1. හුස්ම හිරවීමෙන් කෙනකුගේ මරණය සිදු වෙතැයි මම උපකල්පනය කළෙමි. මා ඇඳ ඇතිරිල්ලෙන් ගෙළ සිර නොකැර ගන්නේ මක් නිසාද? මම එයින් මගේ ගෙළ තදින් සිර කැර ගනිමි. හුස්ම ගැනීම අපහසු වන තෙක් සිර කර ගනිමි. වාතය පෙනහළුවල සිරවෙයි. තව මිනිත්තු කිහිපයකින් මගේ මොළයට ඔක්සිජන් නොලැබී මා මිය යනු ඇත්තේය. ඉන්පසු සිද්ධි දාමය මගේ මනසෙහි ෆාස්ට් ෆෝර්වර්ඩ් වෙයි. කවරකු විසින් හෝ මගේ මළ සිරුර සොයා ගනු ඇත. සමහරවිට මෙහිදීම මරණ පරීක්ෂණය පැවැත්වෙනවා ඇත්තේය. හේරත්හාමි ඔහුගේ නැඟණියගේ මළ සිරුර කැපුවේය. මගේ මළ සිරුර කපනු ඇත්තේ කවරකු විසින්ද? මා සිය දිවි නසා ගත්තේ ඇයිදැයි කවරකු හෝ ප්‍රශ්න නඟනු ඇත්තේද? “ලව් සීන් එකක් වෙන්න ඇති” බහුතරය තමන්ගේ නිගමනය දෙනු ඇත. සියල්ල අවසානයේ සිරුර එම්බාම් කොට මිනී පෙට්ටියක බහා පාංශුකූලය දෙනු ඇත. හාමුදුරුවන්ගේ අනුශාසනාව කෙටි විය හැකිය. තම ජීවිතයෙන් පළාගියෝ අපේ සමාජයේ වීරයන් සේ නොගැනෙති. ඔවුන් ගැන කියන්ට වැඩි දෙයක් නැත. මා වෙනුවෙන් පැන් පිරීමට එක්වනු ඇත්තේ කවරෙක්ද?

  2. ඔව්,එයා මගේ ජීවිතේටත් වඩා මට ලං වුණා.මගේම ජීවිතේටත් වඩා මම එයාට ආදරේ කලා.අවුරුදු ගාණක් ලං වෙලා නොහිටියට , අපේ ආදරේ තුල ඇතිවුණේ ආත්මීය බැඳීමක්.සමහරවිට ඒ සංසාර පුරුද්දට වෙන්න ඇති.

  3. මම ජනතා සංගමයට අනුබද්ධව වැඩ කළ නිසාත්. ජවිපේ ඇතැම් වැඩ විවේචනය කළ නිසාත් , 1988 භීෂණ කාලේ මරණ තර්ජන ආවා. අන්තිමට මම ආරක්ෂාව පතා කුරුණෑගල දේවසරනිය ගොවිපලේ නැවතිලා හිටියේ. එහෙ ඉන්න කොට තමයි විජේවීරගෙ මරණය මට ආරංචි උනේ. විජේවීරගෙන් මට මරණ තර්ජන තිබුණත් විජේවීරගේ මරණය මගේ සිතේ ඇති කළේ කම්පනයක්. මරණය ආරංචිවෙලා ප‍්‍රදේශයේ රතිඥ්ඥා හඬ, ප‍්‍රීති ඝෝෂා. මට මතක් උනා ඒ කාලේ ඒ කියන්නේ 71 කැරැල්ලට පෙර අපි දේශපාලන වැඩ කරනකොට මමයි, විජේවීරයි, එකට සහෝදරත්වයෙන් වැඩ කරපු ආකාරය.

  4. මම ලංකාවට නිවාඩුවට ගිය හැම වතාවකම රසායන විද්‍යා ආයතනයේ සිසුන් වෙනුවෙන් පර්යේෂණ පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වලා තිබෙනවා. ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යාපනය ගැනත් දේශන පවත්වලා තිබෙනවා. ඒ නිසාම පශ්චාත් උපාධිය හදාරන්න යොමු වෙච්ච අයත් ඒ අතර ඉන්නවා. පෞද්ගලිකව මම උදවු කරපු කිහිප දෙනෙක්ම සාර්ථකව ආචාර්ය උපාධි අරගෙන මටත් වඩා හොඳ තැන්වල ඉන්නවා. ඒ අතරින් එක් තැනැත්තියක් නිවුයෝක් නුවර විශ්ව විද්‍යාලයක සහකාර මහාචාර්ය වරියක්, තවත් තැනැත්තියක් පර්යේෂණ ආයතනයක විද්‍යාඥ වරියක්, තවත් කෙනෙක් ටෙක්සාස් වල තෙල් සමාගමක රසායනඥයෙක්. තවත් කෙනෙක් ඕස්ට්‍රේලියාවෙ ආචාර් උපාධිය නිම කරනවා. තවත් කෙනෙක් කැනඩාවෙ ආචාර්ය උපාධිය නිම කරනවා. මේ මම ඍජුව දායක වෙච්ච ජීවිත. ඔබ දන්නා ජනප්‍රිය බ්ලොග් තරුවකටත් මම උදවු කරන්න උත්සාහ කළා… නමුත් ඔහු මම උදවු කළ තැනටත් වඩා හොඳ තැනකට ගියා… ඒ ගැන මම බොහොම සතුටුයි. මම යුනිලීවර් ආයතනයෙන් පිටවෙනකොට එතැන දොර ඇරලා දීපු දෙදෙනෙකු දැන් ඒ ආයතනයේ බොහොම ඉහළ තැන්වල.. මේ හැම දෙනාම ඉන්න තැන් මට වඩා ඉහළයි.. පහන් කන්ද පාමුල අඳුරු වුනාට පහන් කන්දට ප්‍රශ්නයක් නෑ.. ඔවුන් ඉහළට ගිහින් හොඳින් වැජඹෙනවා නම් ඒ ඇති. ඔවුනුත් අනුන්ට උදව් කරලා තවත් ජීවිත එළිය කරනවා නම් ඊටත් වඩා හොඳයි… ඒ මම හිතන හැටි.

    • හ්ම්ම්… දැන් බලාගෙන ගියාම අපි දෙන්නම කරලා තියෙන්නේ ගොඩාක් සමාන වැඩ තමයි. ඔබගේ කතාව හරි, අපි කවදාවත් තවත් කෙනෙක්ගෙන් උදව්වක්, වාසියක් බලාගෙන කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. අපි කරන්න ඕනි හැමෝටම යහපතක් වෙන, හැමෝගෙම හිත සතු‍ටුවෙන දෙයක්.. ඒ දේ දිහා බලලා අපිට සතු‍ටුවෙන්න පුලුවන් නම් ඒ සතුටම ඇති හැමදාටම.

      මිනිස්සු විවිධාකාර නිසානේ මේ ලෝකේ මෙච්චර ලස්සන වගේම කැතත් වෙලා තියෙන්නේ, නැත්නම් කිසිම රහක් නැතිව තමයි අපිට ඉන්න වෙන්න වෙන්නේ.. ඒනිසා හැම දේම උපේක්ශාවෙන් බලාගෙන තමන් කරන වැඩේ හරි දෙයක් නම් නොනවත්වා කරන එක තමයි කරන්න තියන හොදම දේ…

      ඔබට බොහොම ස්තුතියි…

  5. ඔව්,එයා මගේ ජීවිතේටත් වඩා මට ලං වුණා.මගේම ජීවිතේටත් වඩා මම එයාට ආදරේ කලා.අවුරුදු ගාණක් ලං වෙලා නොහිටියට , අපේ ආදරේ තුල ඇතිවුණේ ආත්මීය බැඳීමක්.සමහරවිට ඒ සංසාර පුරුද්දට වෙන්න ඇති.

  6. දාහතේ කොලනියට ඒතරම් හඳ එළිය වැටිච්ච නැති එක දවසක මමයි රිපිටයි දෙන්න කිරි ඉබ්බෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලගන්න හිතාගෙන ඇල දිගේ පහළට ගියා . චිකන් කන්න අතේ මිටේ සල්ලි හිඟ කම නිසාම මේ කොලනි කීපයේම මිනිස්සු ඉබි මස් නම් බෑ නොකියා දෙසා බෑවා . මම වුණත් එහෙමයි . හරක් මස් කටේ තොලේ ගෑවෙනවාට පවා අකමැති මම ඉබි මස් කන එක ගැන වෙලාවකට මටම පුදුමයි . ඒත් හැමදාමත් පොල් සම්බෝලෙයි බතුයි කන්න බැරි නිසාම නිකම් හම්බුවෙන ඉබි මසට අපේ අහල ගං කීපයේම මිනිස්සු වගේම මමත් පුරුදු වෙන්න ඇති .

    • හ්ම්ම්.. පසුතැවීමක් නැහැ මම වරදක් කාටවත් කරලා නැතිනිසා, ඒත් හිතට පුන්චි හරි දුකක් දැනෙනවා බැනුමක්, ඇනුම් පදයක් අහනකොට. මම තාම මාර්ගඵල ලබලා නැහැනේ, මම අතීතය ගැන දුක් වෙන්නෙ නැහැ. නමුත් අනාගතයෙදි කරන්න යන වැඩ තේරුමක් තියේවිද කියලා හිතෙනව සහෝ… ඒත් අපි බලමු ඵල ඇති රුකටනේ කවුරුත් ගල් ගහන්නේ. බොහොම ස්තුතියි සහෝ ඔබගේ කොමෙන්‍ටුවට…

    • ඔබේ උපදෙසට ගොඩාක් ස්තුතියි…

      නැහැ ඇත්තටම මම මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ මොනදේ උනත්, ඒ මගේ හැටි. නමුත් අවස්ථානුකූලව මම ප්‍රතිපත්ති වෙනස් නොකරම මම වෙනස් වෙලා, මම කරන්න යන වැඩේ ඒකේ ප්‍රථිලාභ ලබන අයටම දැනෙන්න ඇරලා ඒ වැඩේ කොහොමහරි සාර්ථකව කරලා තියනවා. ඒත් වැඩේ කියන්නේ මගේ හිත රිද්දන්නෙත් මම උදව් කරපු අයමනේ. කවදාහරි එයාලට තේරේවි… මොකද මෙච්චරකල් උනෙත් මට ගරහපු, පහර ගහපු අයම මගෙ වැඩවල හොද පසුකාලෙක කියන්න වුන එකනේ. එතකොට මගේ හිත රිදිලා ඉවරයි.

      ඔබටත් ගොඩාක් ස්තුතියි මගෙ පිස්සු විකාර ගැන කියවලා මම ගැන හොයන්නත් වෙලාවක් වෙන්කරාට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )