ශ්‍රී ලංකා ක්‍රිකට්, මැතිව්ස්, චන්දිමාල් සහ සනත්


1551-1-sri-lanka-cricket1-300x300අම්මේ තඩි ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙලා හුස්මක් ගන්නවත් ලැබුනේ නැහැ තවත් තඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න ලැබුනා. වැඩේ පටන් ගන්න කලින් පෝස්ට් එකක් දාන්න හිතුවා. මොකද ගොඩ දවසකින් ලියන්නත් බැරිඋනානේ.. වැලන්ටයින් දවසේ උන රස කතා ගොඩාක් තියනවා කියන්න, ඒක ඊලග සැරේ ලියන්නම්.

එතකොට අද කියන්න යන්නේ මොකක්ද?

ඔයාල ඉතින් ක්‍රිකට් ගැන හොදට දන්නවානේ, ආය අමුතුවෙන් අපේ කොල්ලොන්ගෙ දක්ශතා ගැන කතා කරන්න ඕනිනැහැ, මේ දවස් වල අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් හරි හරියට වැඩ පෙන්නනවනෙ ඉන්දියාවෙ ගිහින්. ඒනිසා දැන් නිකන් ක්‍රිකට් ගැන උන්මාදයක් ඇතිවෙලා තියෙන්නේ හරියට 96 උනා වගේ. ඔය හැම අටමගලකටම වග කියන්න ඕනි ආයතනයක තමයි ඔය උඩින් දාලා තියෙන්නේ.

ඕකේ සභාපතිවරු, ලේකම්වරු සහ අනික් අය වෙන්න අම්බානකට කට්ටිය පොරකනවා. මොකද සල්ලි හොයන්න පුළුවන්නේ.. නමුත් ක්‍රීඩාව රදා පවතින්නේ සුපිරිදකශතා  දක්වන ක්‍රීඩකයෝ නිසා. ඉතින් එයාලා ‍තෝරන අය තමයි තේරීම් කමි‍ටුව. ඕකට පත්වෙන අය තමයි හැම තරගයක්ම දිනන පරදින විදිහට ක්‍රීඩකයින්ට වඩා බැනුම් අහන්නේ. ඉතින් ඕකට පත්වෙන අයත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා නේ. මෙදාපාර ආපු ලොක්කා තමයි අපේ (හිටපු) සුපිරි පිතිකරු, නිවේදක, පාර්ලිමේන්තු  මන්ත්‍රී සනත් ජයසූරිය මහතා. එයා ආපු ගමන් ඕං කණ්ඩායම වෙනස් කරලාලු. අනිත් එව්වා ගැන කතා කරන්න කලින් ලොකු ලොකු එව්වා ගැන බලමුකෝ..

Angelo+Mathews+2011+ICC+World+Cup+Sri+Lanka+lUdk6dJwuoHlමෙයා තමයි අද ඉදලා ඉස්තීරෙටම ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම්වල නායකයා. පහුගියවතාවේ ඕස්ට්‍රිලියන් කාරයන්ට 20-20 තරග2 දිනන්න දරදිය ඇද්දේ මෙයානේ. ඉතින් ඒකෙන් එයාව ටිකකට නිදහස්කරලා  ඊටවඩා බරපතලම දෙකක් එයාට බාරදීලා. යන විදිහටනම් ඉස්සරහට අවුලක් වෙන එකක් නැහැ.මොකද කාලයක්ම නායකයෝ කිහිපයක් යටතේම පුරුදු පුහුණු වුනානේ.

asammathayaමෙයා තමයි අද ඉදලා ඉස්තීරෙටම 20 – 20  ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ප්‍රවේගකාරි පිතිකරුවෙක් දක්ෂ කඩුළු රකින්නෙක් උනාට කණ්ඩායමේ අවස්තාවක් හිමිඋනා අඩුයි. නමුත් 20-20ට කියාපු ක්‍රීඩකයෙක්.

ClickHandler11කොහොමින් කොහොමින් හරි ඉස්සරහට එන තරගාවලි දිනවලා ලංකාව ආපහු ලෝකේ උඩම තැන තියන්න මේදෙන්නට වාසනාව සහ සහයෝගය ලැබේවා. 4 සැරයක් ලෝක කුසලාන අවසාන තරග පැරදුනාට අපි ඉතා දක්ෂ කණ්ඩායමක් කියලා හැමෝම දන්නවා. 2014 දි 20-20 කප් එක ගන්නයි. 2015 දි 50-50 කප් එක ගන්නයි දැන් ඉදලම මහන්සිඋනාම හරි.

Advertisements

2 thoughts on “ශ්‍රී ලංකා ක්‍රිකට්, මැතිව්ස්, චන්දිමාල් සහ සනත්

  1. මෙවර පැවති අයි.සී.සී. සම්මාන ප්‍රදානයේදී වසරේ හොදම ටෙස්ට් පිතිකරුවා,ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වයෙන්ම පිදුම් ලැබීය.දැන් නම් ඔහුට බැණ වැදුන පුද්ගලයන් පවා ඔහුගේ ගුණ ගායනා කරති.ඒ ලෝකේ හැටිය.කෙසේ වෙතත් ලංකාවේ මෙතෙක් බිහි වු විශිෂ්ටතම ක්‍රීඩකයාට අපි ගරු කළ යුතුය.ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම නීතිවේදය තුළින්ද හසළ දැනුමක් ඇති මොහු රටේ සම්පතකි.ඔහුට මෙවර 20-20 ලෝක කුසලානයේ සාර්ථකම පිතිකරුවා වීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු!

  2. මෙන්න මේ පිතිප්‍රහාරය එල්ල කරන අන්දම බලන්න ඔබ කෙතරම් ආසා කරන්න ඇතිද ,අන්න ඒ නිසා තමයි සනත් විශේෂ වෙන්නේ ,තමන්ටම ඔබින ආවේනිකතාවයක් ගොඩනගා ගැනීම එතරම් ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි ,අද උනත් කොච්චර බැන්නත් සනත් මැච් එකක් සෙල්ලම් කලොත් දැන් නැතුවට දැන් ගහවි ,කියලා හිතෙන්නේ නැති කෙනෙක් ඉන්නවද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )