ලංකාවට ලෝක විනාසය නොවෙන්නට හේතුව ඔබ දන්නවාද?


සකල සිරින් පිරි සිරි ලංකාව දැන් ලෝකේ වෙන කිසිම රටකට වඩා දියුණුයි නොවැ.. අඩුවක් පාඩුවක් තියනවා කියලා කාටවත් කියන්න බැහැ (ඒතරමටම අඩුපාඩු හැම තැනම). ජනතාව ඉතාම ඉහල ජීවන මට්ටමක ඉන්නේ (දැන් ගොඩාක් පලාත් වලට ගංවතුර නිසා), ජනතාවගේ සතුට වෙනුවෙන් කාර් රේස් තරග වගේම ඒවා ගේ යන්න රේස් කාර්, ලිමෝසීන්, ලැම්බෝර්ගිනි වගේ ඉතාම පොදුජනයාගේ වාහන රාශියක් ලංකාව සතුව තියනවා. ඒ නිසා දැන් කටක් ඇරලා අපිට ලෝකෙට අභිමානයෙන් අපේ රට ගැන කියන්න පුළුවන් ආදර්ශයට ගන්න කියලා… අනික ලෝකේ අඩුම ඉන්ධන මිල තියෙන්නෙත් අපේ රටේ (මයේ කල්පනාවේ හැටියට අරාබියේ සුල්තාන්ලත් දැන් තෙල් ගන්නේ අපෙන්, මොකද උන්ට තෙල් හදන්න යනවියදම අපෙන් තෙල් ගන්න යන වියදමට වඩා වැඩිනිසා, ඒ ගැන හිතලමද මන්දා අයෙත් 10කින් වැඩිකරේ ගාන).

අනික දැන් පිටරට සුද්දියෝ මෙහෙට එනවා ඒරටවල් වලට වඩා මෙහේ ගණිකා සේවනයට ලැදියාවක් දක්වන පිරිස වැඩිනිසා ඒරට වලට වඩා ඉහල වැ‍ටුපක් මෙහෙන් හොයාගන්න පුළුවන් නිසා, ඉස්සර අපේ අක්කලා , නංගිලා අරාබියේ ගියේ වැඩකාර කමට දැන් එහෙම අපේ අය එහේ යන්නේ නැති උනාට ඒ රටවල් වල අය මෙහේ ‍රැකියාවලට එවන්න ඒරටවල් වල තානාපති කාර්යාල දැන් අපේ රජය එක්ක හරි හරියට සාකච්චාවල්, ඒකනේ ගණිකවන් නීතිගත කරන්න කියන්නේ හැම තැනින්ම,මොකද ඒ රටවල් වලට අපේ රටෙන් විදේශ විනිමය විශාල වශයෙන් උපයගන්න පුළුවන් නිසා. (කීයක් දීලාහරි අපේ අයියලත් මොනවා මොනවා හරි කොරගන්නමනේ හදන්නේ)

අනික ලංකාවේ කෘෂිකර්මාන්තය ලබපු සීඝ්‍ර දියුණුව නිසා ආපදා කාලෙකදිත් අපිට ඇතිතරම් ආහාර සංචිත තියනවා ජනතාවට බෙදලා දෙන්න, අතිරික්තයක් තිබුනොත් ඒවා ලොකු ලොකු නිලතල වල ඉන්න අය ගෙදර අරන් තියාගන්නවා ආපහු උවමනාවක් උනොත් බෙදලා දෙන්න ජනතාවට (අර සුනාමි කාලේ උනා වගේ). ඒ විතරක්ද මේ ජරමර ඔක්කෝම තියාගෙනත් ආහාර අපනයනය කරන්න තරම් ආහාර වලින් අහේනියක් නැහැ නොවැ. (අවුලකට තියෙන්නෙ මහමූලන සාටකේට දාපු කුරහන් විතරක් ලංකාවට තාම ආනයනය කරන එක, ඒ හැර අනිත් ඔක්කොම මෙහෙ තියනවා, අනිවා තියෙන්නම ඕනි, මමනේ කියන්නේ ඉතින්.)

මේ ලගදි අපේ දෙවන චන්ද්‍රිකාව අපේ පෝඩිමුලනගේ මූලිකත්වයෙන්, අපි දැන් ලෝකේ චන්ද්‍රිකාවක් කක්ෂගත කරපු 45වෙනි රට කියලා මහ උජාරුවට කිවාට 1994දිත් අපි ඔයිට වඩා ලොකු චන්ද්‍රිකාවක්  කක්ෂගතකරා ඒක 2003 වෙනකන් වැඩකරලා විනාශවෙලාම ගියා. ඒකාලේ ඉන්දියාවවත් එහෙම එකක් කරලා තිබුනේ නැහැ. ඒත් පොඩිමූලනගේ මෙව්වා එක නිසා දැන් අපේ රට කිසිම අහේනියක් නැතුව අන්තර්ජාලය එහෙම ගන්න පුළුවන් ලු..(හැබැයි රජෝ චීනා හරිම කට්ටයා, ඌ… නිකමට නෙවෙයි ඕක උඩ අරින්න අපිට උදව් කලේ ඕං..)

ඉතින් ඔන්න ඔහොම ලංකාවක් අපිට තියනව එකේ ඔය උන්නැහේලට නොතේරුන එකම හරුපේ මම තේරුම් කරන්නම්, ඇයි මූ මේ පෝස්ට් එකට අහවල් එකක්ඩ් දාලා තියෙන්නේ කියලානේ මේ  බලන්නේ.

එහෙනම් මේකයි ඕං, මේ ලංකාවේ අය හිතාගෙන හිටියට අපි ඇමෙරිකාවටත් වඩා දියුණුයි කියලා, ඇත්ත තත්වේ තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව ලංකාව තාමත් ලෝකේ දියුණු රටවල් වලට සාපේක්ෂව අවුරුදු 20ක් පසුපසින් ඉන්නේ, ඒ කියන්නේ අපි තාම ඉන්නේ 1992 හලෝ, ඉතින් කොහෙද අපිට ලෝක විනාසයක් දැන්මම වෙන්නේ. තව කල් තියන්වා හොදටෝම ඒකට ලැහැස්තිවෙන්න.

Advertisements

6 thoughts on “ලංකාවට ලෝක විනාසය නොවෙන්නට හේතුව ඔබ දන්නවාද?

  1. Kenji @ Japan පවසයි:

    හරියටම හරිනෙ එතකොටලු රනිල්ගෙ රාහු මාරුව තියෙන්නෙත්.වලපල්ලට යන්න 80 ගානාත් වයසක්ද සුන්ද….. සමාවන්න,යමපල්ලනි කියල තියෙනවලු නේද JR ලොක්ක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )