ලෝක තරුණ සමුලුව සහ ශ්‍රී ලංකා තරුණයා


 

asammathaya

ලෝක තරුණ සමුළුව පසුගියදා මහා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා. රටවල් 190කට වැඩි ගණනකින් 1500ක් තරුණ නියෝජිතයින් පැමිණෙනවායි ආණ්ඩුව සහ ආණ්ඩුවේ මාධ්‍ය පම්පෝරි ගසා ජනතාව රවටන්නට හැදුවද එතනට පැමිනි සියළු දෙනා දු‍ටු සත්‍යය රටපුරා මෙන්ම ලොවපුරාද දැන් ප්‍රචලිතවී අවසානය.

1500ක් එනවායැයි කියු සමුළුවට ආවේ සැබෑවටම 375 යි,  ඒත් රටවල් 78 කින් විතරයි. ලංකාවෙන් 100ක් එකතු වුනාම ඔක්කෝම 475යි. ඒ 475ට උදව් කරන්න ලංකාවෙන් 500කට වැඩි ස්වෙච්චා තරුණ පිරිසක් පැමිණ සිටියා. ඒ 500න් 350ක් විතර හරි හරියට රට ගැන කැක්කුමකින්  වැඩ කරත්දි ඉතිරි 150 තමන්ගේ විනෝදය සදහා හතර අත ඇවිද්දා පමණයි. රෑ වෙනකොට ඒ අයගේ හොදම වැඩ බලාගන්නටත් අපිට පුළුවන් උනා.

දින දෙක තුනකින් පෙම්වතුන් වුන තරුණ යුවල් කාටත් නොපෙනෙන තාප්ප පදුරු අසල ලිංගිකව හැසිරුණු හැටි ආරක්ෂක අංශ දු‍ටු අතර දැඩි අවවාද කරන්නටද සිදුවිනි. ඒත් සමහර අවස්ථාවලදී එම තරුණ යුවල් නිසි පරිදි ඇදුම් ඇදගන්නා තුළු පසෙකට වී ඉන්නට වීමද ඔවුන්ට සිදුවිය.

තරුණ සමුළුවේ ස්වේච්චා සේවයට පැමිණි තරුණ පිරිසෙන් අතලොස්සක් එසේ ලිංගික උත්තේජනය ලබද්දී පිටරට සිට පැමිණි තරුණ පිරිසට මේ සමුළුවෙන් වැඩක් උනාදැයි මට මහත් ගැටළුවක් ඇතිවිනි. මන්ද යත් නිසි කාලසටහනකට කිසිම දෙයක් සිදුනොවුන නිසා එම තරුණ පිරිසට කලකිරීමක් ඇතිවුන බව මා හට හමුවූ බහුතරයක් පවසනු ලැබූනිසා මටත් එය පිලිගන්නවා හැර වෙන මොනවා කරන්නද?

ඒ කලකිරීම නිසාදෝ වැඩිහරියක් දෙනා සම්මන්ත්‍රනශාලා භුමිය පුරා රිසිසේ ඇවිතිමින් කාලය කාදැමූ අතර තවත් සමහරෙක් සමුළුවට සහභාගී නොවී කොළබ නගරයේ සිරි නරබන්නට ගියහ. අන්තිමට 150ක් පමණ පිරිසක් සමුළුවේ කොළබ ප්‍රකාශය හදන්නට සහභාගිවූහ.

අන්තිමට මහා වියදමක් දරා කළ මේ සංදර්ශණයෙන් පසු සංගීත සංදර්ශණයක් පවත්වා ඒ උත්සවය අවසානවිය. නමුත් පැමිනි අතලොස්සක් විදේශ තරුණ පිරිස සහ ලාංකික තරුණ පිරිස සමග දැඩි මිත්‍රත්වයක් ඇතිවීම නිසා  ලංකාවේ තොරොතුරු  ලොවට ගලායාම  වේගවත්වී ඇත.

ආණ්ඩුව සමුළුව පැවති දිනවල උද්ගෝෂණ තහනම් කර ලංකාවේ තරුණ ප්‍රජාවට ගැටළු නැතැයි ලොවට පෙන්වන්නට ගියාට ආණ්ඩුවට වැරදුන තැනත් එතනම තිබෙන බව ආණ්ඩුව දැනගන්නකොට පරක්කු වැඩිබව කිවයුතුය. අන්තර්ජාලය හරහා ලංකාවේ ත‍රැණ පිරිස් සහ ලෝකයේ අන්රටවල තරුණ පිරිස් ලංකාවේ ගැටලු කතකරන්නට පටන් අරන් ඇති බව ඔබ නොදන්නවා විය හැක. නමුත් එය එසේ වනබවට සාක්ශී මා මෙම ලිපියෙන් පෙන්වන්නම්.

asammathaya asammathayaලෝකයට කොලේ වසන්නට ගොස් පස්ස බිම ඇනගන්නා තුරු ආණ්ඩුව දන්නේම නැත. සියළු සමාජ ජාල තහනම් කලත් නව තරුණ පරපුර ඒ තාකෂණික බැමි වලින් මිදීමට තරම් දක්ෂ පිරිසක් නිසා ඒ වාරණවලින් පලක් වන්නේද නැත.

ඒ අහිංසක සිසුන් මාස ගණනක සිට ඉල්ලනේ තමන්ට පඩි වැඩිකරන්නට කියා නොවෙයි, තම්න්ගේ අධ්‍යාපන අයිතිය සුරකින ලෙසයි. හරි අධ්‍යාපනයක් නොමැතිව මොවුන් අනාගතයේ ජනතාවට සේවය කරන්නේ කෙසේද? රෝගියෙකු මැරෙන තුරු බලාසිට වරද නිවැරදි කරගන්නට යනවාය වඩා හරි අධ්‍යාපනයල් ලබාදීම වැදගත්.

asammathayaසමහර විටක ඔබට මෙය සංවේදි විය නොහැකියි, නමුත් ඔබ කෙදිනකහෝ රෝහල් ගතවූ දිනකදී මෙය ඔබටද දැනේවි. එදාට ඔබ පසුතැවිලි වන්නේ රෝගය නිසා නොව ඔබට සේවය කරන්නට ඉන්න පිරිසට තමන් සහයෝගයක් අද නොදුන් නිසා ඔබ පත්ව ඇති තත්වය ගැනයි.

One thought on “ලෝක තරුණ සමුලුව සහ ශ්‍රී ලංකා තරුණයා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )