පින්තූරය

නිර් වස්ත්‍ර පාට කිරීමේ කලාවේ රස….


අපි ඇදුම් අදින්නේ විලි වසා ගන්නම නෙවෙයිනේ. එහෙම විලි වසා ගන්නම ඕනිනම් ඇග වැහෙන්නම අදින්න ඕනි, නැතුව බිකිනි වගේ ලිංගික අවයවය විතරක් වැහෙන්න ඇදුම් ඇන්දාට වඩා  හොදයි ඒවත් නැතුව හෙලුවෙන්ම හිටියානම් . එහෙනම් අපි ඇදුම් අදින තවත් කාරනාගොඩාක් තියනවා, ඒ තමන්ගේ සමාජ තත්වය, තමන්ගේ විලාසිතා වලට ඇති කැමැත්ත, තමන් අනිත් අය අතර කැපී පෙනෙන්නට දරන උත්සාහය  වගේ දේවල්. ඒනිසාමනේ අද ඇදුම් වලට මෙච්චර ඉල්ලුමක් සහ අධික වියදමක් දරන්නට මිනිස්සු පුරුදුවෙලා තියෙන්නේ..

හරි හරි දැන් ඇදුම් ගැන කතාකරා ඇති. අද ලිපිය ලියන්න යන්නේ හෙලුවැලි මිනිස් කය මතින් ඉතා අලංකාර, ඇත්ත ඇදුමක් හෝ පසුතලයකට සමපාතවන මිනිස් රුව සිත්තම් කිරීමේ කලාව  ගැන. මේක ඉංගිරිස්  වලින් Body Painting කියලාත් කියනවා. මේත් එක්තරා සිතුවම් කලාවක්, නමුත් මෙහි සුවිශේෂිත්වය වන්නේ නිරුවක් කාන්තා හෝ පිරිමි සිරුරු මත මෙය ඉදිරිපත් කිරීමයි.

This slideshow requires JavaScript.

බලන්න මෙහිදී ඒ සිතුවම් කල කලාකරුවාගේ හැකියාවන් සහ ඒ නිරූපන ශිල්පියා හෝ ශිල්පිනියගේ හැකියාව. ඒ දෙදෙනාටම ඉතා ඉහල ඉවසීමක් තිබිය යුතුයි මෙවැනි සංකීර්ණ කටයුත්තක් කිරීමට. ඒවගේම ඒ දෙදෙනා අතර තිබෙන සහයෝගයත් මේසදහා ඉතාවැදගත්.

ඕං ඉතින් කුලප්පුව හැදුනා, දැන් ඉතින් තමන්ගේ පෙම්වතිය හරි පෙම්වතාහරි, යහළුවා හරි යෙහෙලිය හරි නිර්වස්ත්‍ර කරලා මෙව්වා කරන්න යන්න එපා එකපාරටම, ඉතා සංයමයෙන් කරන්න ඕනිවැඩක් නිසා කතාබහ කරලා මේවා කරාට කමක් නැහැ, නමුත් කලාව සමග ලිංගිකත්වය, කාමය පටලවා ගන්න එපා. විවාහක අය උනත් මේවා තම සැමියා බිරිද සමග කරාට කමක් නැහැ. ඒක විවාහ ජීවිතයටත් වෙනසක් වේවි, නමුත් මේවා ඡායාරූප ගතකරනවා නම් ටිකක් පරිස්සම් වෙන්න මොකද අද අප රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඒවා ප්‍රසිද්ධ වෙන්න යන්නේ තත්පර 2-3ක් විතරක් නිසා.

එහෙනම් ඕං මේ කලාවත් ටිකක් රසවිදින්නකෝ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )