එන්න එන්න ආහාර මුද්දරේ ගන්න එන්න ළමායි.


 

asammathayaමේ තමයි 1991දි ඉස්කෝලෙ යන ළමයින්ට ආණ්ඩුවෙන් දුන්න ආහාර මුද්දරේ, ඒ කියන්නේ ආණ්ඩුව ගානේ ළමයින්ට නිකන් කන්න දුන්න මුදල. මේක ඉස්කෝලේ කැන්ටිමට දීලා දවසකට රුපියල් 3කම මදි නොකියන්න කන්න පුළුවන්,

ඇයි මොකද හිනාවෙන්නේ? ඉස්සර රුපියල්3ක් කියන්නේ හෙන ගානක් හරිද? දන්නේ නැත්තන් අහගන්න,

ඉස්සර (1990-1991 කාලේ හරිද) බස් එකේ බාග ටිකට් එකක් සත 25යි. (දැන් සත 25 එවා ලෙවෙත් නෑ)
පාන් ගෙඩිය රුපියල් 3යි. (දැන් 60ද මන්දා)
බුල්ටො 1ක් සත 5යි, ටොපියක් සත 10යි (ඒකාලේ චොකලට් තිබුනේ නැහැ අපිටනම් කන්න)
පෑනක් රුපියලයි, පොතක් රුපියල් 2 ඉදලා තිබුනා
පන්සලක් සත 50යිද කොහෙද (හරියට මතකනෑ මට)

ඉතින් මදිද බොලව් රුපියල් 3ක් කන්න දුන්නම. හැබැයි ඔය මුද්දරේ කියපු එකට මම හරි කැමති. මොකද 1994 විතර ඔය සමුර්ධිය කියන එක දුප්පත් කට්ටියට දුන්නනේ. අපි හිතුවේ අපිට වගේ මිනිස්සුන්ටත් නිකන් ආණ්ඩුවගානේ කන්න දෙනව කියලා. ඒකටත් කිව්වේ සමුර්ධි මුද්දරේ කියලා තමයි. ආ මට අමතක උනානේ ඇයි මම මුද්දරේ කියන එකට කැමති උනේ කියලා.

ඒකාලේ අපිට බස් එකේ යන සීසන් එකත් ඔය සයිස්මයි, ඔය පාටමයි. ඒත් හැමදාම අපි සීසන් එකයි ඔය මුද්දරෙයි ටපලගෙන බස් එකට මුද්දරේමයි දෙන්නේ. හැමදාම බැනුම් කොන්දාගෙන් දෙපිටින් යන්න.

ඉතින් ඔයවගේ සුන්දර දේවල් ගොඩක් උනා අපේ පුන්චි කාලෙ නම්. මේවගේ අත්දැකීම් තියන අය අනිත් අයටත් දැනගන්න ඔයාලගේ අත්දැකීම් ලියලම ගියොත් මම බොහෝම අගේ කරනවා.

3 thoughts on “එන්න එන්න ආහාර මුද්දරේ ගන්න එන්න ළමායි.

  1. රෝහණ……මේ වගේ දේවල් බෙදාගන්න එක ලොකු දෙයක්. මේක අසරණ පවුල්වලට සහනයක් වෙන්න ඇති. අපේ කාලේ දුන්නේ බිස්කට්. කිරි සීන් එකකුත් ගියා. 1991 දී අපේ දුවටත් අවුරුදු දෙකක් බං.

  2. පරණි මතlයක් අවදි කලාට ස්තුතියි රෝහණ,
    කැන්ටිමෙන් නෙවෙයි නේද රෝහණ?ඕකට කන්න පුලුවන් වුණේ සමූපකාරයෙන්.අපේ පාසලේ ම පාසල් සමූපකාරයක් තිබුණා.අපි පෝලිමේ ඉදල ඔය මුද්දරේට බඩු ගත්ත මතකයි.
    කොන්දොස්තර මාසික ප්‍රවේශ පත්‍රය සලකුණු කරනව වාගේ පංතිභාර ගුරුතුමිය දිනපතා ඔය මුද්දරේ සලකුණු කරනවා.හැබැයි රජයෙන් උපදෙස් දීල තිබුණේ ළමයෙක් පාසල් ආව පලියටම සලකුණු කරන්න නෙවෙයි.ළමයා දිවා ආහාරයට ගෙනත් තියෙන්නේ මොනවද කියල බලලා ඒවා දේශීය අහාර නම් පමණයි සලකුණු කරන්න කියල උපදෙස් දීල තිබුණේ.කඩල,මුංඇට වාගේ දේශිය ආහාර ප්‍රතලිත කිරීමට කරපු මේ වැඩ පිලිවෙල ප්‍රායෝගිකව කොතරම් දුරට ක්‍රියාත්මක උණාද මම දන්නේ නෑ.(පුද්ගලිකව මා ඉගෙනුම ලැබූ පංතියේ නම් තුරුතුමිය ඒ පස්සේ එච්චර ගියේ නෑ)
    ඒ කාලේ ප්‍රසිද්ධ උන යාන්ස් එකක් මේ,
    එක් පාසලක ගුරුවරයා ආහාර මුද්දරය සලකුණු කරද්දි එක් ළමයෙක් දිවා ආහාරයට ගෙනත් තිබ්බේ පොල් සම්බල් සමඟ පාන් ලු.
    “පාන් දේශීය ආහාරයක් නෙවෙයි, මට ඔය ළමයට අද කාඩ් එක මාර්ක කරන්න වෙන්නේ නෑ.“ ගුරුතුමා කිව්වලු.
    ළමයා උත්තර දුන්නලු “අනේ සර්, පොස් සම්බල් දේශීය ආහාරයක් නේ.රු.3.00 බැරිනම් 1.50 ක් වත් දෙන්න.“

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )