ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය


රටක් නම් ඇත විසිතුරු බව සපිරි
වටක් මහ මුහුද සම්පත් ඇත සුපිරි
නිමක් නැහැ ඔන්න විදිනට සුව සපිරි
රටක් නම් මෙන්න  අපෙ ලංකාවම සුපිරි

සිසිලෙන් පිරුනු කදුකරයකි රට මැදට
‍රැල්ලෙන් පිරුනු මහ මුහුදකි රට වටට
නිල්ලෙන් පිරුනු කෙත්වතු රට හතරවට
මල්මෙන් පිරුනු ජනවතු  රට පුරාවට

රජුන් සිටි කලෙක විය රට සරුසාර බොහෝ
රජුන් නිසා විය දන ගුණගරුක බොහෝ
රජුන් නොමැති මුත් විය රට සමගි බොහෝ
රජුන් නැවත බිහිවුනි වෙනසක්වුනි රටට බොහෝ

බණ නම් අසති සැම දන ඒය පිලිපදිති
පණ නම් මෙන්න ආගම හට පුදමි නිති
කණ නම් මගේ පිරි ඇත ගුණ ගැයුම නිති
අණ නම් නිසා ගවයින් දැන් මස් නොවෙති

පොලිසියෙ උන්න අය දැන් නම් නොගනි පගා
පොලිසියෙ ඇතුලෙ මැරෙනා අය නැහැනේ නගා
පොලිසියෙ ලොකු අයත් නොකරති එයට නිගා
පොලිසියෙ පිහිට  නැතිනම් වෙන්නෙ යන්නට බඩ ගගා

ලොක්කෝ ඉන්න පොඩි තැන්වල පොඩි ගාන කොමිස්
ලොක්කෝ ලොකු ලගදි පොඩි ලොක්කෝ වගේ කොකිස්
ලොක්කෝ ලොකුම ලොකු සොයති නෝනා ජීනා මිස්
ලොක්කෝ නිසා නොවැ ආඩම්බර රටට හිකිස්

ගුණයෙන් ගුණය හෙල වෙද කම් ඇත ගත්තොතින්
ගුණයෙන් ඉහල සේවය දැන්හැම රෝහලකින්
ගුණයෙන් මැරෙන ගානත් වැඩි ගණනකින්
ගුණයෙන් කාළ හේතුව ලොකු හුලගකින්

බවයෙන් බවය කරුමය අපේ පෙරලෙන්නා
අවියෙන් ලියන දෑතුත් දැන් නැතු වෙන්නා
කවියෙන් රසට මේ සැමගැන කිය වෙන්නා
සවියෙන් සරසවිය දැන් දැන් වැන සෙන්නා

විරිදුව තමයි සැම ජනහද නලවන්නේ
සිරිදුව තමයි සැම හදවත් සනසන්නේ
නිදිදුව තමයි සැම හට නොම එන්නේ
සූදුව තමයි සැමහට අඩුවක් වන්නේ

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )