රටම කැළඹු රතුපස්වල සිදුවීම. (අනිවාර්යෙන් කියවන්න)


මෙම ලිපිය මා විසින් ලියන ලද්දක් නොව ශ්‍රීලංකා මොබයිල් ෆෝන්ස් ෆේස්බුක් පි‍ටුවෙන් සහ අසමි දකිමි සොයමි බ්ලොග් අඩවියේන් උපුටා ගන්නා ලද්දකි. මෙහි අන්තර්ගතය යම්තාක් දුරට සත්‍යය බව දැනුන නිසා මම මෙය ඔබේ අවධානය සදහා මෙහි පලකරනු ලැබේ. තවද මා විසින් අවසානයට මාගේ අදහස ද එක්කර ඇත.

asammathaya

පසුගිය දිනවල, වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම, අප හැමදෙනාගේම සිත්වල බලවත් කම්පනයක් ඇතිකළ බව නොරහසක් මේ සිද්ධිය නිසා, සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාව කෙරෙහිම මහජනතාව තුළ කිසියම් අප්‍රසාදයක් ඇතිවීමත් නොරහසක්.

ජනතාවගේ සැබෑ ප්‍රශ්ණයක් සති ගණනාවක් ඇදී යන්නට ඉඩ දී බලා සිට, විරෝධතාවය පාලනය කරන්න හමුදාව යෙදවීම.. “මේක නම් කරන්න තියෙන්නේ දේශපාලඥයෝ අදාල ප්‍රදේශයේ වගකිවයුතු රජයේ නිලධාරීන් ආදීන් (ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි , ග්‍රාමසේවක,පොලීසිය, ප්‍රාදේශීය සභාව, ප්‍රදේශයේ දේශපාලඥයින්, විපක්ෂ දේශපාළඥයින්, පරිසර සංවිධාන )මොකටද? “

සාමකාමි ලෙස උද්ඝෝෂණය කළ ජනතාව, සාමකාමීව විසුරුවා හැරීමට තිබිනි. මෙතක් කල් හමුදාව එම ක්‍රියාදාමය ඉතා පැසසුම් ආකාරයට ඉටු කර තිබුනේය නමුත් මේ වනවිට තිදෙනෙකු මරණයට පත්වී ඇති මේ සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කර සුදුසු පියවර ගැනීම රජයේ වගකීම බව අමුතුවෙන් කිවයුතු නැහැ.
මෙවැනි තත්වයකදී හමුදාව ක්‍රියා කළයුත්තේ කෙසේද කියා, හමුදා පුහුණුවේදී උගන්වන ආකාරය පිළිබඳව අදහස් දැක්වීම මෙසේයි,

“මිනිස්සු පක්ෂ පාට ජාති කුලමල භේදයකින් තොරව පොදු කරුණක් උදෙසා කරන උද්ඝෝෂණයක් වලක්වන්නට අයිතිය තිබෙන්නේ පොලීසිය විසින් ඉදිරිපත් කරන වාර්තා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවෙනවානම් අධිකරණයට පමණයි. ඒ කියන්නේ මේ උද්ඝෝෂණ ව්‍යාපාරය නිසා සමාජයේ අනෙකුත් බහුතරය දැඩි පීඩාවකට ලක්වන බව පොලීසිය විසින් අධිකරණයට කරුණු ඔප්පුකර පෙන්විය යුතුයි. “

යුදහමුදාවක් සංග්‍රාමික කටයුතු වලදී යෙදෙන ප්‍රධාන භූමිකා (role) දෙකක් තිබෙනවා.
1-සාම්ප්‍රදායික සංග්‍රාම – Conventional Warfare
2-ප්‍රතිවිප්ලවීය සටන් – Counter Revolutionary Warfare
මේ ප්‍රධාන භූමිකා දෙක යටතේ තවත් උප කොටස් තිබෙනවා.ඒ උප කොටස් වලින් එකක් හඳුන්වන්නේ, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි – Internal Security Duties (IS) කියලයි.
ඉන් එකක් තමයි අභ්‍යන්තර කැරළි කෝලාහල, සන්නද්ධ කණ්ඩායම් වලින් කරන මිනීමැරුම්, මංකොල්ලකෑම්, ජන පීඩන ක්‍රියා, මැඩපැවැත්වීම සඳහා පොලීසියට සහාය වීම.

මේ වගේ වැඩකට භටපිරිස් යොදවන්න කළින් පහත දැක්වෙන කරුණු ගැන සිතා බැලිය යුතුයි.
1-තමන් කරන ක්‍රියාවේ සාධාරණ සහ යුක්තිසහගත බව – Justification
2-වැළක්වීමේ ක්‍රියාවක් ලෙස පමණක් යෙදවීම – Prevention
3-සෑමවිටම අවම බලය යෙදවීම – Minimum Force
4-හමුදා නීතියට මෙන්ම සිවිල් නීතියටද සම්පූර්ණයෙන් අනුකූලව ක්‍රියාකිරීම – Legal Obligations
5-අහිංසක, නීති ගරුක, සිවිල් වැසියන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියාකිරීම – Safeguarding       Loyal  Citizens
6-තමන් (හමුදාව) කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු නොවන ආකාරයට ක්‍රියාකිරීම – Maintenance of Public Confidence
7-තමන් කරන සෑම ක්‍රියාවකම සාධාරණත්වය සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට හැකිවනසේ ක්‍රියාකිරීම – Evidence

මෙලෙස හමුදා මැදිහත්වීමක් කරන්නට පෙර, හමුදා ප්‍රධානීන් උසස් පොලිස් ප්‍රධානීන් සමග තත්ත්ව සමාලෝචනයක අනිවාර්යයෙන්ම යෙදිය යුතුයි. එහිදී, පොලීසිය පැහැදිළිව පෙන්වා දිය යුතුයි, මෙය හමුදා සහායෙන් තොරව, තමන්ට තනිවම පාලනය කළ නොහැකි තරමට වර්ධනය වෙමින් පවතින තත්වයක් බව. හමුදාව සිද්ධියට මැදිහත් වුනාට පස්සේ අණ දීමේ බලය තියෙන්නේ හමුදා නිළධාරියා අතේ. ඊට පස්සේ පොලීසියේ මොන ජගතාටවත් බැහැ හමුදාව නවත්වන්න.

පොලීසිය, මේ සඳහා හමුදාවේ සහාය ලබාගැනීමේදී, අනුගමනය කළයුතු වැදගත් කරුණු කීපයක් තිබෙනවා. පිරිස විසුරුවා හැරීමට උසාවි නියෝගයක් ලබාගෙන තිබිය යුතුයි.පොතේ කියන්නේ මහේස්ත්‍රාත් වරයකු පිරිස විසිරවීමට යොදන හමුදා කණ්ඩායම සමග සිටිය යුතුයි කියලයි.

ඉස්සරනම් නළාකරු ඉස්සර හිටියා. ඔහු තමයි මුලින්ම බියුගල් නළාව පිඹලා කළහකාරී පිරිසේ අවධානය ගන්නේ. එවිට බැනර් කරුවෝ දෙන්නා කලහකාරීන්ට පෙනෙන්න බැනර් එකක් අල්ලනවා ඉහළට ඔසවලා. එහි භාෂා තුනෙන්ම ලියලා තියනවා අයුතු ජන රාශියකි වහාම විසිරයනු නැතහොත් වෙඩි තබනු ලැබේ කියලා. ඊළඟට නිවේදක තමන් අතේ ඇති මෙගෆෝන් එකෙන්, භාෂා තුනෙන්ම කියනවා අයුතු ජන රාශියකි, වහාම විසිර යනු, විසිර නොගියොත් වෙඩි තබනු ලැබේ කියලා. සීමා ලණු අදින්නන් මේ භට පිරිස සහ අර කලහකාරීන් අතර මැද ප්‍රදේශයේ, ලණුවක් හෝ කටු කම්බියක් වැනි යමක් එළනවා. ඉන්පසු නිවේදනය කරනවා, එම සීමාව පසු කළොත් වෙඩි තබනවා කියලා. ඊළඟට ඉතින් අපෙන් වෙඩි තැබීමක් සිදු වුනොත්, කිසිදු තුවාල කරුවකු අර පිරිසට රැගෙන යන්න දෙන්නේ නැහැ. ඔවුන් අපේ ගිලන් මැසිවල තබාගෙන, අපේ පැත්තට ගෙනත්, ප්‍රථමාධාර දී, වහාම පොලිස් ආරක්ෂාව යටතේ, රජයේ රෝහලකට ඇතුළත් කරනවා.

හමුදාව රබර් උණ්ඩ අරන් එන්නේ නැහැ. හමුදාව කියන්නේ හමුදාව.වැඩේ හුඟක් බරපතළ බව කල්තියා පෙණුනානම්, ජාතික රහස් ඔත්තු සේවය, හමුදා බුද්ධි අංශය යොදවා කරුණු සෙව්වා නම් බලධාරීන්ට මේ සිදුවීම වලක්වගන්න තිබිණි.

T 56 තුවක්කුවක ක්‍රියාකාරී ලක්ෂණ ඔය ආව එක ලොක්කෙක්වත් දන්නේ නැද්ද? මීටර් 100 කට අඩු දුරකදී, මිනිහෙකුට, කෙළින්ම වදින හෝ වෙනත් ඝන වස්තුවක වැදී, හැරී ඇවිත් වදින, T 56 උණ්ඩයකින් මොකද වෙන්නේ කියලා????

අවසාන වශයෙන් :කොළඹ නගරය පුරා කුළීකරුවන් මෙන් දවස පුරා වෙහෙසෙන සෙබළුන් ඉන්නේ හිත සතුටෙන් නොවේ. තමන් පාර හදන කම්කරුවකුගේ අත්වැඩ දෙන්නෙකු බව, තම නෑ දෑ හිතවතුන් දැක්කම, ඔහුට මොනවද හිතෙන්නේ? ඉතින් මෙහෙම වැඩ කර කර ඉන්න අතරේදී එකවරම, ‘ටක් ගාලා යුනිෆෝම් එක දාගෙන, වෙපන් එකත් අරන් වරෙන්, කචල් එකක් තියනවා නවත්තන්න’ කියලා මේ සෙබළාගේ කෝප්‍රල්/සැරයන්/නිළධාරියා කිව්වොත්, ඔහු යළිත් හිතෙන් බැණ බැණ එනවා. ඒ එන්නේ අර මිනිස්සුන් එක්ක කෝපයෙන් වෛරයෙන්.එදා යුද බිමේ සතුරා සමගින් මුහුණට මුහුණ සටන්කළ ඔවුන් තෙවන පාර්ශවයකගේ පොලුපහරවල් ඉවසාවිද ? ඒ නිසා තමයි පූර්ව සූදානම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ සඳහාම වෙනමම විශේෂයෙන් පුහුණුකළ භටපිරිස්, වෙනත් රාජකාරිවල නොයොදවා සූදානම්ව තැබිය යුතුයි……..

මෑතක සිට රජය උද්ඝෝෂණකරුවන් මරා දැමීමේ/ආබාධිත තත්වයට පත්කිරීමේ ප්‍රවණතාවක් ඇතැයි සිතෙන්නේ, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ සහ තවත් ස්ථානවල උද්ඝෝෂණ වලදී, ආරක්ෂක අංශ වෙඩි පහරින් මිනිසුන් මියයාම නිසයි. රජය කියන්නේ උඹලාට හෙට මැරෙන තරම් බරපතළ ප්‍රශ්න තිබුනත්, හිඟන්නන් මෙන් බැගෑපත් වෙයල්ලා උද්ඝෝෂණ කරන්න බැහැ කියලාද?

එදා දිවි හිමියෙන් යුධ වැදී මේ රට, ඔබ රැක ගත් අප මෙදා ඔබ සතුරන් සේ නොසලකන්න ඔබට පාරට බැස උද්ඝෝෂණ කිරීමට හෝ රට ඉතිරි වුයේ එදා අපේ ලේ දහදිය කඳුළු මෙන්ම ජීවිත කැපකිරීම නිසා බව අමතක නොකරන්න….

කුමන අණදීමක් ලබා දුන්නද මිනිසුන්ට මානුෂීයට සැලකීම මෙන්ම, ආගමික ස්ථාන, පාසල් වලට වෙඩි තැබීමෙන් වැලකීම යන කාරණා ගැන අමතක වීමක් හෝ ඒගැන නොතකා වෙඩිතැබීමට ඉහලින් අණ කිරීමක් එම ස්ථානයේ සිටි ඉහල හමුදා නිලධාරියෙක් ගෙන් ලැබී ඇති බව වෙනෙන්නට ඇති කරුණකි. ඒ නිසා මෙම සිදුවීම සාධාරණීකරණය කළ නොහැකිය. ඉහල නිලධාරීන්ගේ අණ ඉ‍ටුනොකිරීම විනය කඩකිරීමකි. එසේනම් ඉහල නිලධාරීන්ගේ අණකිරීම් සහ සාමාන්‍යය ජනතාවගේ දුක අතර පීඩනායෙන් මිරිකුන හමුදා සාමාජිකයින් අවසානයේ පීඩනය අඩුම පෙදෙසට ප්‍රහාර එල්ල කර ඇත.

මෙම සිදුවීම තරයේ හෙලාදකින නමුත් හමුදාව වෙතම ඇගිල්ල දිගුකරනවා වෙනුවට මේ ගැටළුව මෙතරම් දුරදිග යාමට හේතුවූ රජය, පලාත් පාලන ආයතන ගැන තීරණයක් ගන්නට ඔබට හැකිවිය යුතුය. වරද කවුරුන් කලත් වරදක්ය. එම නිසා මෙවන් සිදුවීම වලින් රජය නැවත නැවතත් ලොවට පෙන්වන්නේ උතුරේ මානවහිමිකම් කඩනොවුනා යන වග නොව තම ජනතාවට දැන් යුද්ධය නොමැතිවිට මෙසේ සලකයි නම් යුද්ධය ඇති කල උතුරේ ජනතාවට කෙසේ සලකන්නට ඇත්ද? යන් ප්‍රශ්නය මතුකරමිනි.

හමුදාවක් යනු හුදෙක් තමන්ට ලැබෙන අණ ඉටු කරන පිරිසකි. ඇඟිල්ල දික්කල යුත්තේ එම පිරිසට නොව අණ දුන් අයටය. වැරදි අණක් නිසා, දිවි පරදුවට තබා රට රැකගත් ශ්‍රී ලංකා හමුදාවට අපහාස නොකරමු.
Advertisements

7 thoughts on “රටම කැළඹු රතුපස්වල සිදුවීම. (අනිවාර්යෙන් කියවන්න)

  1. ඉහත සඳහන් ලිපිය ලිව්වේ මමයි. ඔබ එය උපුටා දැක්වීමේ දී මගේ බ්ලොග් අඩවියෙන් උපුටාගත් බව සඳහන්කර ඇති නිසා ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. මේ සිද්ධියේදී හමුදාවට අණ දුන්නේ කවුද කුමන ආකාරයෙන්ද (වාචිකද/ලිඛිතද) බලය පාවිච්චි කිරීමට දුන් උපදෙස් මොනවාද? පොලීසිය ඉවත්වුනේ ඇයි? ආදී ප්‍රශ්න රාශියක් මතුවෙනවා. මා හිතනවා මේ අඩවිය කියවන සැමදෙනා මගේ බ්ලොග් අඩවියට පැමිණ එහි ඉතා පුළුල්ව මේගැන පාඨකයන් සංවාදාත්මකව දක්වා ඇති අදහස් කියවීම වඩාත් ඵලදායකයි කියා.

    • සමාවෙන්න ඕනි විචාරකතුමා ඔබතුමාගේන් ලිපිය උපුටා ගත්තවග සදහන් කරන්න පරක්කු උනාට.

      මම මේ ලිපිය ඉස්සල්ලම දැක්කේ ෆේස්බුකියේ පි‍ටුවක. ඒනිසා මම ඒගැන සදහන් කලා, නමුත් ඔබ දැන්වූ පරිදි මම ඔබේ බ්ලොගය වෙත ගොස් එහි තිබූ දිනවකවානු සහ ඉහත පි‍ටුවේ දිනවකවානු ගැන විමසා එය ඔබගේ ලිපියක් බව තහවුරු කරගත්තා. ඒ දැනගත් විගසම මම නිවැරදිකිරීම කලා.

      ලිපියේ අන්තර්ගතයේ එහි මුල් අයිතිකරු වෙත ලබාදීම අනිවාර්යයෙන් මම සිදුකරනවා. ඔබගේ නිවැරදි කිරිමට ගොඩාක් ස්තුතියි.

  2. //හමුදාවක් යනු හුදෙක් තමන්ට ලැබෙන අණ ඉටු කරන පිරිසකි//

    එහෙම එකක් නැහැ… තමන්ට ලැබුණු අණ ප්‍රතික්ෂේප කරන්න ඔවුන්ට පුළුවන්, එය නීති විරෝධී බව හැඟෙනවා නම්.

    • හමුදාවට ඉහලින් එන අණ නොතකා සිටීමට හැකිමුත්, ඉන් පසු සිදුවන විනය ක්‍රියාවලිය ඉතා දිගු සහ වෙහෙසකාරී එකක් වන බැවින් බොහෝවිට සාමාන්‍ය සෙබලුන් ඉහලින් එන අණ එලෙසම ක්‍රියාවට පත් කරන එක සාමාන්‍යය කාරනාවක් වෙලා දැන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )