පොඩිමූලන, ලැම්බෝගිනි සහ පෙට්ට්‍රල්


පහුගිය සිකුරාදා තමයි දවස…. අප්පා කියලා වැඩක් නැහැ, පට්ට ආතල් ටිකක් ගත්තේ කොලබ ගිහින්, ඒ ආතල් මතක් වෙත්දි ඇගේ මයිල් ස්මයිල් වෙනවා.

මම උදේ පාන්දරම කුකුලා අතේ තියාගෙන කැම්පස් එකේ ඉදලා පොඩි වැඩවගයක් කරගන්න කොලබ ආවා. ඇවිත් වැඩ ටිකත් කරගෙන ඉවරවේගන යනකොට 3ට විතර මහා කලබලයක් කොල්ලුපිටිය, බම්බලපිටිය, කො‍ටුව, ලේක්හවුස්, පිටකො‍ටුව විතරක් නෙවෙයි ටවුන්හෝල් වලත්… මිනිස්සු පාරට බැහැලා ඒහෙ දුවනවා මෙහෙ දුවනවා එක කෙලියයි. දැන් ඔයාලා බලයි මූ කොහොමද යකෝ මේ හැම තැනම වෙන වැඩ දැක්කේ කියලා. මෙහෙමනේ මම හිටියේ හෙන උස බිල්ඩිමක උඩම තට්‍ටුවක, ඒනිසා මට ඔය කියන තැන් පෙනුනා. අනිත් තැනුත් එහෙම වෙන්න ඇති.

නිකමට වගේ අහලා බැලුවා ලග හිටපු බුවාගෙන් මොකක්ද සීන්1 කියලා, මිනිස්සු නිකන් නැට්ට කැඩිච්ච කඩි වගේ දුවන්නේ මොකද කියලා. කියන්න බැහැනේ මෙහෙ සමහරදාට සුනාමි කියලා දුවනවා, තවත් දවසක පොළව හෙල්ලෙනවා කියලා දුවනවා, අරවා මෙව්වා සීන් ගොඩයිනේ. මිනිහ මට මූනිච්චාවට හිනාවෙලා අහනවා ඇයි අද පොඩිමූලනගේ ලැම්බෝගිනිය ටියුන් කරනවලුනේ ගෝල් පේස්1 , ඒකට පාරවල් වහලානේ කියලා.

ඉතින් යකෝ හරි කෙලියක්නේ මේක පොඩිමූලනට වෙන තැනක් තිබුනෙම නැත්ද ඔය අටමගල ටියුන් බැරිනම් අහවල් ඕනි1ක් කරගන්න? අනික ගෝල්පේස්1 ටියුන් කරනවානම් පාරවල් වහන්නේ අර අහවල්1කටද? පාර වැහුවා කියලා මිනිස්සුන්ට ඔච්චර තදියෙමේ දුවන්න හේතුව මොකක්ද? මටත් ඉතින් ලවක් දෙවක් නෑ ප්‍රශ්ණ පත්තරයයි අර බුවාට.

මෑන්ට මල පොජ්ජ මන්දුවෙලා කියාපි, “ඇයි යකෝ උබ නිවුස්වත් බලන්නේ නැත්ද? මොන ගොඩයෙක්ද මේ කියලා” . මටත් මල පැනපි, ගත් කටට මට කියවුනානේ ” බොලාට කැම්පස්1 එක්සෑම් නැතිඋනාට මට එකසෑම් මේ දවස්වල, අනික සුදු බණ්ඩා හොස්ටල්1ට දීපූ රූප පෙට්ටිය වැඩකරන්න තාම ඇන්ටනාව එවලා නැතිනිසා අපේ  එක පුස් කනවා, ඉතින් කොහොමේයි නිවුස් තියා ගොසිපක් වත් හොයාගන්නේ “කියලා.

ඒකෙන් මේකෙන් මිනිහා ශේප්, මාත් සීන් කෝන්1 දැනගත්තා. සිකුරාදා ගාලුපාර වහනවලු සෙනසුරාදා කාර්රේස් එකට පුහුණු වෙන්න. ඒකත් මරු අප්ප. ඉතින් ඕකට හවස පාර වහන එක වෙනුවට දවසම පාර වහලා මිනිසුන්ට සිකුරාදා නිවාඩු දවසක් කරානම් ඉවරනේ. ඉතින් කොහොමහරි මම වැඩේ කරගෙන හවස 6.30 විතර පාරට බැස්සා ආපහු කැම්පස් එන්න හිතාගෙන. මොන ඒමක්ද? බොහොම අමාරුවෙන් පැයක් කට්ටකාලා මරදානට ආවා. මගේ පිනකට එතනදිම බදුල්ල බස්1ක් හම්බවුනේ. නැත්නම් මම පිටකො‍ටුවට ගිහින එන්න හිටියනම් තාම පිටකො‍ටුවේ මම. කොහොමහරි බස්1ට නැගලා එන්න පිටත් වුනා… මරදානේ ඉදලා මහරගමට වෙනදා නම් පැය 1/2යි, ආශ්චර්යය කියන්නේ මෙදා පාර වහල නිසා ඉතා අධික වේගයෙන් ගිහින් පැය2කට පස්සේ මහරගමට කිට්‍ටු වුනා. ඕං කාර් රේස් තියලා අපි හයියෙන් ගිය හැටි.

මහජනතාව මැදමූලනටයි, පොඩිමුලනටයි ප්‍රශ්ස්ති ගායනා කරා කියන්නේ කොහොමද කියනවා නම් අර “ආයුබෝවේවා මහමූලන ” කියපු ගායිකවට වගේ හැමෝටම අඩි පාරකට හරි තමන්ගේ නම දාගන්න තිබුනා ඒ ගුණ වැයුමේ හොදකමට. ඒතරම් හරී ශිෂ්ඨ සම්පන්නයි, සංවරයි, මිහිරියි…. අම්මෝ… මතක් වෙත්දිත් ආ..සයි.

මහරගම ඉදලා බලංගොඩටම බස් එක ආවේ ඉබිගමනින්, කොච්චර අපිට එපා උනාද කියනවානම් අපිට නින්ද ගියෙත් නැහැ… පැය 2 1/2ට කිලෝමීටර140ක් , හයිවේ1ත් පැයට යන්න පුලුවන් බස්1කට උපරිම කිලෝමීටර 90ක් විතර කිසිම බාධකයක්  නැතුව, සාමාන්‍ය පාරක තියන කරදර බාධක දන්න  ඔයාලා හිතාගන්න බස්1 ගිය වේගය. අපිට කාර් රේස් බලන්න අමුතුවෙන්  ඕනිවුනේ නැහැ. කිසිම ආරකෂාවක් නැතිව පැයට කිලෝමීටර 100 විතර වේගයෙන් ගිය බස්1ක මාරාන්තික අත්දැකීමක් ගත්තා.. මහර ගමදි උඩට ගත්ත හුස්ම පහල දැම්මේ බලන්ගොඩදි ඕං.

මම නම් යහතින් ආවා, ඒත් ලංකාවපුරා ගිය සිකුරාදා උන හදිසි අනතුරු ගාන වෙනදට වඩා වැඩී ලු, කට්ටියක් ආතල්1ට වේගයෙන් ගිහින් ඇන ගෙන, තව කට්ටියක් කොලබදි වුන පරක්කුව නිසා හයියෙන් යන්න ගිහින් ඇනගෙන. කොහොමහරි පොඩිමූලනට ආතල් ගන්න කරපු වැඩෙන් බරගානකගේ වෙලාව, මුදල් විතරක් නෙවෙයි අතපය, ජීවිතයක් අහිමි වුනා. අන්න එහෙමයි පොඩිමූලන ලැම්බෝර්ගිනියෙන් ආතල් ගත්තේ. ඒ සිකුරාදා විතරක් නවෙයි, සෙනසුරාදත් ඔය සෙතේම වුනා.

ඒ අස්සේ රටම රේස් කාර් සහ කාර් රේස් නිසා උත්සවශ්‍රීයෙන් ඇලලිලා තියෙද්දී මහමූලන තවත් පට්ට ආතල් එකක් දුන්නා මහජනතාව වන අපිට, ඒ වෙන මොකක්වත් නෙවෙයි රුපියල් 10 කින් පැට්‍රල් වැඩිකරලා. පැට්ට්‍රල් වලින් දුවන බයික්, ත්‍රීවීල් දැන් සාමාන්‍ය ජනතාවගේ වාහන නොවන නිසා අපිට අවුලක්ම නැහැ. මොකද අපි පොඩිමූලන වගේ දුප්පත් ලැම්බෝගිනිකින් ගමන් යන දුප්පතුන් පිරිසක් නොවන නිසා…

 

Advertisements

4 thoughts on “පොඩිමූලන, ලැම්බෝගිනි සහ පෙට්ට්‍රල්

  1. ජේ.ආර්.පී.සූරියප්පෙරුම පවසයි:

    දැන් බලන්න හසන්ත මහත්තයෝ,..

    කාර් රේස් එක වගේද අර පාටි1 හිටපු සුපිරි රුසියන් කෙල්ලෝ ටික, ජංගිය පේන්න කොට ගවුම් ඇදලා කාමුක බව ඇග හැම තැනින්ම බේරෙනවා. ඕවා දැක්කාම මගේ තරුණ ජවය බේරෙනවා කොල්ලෝ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )