“හෘදය සාක්ෂියට එකඟව කතිරය ගහන්න”


“කාටද ඡන්දය දෙන්නේ” කියා තවමත් සිතාගන්න අපහසුනම්, මම කියා දෙන්නම් සරල ක්‍රමයක්.. හැබැයි ඔබ හෘදය සාක්ෂියට එකඟව සිතන්න ලෑස්තිනම් විතරක්..
ඇස්දෙක පියාගෙන හිතෙන් “රතුපස්වල” කියන්න… රතුපස්වලදී වෙඩි කා මළ, 16
හැවිරිදි අකිල දිනේෂ් ඔබට මැවී පෙනේවි.. හිතෙන්
“හලාවත” කියන්න.. EPF
වෙනුවෙන් වෙඩි කා මළ, හලාවත රොෂේන් චානුකව ඔබට පෙනේවි.. හිතෙන් “කොළඹ වරාය”
කියන්න.. කුඩු කන්ටේනර් ගණන් ගෙන්වූ අගමැතිලා ඔබට මැවී පෙනේවි.. හිතෙන්
“ගාල්ල” කියන්න.. අද රෑ (මේ මොහොතේ) සිංගප්පූරුවේ සැප ගන්නා මුතුහෙට්ටිගම කියා දාර පිඹුරෙක් ඔබට මැවී පෙනේවි..

හිතෙන් “තංගල්ල” කියන්න.. ඔබට නම් දැරූ ස්ත්‍රී දූෂක තංගල්ලේ ප්‍රාදේශීය
සභා සභාපති මතක් වේවි.. ඔබ කොල්ලෙක් නම්, තමන්ගේ කෙල්ලව තමන් ඉදිරියේම සමූහ
දූෂණය කරනු දැක දැකම, ඇය බේරාගන්නට සටන් කර අවසානයේ බඩට බෝතල් කටුවකින්
ඇණුම් කා මියගිය කුරාම් ෂෙයික් මතක් වේවි.. ඔබ කෙල්ලක් නම් ඔබ වැනිම
සුන්දරියන් සහ දරුවන් සීයක් දූෂණය කළ සාරුවා සුනිල් කියා ගාල්ල පැත්තේ
එකෙක් මතක් වේවි..
හිතෙන් “කොළොන්නාව” කියන්න.. මහමග වෙඩි තබා මරා
දැමු භාරත ලක්ෂ්මන් කියා කෙනෙක් ඔබට මතක් වේවි.. හිතෙන් “කහවත්ත” කියන්න..
කුඩු මිටියකට පළිය ගන්නට මරාදමා, මළ මිනියත් දූෂණය කළ කාමාතුරයන් රැළක් ඔබට
මතක් වේවි..
අන්තිමට හිතෙන් “නන්දිකඩාල්” කියන්න.. ඔබට පදවියෙන්
පහකර හිරේ දැමු ජෙනරාල් සරත් ෆොන්සේකාවත්, ඊට පසුව අද සුරසැප විඳින කරුණා
අම්මාන්වත් පෙනේවි.. ඒ එක්කම බෝම්බ ගැසූ දළදා මාළිගයත්, සිල්වතුන්ගේ ලෙයින්
තෙත් වූ මහමෙවුනාවත් මැවී පෙනේවි.. ඒ එක්කම හිතෙන් “අරන්තලාව” කියන්න…
එදා භික්ෂුන් පණහකට ආසන්න ගණනක් කපා කොටා මරා දමා අද ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපතිව ඉන්නා එකෙක් ඔබට සිහියට නැගේවි..
තීරණය
පැහැදිලියි ද? හිතට බරයි නේද? වේදනාවයි නේද? මෙහෙම රටක ජීවත් වෙන්න බයයි
නේද? එහෙනම්, අටවෙනිදා උදේ පාන්දරින්ම ගිහිං “හෘදය සාක්ෂියට එකඟව” කතිරය
ගහන්න..

Advertisements

One thought on ““හෘදය සාක්ෂියට එකඟව කතිරය ගහන්න”

  1. saman kumara පවසයි:

    කරුණාකර හෘදය සාක්ෂියට එකඟව මහින්දගේ ආණ්ඩුවට කලින් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මැරකම් (වයඹ චන්දය, රූකාන්තට අනෝජා වීරසිංහට පහරදීම, රාජිතගේ මන්ත්‍රිධුරය උසාවියෙන් තහනම් කිරීම, මහවැලියේ වැලි ජාවාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී නැවැත්වූවත් දිගමට ක්‍රියාත්මක වීම) යූ. එන්. පී. එකේ භීෂනය, බටලන්ද වැනි මාතෘකාද ‍මේ සටහනට ඇතුලත් කරන්න. නැතහොත් මෙය අසම්පූර්ණයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )