ඒඩ්ස්‌’ පරදවමින් ගොනෝරියා ජය ගනී


දැන් ලොව මාරකම සමාජ රෝගය ගොනෝරියා

ගොනෝරියා යනු සමාජ රෝගයකි. ඒඩ්ස්‌ ද සමාජ රෝගයකි. ගොනෝරියා සහ ඒඩ්ස්‌ යන සමාජ රෝග දෙක අතරින් වඩාත්ම භයානක කුමක්‌ද? ඒඩ්ස්‌ ය. ඒ දැනට ය. ඉදිරියේදී වඩාත්ම භයානක සමාජ රෝගය වනු ඇත්තේ ගොනෝරියා ය. මන්ද යත්, කිසිදු ප්‍රතිජීවක ඖෂධයකට ඔරොත්තු නොදෙන ආකාරයේ ගොනෝරියා වෛරසයක්‌ මේ දිනවල ස්‌වභාව ධර්මය තුළ වර්ධනය වෙමින් පවතී. ඒඩ්ස්‌ පවා යම් ප්‍රමාණයකින් යම් කාලයක්‌ තුළ ප්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු දෙන්නේය. එහෙත් නව වෛරසය ප්‍රතිජීවකවලට දැඩි ප්‍රතිරෝධයක්‌ (ඔරොත්තු දෙන) දක්‌වන්නට වීම නිසා වෛද්‍යවරුන්ට හෝ පර්යේෂකයන්ට කිසිදු ඉඩක්‌ නොතබා මනුෂ්‍යයන් මිය යන්නට පටන් ගන්නවා ඇත.

මේ අලුත් ගොනෝරියා විෂබීජයට පර්යේෂකයන් තැබූ නම Ho41ය. මෙයට වසර 04 කට පෙර ජපානයේ ගණිකාවකගේ ශරීරයෙන් මේ විෂබීජය සොයා ගනු ලැබීය. එතැන් පටන් කැනඩාව, නෝර්වේ, හවායි යන රටවලින් ද මේ විෂබීජය ආසාදනය වූ රෝගීන් සොයා ගත හැකි විය.

මේ විෂබීජය ප්‍රතිජීවක ඖෂධවලට කොතෙක්‌ ඔරොත්තු දෙන්නේද යත් එය Superbug නමැති සුවිශේෂී විෂබීජ පන්තියට අනුයුක්‌ත කිරීමට පර්යේෂකයන් පියවර ගෙන තිබේ.

ඉතා ඉක්‌මනින් පැතිර යන මේ විෂබීජය ඒඩ්ස්‌වලට වඩා ඉක්‌මනින් පැතිර යැමේ ප්‍රවනතාවක්‌ තිබේ.

මේ වන විට ඒඩ්ස්‌ රෝගය නිසා ලොව පුරා මිය ගොස්‌ තිබෙන ජනගහනය දශලක්‍ෂ 30 ඉක්‌මවයි. එහෙත් නව ගොනෝරියා වෛරසයේ බලපෑම සහ පැතිර යැම වඩාත් ඉක්‌මන් නිසා එමගින් මිය යැමට ඉඩ ඇති ගණන ඉතා කෙටි කාලයක්‌ තුළ විශාල ප්‍රමාණයක්‌ වනු ඇතැයි වෛද්‍යවරු විශ්වාස කරති.

ඒඩ්ස්‌ රෝගියා මිය යන්නේ ප්‍රතිජීවක ඖෂධවල බලයෙන් දිගු කලක්‌ විෂබීජය සමග සටන් කිරීමෙන් පසුවය. එහෙත් නව ගොනෝරියා විෂබීජය ශරීර ගත වන රෝගියාට එපමණ කලක්‌ බලා සිටීමට ඉඩ ලැබෙන්නේ නැත.

ගොනෝරියා (Gonorrhea) යනු කුමක්‌ද?

Neisseria gonorrhoeae නමැති බැක්‌ටීරියාවක්‌ මගින් බෝ වන මේ රෝගයෙහි ප්‍රධාන ලක්‍ෂණ වන්නේ ගැහැනු පිරිමි දෙපක්‍ෂයෙහිම මුත්‍රා මාර්ගයෙහි හටගන්නා දැවිල්ලක්‌ සහ කිසියම් ආගන්තුක ශ්‍රාවයක්‌ ශරීරයෙහි රහස්‌ පෙදෙස්‌වල හට ගැනීමය. එය සමහරවිට මුළු ශරීරය පුරාම පැතිර යන වේදනාකාරී තත්ත්වයක්‌ වන අතර ශරීරයේ සන්ධි සහ හෘද කපාටවලට ඉතා නරක ලෙස බලපායි. සාමාන්‍යයෙන් මේ සඳහා නියම කරන පොදු ඖෂධය වන්නේ azithromycin හෝ doxycycline ය. Ho41 ලෙස හඳුනාගෙන ඇති නව ගොනෝරියා බැක්‌ටීරියාව ඉහත සඳහන් ප්‍රතිජීවකවලට මෙල්ල කළ නොහැකිය. මෙය කෙනකුගෙන් කෙනකුට බෝ වන්නේ ශාරීරික සම්බන්ධතා මතය. සාමාන්‍යයෙන් සමලිංගික සේවනයෙහි යෙදෙන පිරිමින් අතර මේ රෝගය පැතිරීම බහුල ය. මේ බැක්‌ටීරියාව හෘදයට අමතරව කොඳු ඇට පෙළට පැතිර යැමෙන්. Meninggitis තත්ත්වයක්‌ හටගනී. මෙනිංජයිටිස්‌ රෝගය සාමාන්‍ය ජන වහරෙහි හඳුන්වන්නේ මොළයේ උණ ලෙසය.

දහසය වැනි ශතවර්ෂයේ අග භාගයෙහි පටන් ගොනෝරියා රෝගය ගැන එනමින් ලිත සාක්‍ෂි තිබේ. එකල මේ රෝගයට ප්‍රතිකාරයක්‌ ලෙස රසදිය භාවිත විය. 1545 දී ප්‍රංශ නාවික හමුදාව සමග ගැටී මුහුදුබත් වුණු බ්‍රිතාන්‍ය යුද නෞකාවක්‌ වූ Mary Rose 1982 දී මුහුදෙන් ගොඩගත් විට ඒ තුළ තිබී රසදිය පිරවූ එන්නත් කටු කිහිපයක්‌ හමු විය. ගොනෝරියා වැළඳුන නැවියන්ගේ ආසාදිත මෞත්‍රවාහිනි පද්ධතියට එම රසදිය එන්නත් කළ බවට සාක්‍ෂි ඇත. 19 වන සියවස වන විට රසදිය වෙනුවට Silver Nitrate ද 1940 න් පසු ප්‍රතිජිවක ඖෂධද යොදා ගන්නා ලදී.

16 වන සියවසට පෙර ගොනෝරියා යන නම මේ රෝගය සඳහා යොදාගෙන නැත. දැවිල්ල සහ පිළිස්‌සෙන ගතියක්‌ ශරීරයට දැනෙන රෝගයක්‌ පැතිර යැම අඩු කිරීම සඳහා 1161 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නීතියක්‌ සම්මත කළ බවට වාර්තා තිබේ. 1256 දී ප්‍රංශයේ රජවරු ගොනෝරියා රෝගීන් රටින් පිටුවහල් කර දැමීමට නීති සම්මත කර තිබේ. මධ්‍යකාලීන යුරෝපීය රටවල ගොනෝරියා රෝගීන්ට බලෙන් ප්‍රතිකාර කරනු ලැබීය. 1946-1948 කාලයේදී ජනාධිපති හැරී එස්‌. ටෲමන්ගේ ඇමරිකන් ආණ්‌ඩුව ගෝතමාලාවට ගොස්‌ එරට ගොනෝරියා රෝගීන් යොදාගෙන වඩාත් බලසම්පන්න ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සඳහා වෛද්‍ය පර්යේෂණ කළේය. එය කරන ලද්දේ රෝගීන්ගේ අනුමැතියකින් තොරවය. එම ප්‍රතිකාර වැරදී ගොනෝරියා රෝගීහු 83 දෙනෙක්‌ මියගියහ. නිරෝගී ගෝතමාලා ජාතිකයන් විශාල පිරිසකට ඇමරිකන් පර්යේෂකයන් විසින් ගොනෝරියා සහ සිෆිලිස්‌ නමැති සමාජ රෝග බීජ එන්නත් කරන ලදහ. සිෆිලිස්‌ නමැති සමාජ රෝගය වැළඳුණ ගණිකාවන් සිරගෙවල්වලට ගෙන ගොස්‌ දමා ඔවුන් සමග කායිකව එක්‌වීමට සිරකරුවන්ට ඉඩ හරිනු ලැබීය. එවිට සිරකරුවන්ට එම රෝගය වැළඳුණ අතර ඔවුන් පර්යේෂණවලට ලක්‌ කෙරිණි. කෙසේ වුවද වසර 2010 දී ඇමරිකාව මේ අවකල්ක්‍රියාව සම්බන්ධයෙන් ගෝතමාලාවෙන් සමාව ඉල්ලා සිටියේය.

වර්ථමාන අසම්මත ලිංගික ක්‍රියා නිසා ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල ගැන පලවූ හොද ලිපියක් නිසා මම මෙය දිවයින පුවත්පතින්  ඔබේ අවධානය සහ යහපත උදෙසා උපුටා ගන්නා ලදී.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )