මට කෙල්ලෙක් හම්බවුනානේ….. (18 +)


ඕං ඕං ඉතින් වැරදියටම හිතන්න පටන්ගත්තා.. මට කෙල්ලෙක් හම්බවුනා කිව්වාම ඔයාලා හිතුවද මම ගැබ්බර වෙලා කියලා. ම්ම්… බාගේ වෙලාවට මගේ කෙල්ලත් එක්ක ඉන්න වෙලාවට නම් එහෙම හිතෙනවා තමයි මොකද ඉතින් එයාගේ වැඩේම හුරතල් වෙන එකනේ. මේ මම කියන්න හදන්නේ වෙන කතාවක්. පහුගිය 14 වැලන්ටයින් සමරපු ඔයාලට හිතට ගන්න තියන කතාවක්. මේ සිදුවීම ගැන ඔයාලට හිතෙන දේත් මට කියන්නකෝ..

ආදරය කියනදේ අපි ඉපදුන දා ඉදලම අපිට විවිධාකාරයෙන් හම්බවෙනවා.. ඒගැන අපි ඇති තරම් කතාකරලත් තියනවා. නමුත් අපි විශේෂයෙන් කතාකරන කෙල්ලෙකුගෙයි කොල්ලෙකුගේ ආදරය ගැන ආපහුපාරක් හිතන්න දෙයක් ඔයාලට කියන්නයි මේ හදන්නේ.

ඉස්කෝලේ ඇච්චා බැච්චා කාලේ අපි  අපේ පන්තිවල හිටපු කෙල්ලෝ හදිසියෙම සතිගානක් ගෙදර නතරවෙනකොට, එයාලගේ ඉග, පස්ස, පපුව අපේ වගේ තිබිලා පස්සේ වෙනස් හැඩයක් ගන්නකොට තමයි අපිටත් මුලින්ම කුතුහලයක් ආවේ ඈබොල මුන්ට මක්කා වෙලාද කියලා. ටික දවසක් යත්දි තමයි අපේ දැනමුතුකම් තියන යාළුවෝ සීන්1 කිව්වේ කෙල්ලෝ ලොකු වෙලා කියලා. ඇත්ත තමයි, අපි ගානට හිටපු සමහර කෙල්ලෝ මාස2-3ට උසගිහින් ලොකු අක්කලාගේ වගේ ලොකු පස්සවල්, ලොකු පපුවවල් ඇවිත් තිබුනේ. ඒක තමයි අපි පොදුවේ ලබපු ලොකුම අවුල් සහගත තත්වය. මොකද මෙච්චරකල් එකට සෙල්ලම් කරපු, ගහමරා ගත්තු, එකට කාලා බීලා හැමදේම කරගත්තු කෙල්ලෝ ටික හදිසියෙම ලැජ්ජා වෙලා, ඇගේ ගෑවුනත් ඈත්වෙන මට්ටමට ආවම පට්ට අවුලනේ.

ඔන්න ඔය වයසෙදි ලිංගික විපර්යාසය කියන තැනින් පටන්ගත්ත කුතුහලය මත අපිටත් ඕනිවෙනවා අයියලා අක්කලා වගේ අමුතු යාළුකමක් පටන්ගන්න. ඒක ඉස්සර වගේ පරම පිවිතුරු යාළුම යළුකමක් නෙවෙයි කියලා අපිට තේරුනා. මොකද ඉස්සර අපි පුන්චිකාලේ කෙල්ලෙක් එක්ක සෙල්ලම් කරාට, අතින් අල්ලාගෙන එහෙමෙහේ ගියාට, එකට හිනාවුනාට, එකට බදාගෙන ඇඩුවට, අනිකා අඩත්දි මටත් ඇඩුනාට ඒ අතරේ තිබුනේ හරිම පිවිතුරු සිරාම සිරා ආදරයක්. ඒ ආදරය හරියට සමන්පිච්ච මලක් වගේ සුවදයි, ලස්සනයි. මොකද අපි හොද යාළුවෝ නිසා. නමුත් අයියලා අක්කලාගේ අමුතු යාළුකම අතරේ අපි ඉස්සර කරාවගේම අතින් අල්ලාගෙන එහෙමෙහේ ගියාට, එකට හිනාවුනාට,  එකට කෑම කෑවාට, කවාගත්තාට, පන්සල් ගියාට වෙනම අපිට දැනුනු ඒවගේම එයාලා අත්විදපු ආතල්1ක් තිබුනා. දෙපිට කැපෙන වචන, ආදරෙන් අත්මිරිකපු හැටි (තව තව එව්වා මිරිකපු හැටිත් අපි දැකලා තියනවා) , හොරෙන් තුරුළුවුන හැටි අපිට හෙන අවුල. ඒනිසා අපිටත් ඕනිවෙනවා එහෙම අමුතු ආතල් එකක් තියන යාළුකමක් පටන් ගන්න. අන්න ඒ විදිහට තමයි අපි ආදරය කියනදේ  ඒ තේරුමෙන් නොදැනවුනත් පටන් ගත්තේ.

ඔන්න ඔහොම පටන් ගත්තු ආදරේ විවිධාකාරවූ බාල්දි, බේසම්, කෝප්ප  පෙල්ලීම්, උදළු දැමීම් ගණනාවකට පස්සේ සමහර වෙලාවට අදවෙනක තිබුනා, සමහර ඒවා බිජ්ජෙදිම නැතිඋනා. ඒ නැතිවුන ඒවට අපේ අම්මලා, තාත්තලා, ගුරුවරු වැඩිහරියක් වග කිව්වා. අදවෙනක ‍රැකිලා තිබුන සම්බන්ධකම් ඉතාම දුර්ලභයි, නමුත් මුලදි තිබුන බොලද ආදරයට වඩා ඒ අය ඒක වඩාත් තේරුම්ගත් ආදරයක් කරගෙන තියනවා. යාළුවෙලා ඇන වුන අය තවතව උත්සාහකරලා දිනුවා, ආය ඇන වුනා,ආය දිනුවා, ආය ඇනවුනා…….. ඔහොම ගොඩාක් කට්ටකාල සමහර අයට හරියටම හරිගියා, සමහර උන්ට අදටත් වැලේවැල් නැහැ..

කොහොමහරි කෙල්ලෙක් එක්ක යාළුවුනාට පස්සේ කීයක් දේවල් කරාද? උපන්දිනේට, වැලන්ටයින් වලට හැම අවුරුද්දේම නොවරදවා සුබපැතුම් කාඩ්, තෑගි දුන්නා ඒ ආදරයේ ලදරු වයසේ ඉදලාම. ටිකක් ආලේ මෝරන්න මෝරන්න වැලන්ටයි දවසටහරි, ගැණුලමයගේ උපන්දිනේ දවසටහරි කොහොමහරි පළවෙනි උම්මා එක දෙනවා. ඊට පස්සේ ටිකෙන් ටිකෙ තව එහාට යනවා. ඒ යන දුර එන්න එන්න වැඩිවෙනවා. අන්තිමට ජංගිය තෙමාගෙන පටන්ගත්තු වැඩේ අන්තිමට මම නාගන්නවා, ගාගන්නවා, අන්තිමට පරිස්සම් නොවුනොත් රී… ගන්නවා.

පෙමින් වෙළිලා ඉදලා වැවිවෙලා දෙන්නාටම ඒ ආදරය දරාගන්න බැරුව ආදරය කරන් දෙන්නෙකුට  මේලෝකේ ලබන්න තියන ලොකුම සතුට ලබනවා. පිටින් ලැබුවොත් කෙල්ල ගොඩ කොල්ලත් ගොඩ, මොකද ආදරේ වැඩිකමට නියංසමයටත් බුබුළු දාන උල්පතක්  වෙන කෙල්ලට වගේම වෙඩිතියාගන්න බැරුව තිබ්බ කාලතුවක්කුව වෙඩි වරුසාවක් තියන්න ගත්තම ඉන්න තැන, ඉන්න විදිහ අමතක වෙනවානේ හැමෝටම. හැබැයි රජෝ ඔය කොතනින් පටන්ගත්තත් අන්තිමට ඉවසන්නම බැරුව කාලතුවක්කුව උල්පතට හරියට වෙඩිතිබ්බ දවසට ඔක්කෝම ඉවරයි. ඒකට තුවක්කුවට තොප්පිදාන්න වෙනවා ලොකුම විනාශයෙන් බේරෙන්න දෙන්නටම. ඒක මේ අපි කොච්චර බණ කිව්වත් හැගීම පාලනය කරගන්න තරමට තමයි දෙන්නට හොද. ඒක අපිට ඉරි කො‍ටු ගහලා වෙන්කරන්න බැරි අත්දැකීම සහ බුද්ධිය පාවිච්චියට ගැනීම අතර ගැ‍ටුමක්. මොච්චර කැම්පස් ගිය බුද්ධිමත් ලමයි ඉන්න රටේ කැම්පස්වල තමයි වැඩිපුරම ගබ්සා වලට පෙම්වතුන් යොමුවෙන්නේ. ඊට එහා ගියාම වැඩිහරියක් විවාහ වෙන්න කලින් කෙල්ලෝ ගැහැණු වෙලා ඉන්නේ. ඒ නිසා බුද්ධිය සහ හැගීම හරියට යොදවාගන්න පෙම්වතුන්ට වෙනවා.

ආදරය කරන දෙන්නෙකුගේ අවසාන බලාපොරොත්තුව තමයි විවාහය. නමුත් මේ පවතින වානිජකරනවූ සමජයේ විවාහයට කලින් පෙම්වතුන්ගේ  හැගීම් අවුස්සලා ඒ හැගීම් වලින් ලාබ උපයන්න පුන්චි රෝසමලක ඉදලා කොන්ඩම් එකක්, හෝටලයක කාමරයක් ගන්න පොලබවන තැනට ඔවුන් පත්කරනවා. එතකොට විවාහට තියන වටිනාකම නැතිවෙනවා, ඒක නිකන් උපන්දින සාදයක් තරමට බාල්දුවෙලා තියනවා. නමුත් ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා උත්සවේනම් ගන්නවා. අර විනිල් මැනික් මුදලාලිගේ පුතාගේ විවාහයට කෝටි 22ක් ගියා කියන්නේ. නමුත් කව්ද දන්නේ ඒ ඉන්න කෙල්ල කොල්ලෝ කීයක් එක්ක හිටියද කියලා, කොල්ලා කෙල්ලෝ විතරක් නෙවෙයි ගණිකාවෝ කීයක් එක්ක හිටියද කියලා. ඕවා රෙද්ද උස්සලා බලන්න බැහැ, මංගල ‍රැයේදි ලේ පැල්ලම් බලල මනින්න බැහැ. මොකද අද කන්‍යාභාවයත් රීප්ලේස් කරන්න පුලුවන් ලක්ෂ2-3කට නිසා.

ඒනිසා අන්තිමට බලාගෙන ගියාම අපි කරලා තියෙන්නේ වෙලෙන්දන්ට ඕනි විදිහට නටපු එක විතරයි. ඒතනදි අපි අපේ කෙල්ලගේ කොල්ලගේ සැබෑ ආදරය අමතක කරලා හැගීමට වහල් වෙන්න පුරුදුවෙලා තියනවා. නමුත් මොහොතක් හිතන්න, ඔයා ඔයාගේ ආදරයට ඇත්තටම ආදරය කරාද කියලා. අපි ඉස්සල්ලා කතාකරපු උත්සව, දින, හැගීම් වලින් ලබපු සතුටට වඩා සැබෑ ජීවිතයේදි අපි දෙන්නාගේ ආදරේ නිසා අපි සතුටින් ඉදලා තියනවද කියලා. පෙම්වතුන් දෙදෙනෙකුගේ ආදරය සාර්ථක වෙන්නේ මිලමුදල්, යානවාහන, උත්සව නිසා නෙවෙයි. ඒ දෙදෙනා ඒ දෙදෙනාට දක්වන ආදරය, කැපකිරීම මත. ඒතුලින් ලබන සතුට කියලා නිමකරන්න බැහැ. ” මම මගේ පෙම්වතියට ගොඩාක් ආදරෙයි, ඒවගේම ඇයත් මට ගොඩාක් ආදරෙයි. අපි අපි දෙදෙනා වෙනුවෙන් අනන්තවත් කැපකීරීම කරගෙන තියනවා.” කියලා හැමෝම කියනවා. ඒවගේම ” අපි කවදාවත් රණ්ඩුවෙලා නැහැ”. කියලා කාටද කියන්න පුළුවන්, කාටවත් බැහැ. මේ මටත් බැහැ. නමුත් මම මට අවංකව කියන්න පුළුවන් අපි දෙන්නා ආපු ප්‍රශ්නවල හැටියට අපි අනන්තවත් කැපකිරීම කරගෙන තියනවා වගේම අපි රණ්ඩුවෙලාත් තියනවා.

නමුත් අපිට ලදදෙයින් සතු‍ටුවෙලා අපේ ආදරය වගේම අපේ ජීවිතය ජයගන්න පුළුවන්නම් ඒ සතුට වෙන කොහෙන්වත් ගන්න බැහැ. මෙන්න ඒකට උදාහරණය…

asammathayaasammathaya

මිල මුදල් නැතුවුනත්, ගන්න ලස්සන ඇදුම්, රත්තරන් නැතිවුනත්, යන්න වාහන සහ මංගල ‍රැය හෝටලයක ගත නොකරත් හිතේ තියන සතුට ඒ කිසිවක් නැතිවුනා කියලා නැතිවෙන්නේ නැහැ. ඔබත් මොනදේ කරත් කමක් නැහැ, අවංකව හිතලා බලන්න ඔබ සතුටින්ද කියලා.

ආදරය ආදරය කරන්න, කැපකිරීම කරන්න, හැගීමට නොව බුද්ධියට ඉඩදෙන්න. අන්තිමට මේවගේ සතුටින් එකට එකතුවෙන්න. මේලෝකේ ලබන්න පුළුවන් ලොකුම සතුට ජීවිතය පුරාවටම ලබන්න.

Advertisements

5 thoughts on “මට කෙල්ලෙක් හම්බවුනානේ….. (18 +)

  1. ජීවිතය ඇත්තේ විඳවන්ට නොව විඳින්ටයි. හැමදාම දුකම දකින්න පුරුදු උනහම ජීවිතේ පෙනෙන්නේත්, දැනෙන්නේත්, ඇහෙන්නේත් දුකම විතරමද මන්දා.ජීවිතයට අවශ්ය අනවශ්ය දෑ සියල්ල ලංකරගෙන, තවත් සැපම සොයමින්, භෘතික සැප සම්පත් කඳු ගොඩ ගසන පිරිස් දුටුවිට මට ඇති වන්නේ් කණගාටුවක්.”මට මගේ් නංගී ගැන දුකයි, ඈ වෙහෙස වෙන්නේ සල්ලි හම්බ කරන්නමයි” මගේ යෙහෙළියක් දිනක් පැවසූවා.”ඉතින් එකෙ වැරැද්දක් තියෙනවද? ” මා විමසුවා”ඔව්, ඔවුන්ට අනෙක් අය වෙනුවෙන් කාලය වැය කරන්න බෑ. ඔවුන් හිතන්නේ් මුදල් ජීවිතය කියා. ඒත් මුදල් වලට මිනිස් ගුණ ධර්ම මිලදී ගන්න බෑ” ඇය පැවසුවා.”ඒත් ඒ අයගෙන් අන් අයටවත් ලෝකයටවත්, කරදරයක් වෙන්නේ නෑනේ” මම පැහැදිලි කලා”ලෝකේ ජීවත් වෙනවා කියන්නේ අන් අයට කරදර නොකර ඉන්න එක විතරක් නෙමේ, මිනිස්සු සල්ලි පසු පස දුවද්දී ඔවුන්ට ජීවත් වෙනවා කියන දේ අමතක වෙනවා”බලාගෙන ගියහම ඈ කියන කථාවත් ඇත්තබොහෝ දෙනෙක් හිතන්නේ,”අරයට වැඩියෙන් යමක් මට ළං කරගන්නයි” ඉගෙන ගන්නත් ඕනෙ, මුදල් හරි හම්බ කරන්නත් ඕනෙ, විප්ලව කරන්නත් ඕනෙ, වෙනස් වෙන්නත් ඕනෙ ඒත් මේ සියල්ල අතර අපි ජීවත් වෙන්නත් ඕනෙ. අපට ජීවත් වෙනවා කියලා හැගෙද්දී තපෝ බිමක තරම් සහනයක් දැනෙනු ඇතැයි මට සිතේජීවිතයේ සෘන්දර්යය සොයා යන්නන්ටනම් මේ ලියැවීම් සොඳුරු අඩහැරයක් වෙනවාට සැක නැත.

  2. ඔයාගෙ ඔය කතාව කෙටියෙන්ම කියනවනම් ආදරය කියන්නේ මානසික දෙයක්,ඒකට මිල මුදල් අරව මෙව්වා ඕන නෑ.හරි,එහෙමනම් මීට කලින් කොල්ලො එක්ක ඉඳලා බඳින කෙල්ලෙක් ගාව ඒ ආදරය නැති වෙයිද?ගණිකාවො ගාව ඉඳලා බඳින කොල්ලා ගාව ආදරය නැති වෙයිද? ගබ්සාවක් කරගෙන පස්සේ බඳින දෙන්නෙක් ගාව ආදරය නැති වෙයිද? ආදරයේ පදනම් අපි භෞතික දේවලින් එහාට යවනවා නම් මේ කතාවට කන්‍යාභාවය,ගබ්සාව ඇතුල් වෙන්නෙ කොහොමද?පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

    • ඔව් එකට මට දැනෙන උත්තරේ මෙහෙම කියන්න පුළුවන්. ආදරය කරනවා කියන්නේ අනකා වෙනුවෙන් අපි කරන කැපවීම කොතරම් කරන්න පුළුවන්ද කියන එකත් එක්කම ඒ කැපවීම තුල අපි එකිනෙකා සතුටින් තියන්න පුළුවන්ද කියන එක. ඒකට මිලමුදල් කියන එක සාදකයක් වෙන්නේ නැහැ. නමුත් ජීවත් වෙන්න මිලමුදල් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

      ඒවගේම ඒ කැපවීම අතරතුර අපි රාගයට යොමුවෙනවා තමයි. එතනදි අපි බුද්ධිමත්ව වැඩ කරෙ නැත්නම් අපි අපිටම කරගන්නේ හානියක්. ඇත්තටම අපි ආදරය කරනවානම් තමන්ගේ කෙල්ලට අපිට ගණිකාවක් ගාවට යන්න වෙන්නේ නැහැ. ඒවගේම ආදරය කරනවා කියලා අපිට පලවෙනි පාරෙන්ම හරියටම තමන්ට ගැලපෙන කෙනා හොයාගන්නත් බැහැ. අන්න ඒ නිසා තමයි මම කිව්වේ අපි කීප සැරයක් ඇන වෙලා ඇති කියලා. අන්න ඒ නිසාම තමයි අපි ලිංගිකත්වය කියන කාරනාව ඉතා පරිස්සමින් යොදවගන්න වෙන්නේ මෙතනදි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )