සෙනෙහසක තරම


සමීර මධුසංඛ මල්ලි ලියලා තිබුන මේ පද පේලි ටික මගේ හිතට තදින්ම වැදුනා. ඒ මල්ලි කියලා තියනදේ අපි හැමෝටම අගනා පණිවිඩයක් ගෙනෙන නිස මම උපුටාගෙන මෙහි පල කලා.


මට ලැබුණු මිල කරන්න බැරි ආදරේ මගෙ අම්මගෙන් ලැබුණා.. ඒ අපිරිමිත අසීමිත ආදරේ අදටත් මගෙ ලෝකෙ රජ කරනවා… ඉදිරියටත් එහෙමයි.. ඒ ආදරේට සම කරන්න කිට්ටු කරන්න ඔයාගේ ආදරේට බෑ… ඒ ආදරේට ඔයාගෙ ආදරේ දෙවැනි වුණත් අම්මා ඇරෙන්න මේ ඔලුව අතගාලා ආදරෙන් මගෙ හිතට කතා කළේ ඔයයි…ඔයාගේ ඒ ආදරේට මම ගරු කළා.. ඉස්සරහටත් ගරු කරනවා..

දෙවැනි වූවානම් ඔබේ පෙම
අම්මාට පමණි ඒ අසම සම
කරුණා ගුණය පෑවා ඈ සේම ඔබ
අදටත් ඔබව සොයනවා මම සෑම දින…

ඔයාව මට රැකගන්න ඕන වුණා.. ආරක්ෂා කරගන්න ඕන වුණා.. චූටු දුවෙක්ව තාත්තා කෙනෙක් බලාගන්නවා වගේම මට ඔයාව බලාගන්න ඕන වුණා.. ළගින් ඉන්නකොට නලලට ආදරෙන් හාදුවක් තියන්න මම ගොඩක් ආස කළා… මතකද මම ඔයාට කිව්වා දවසක මාව නොලැබුණත් ඔයාව ලබන කෙනා ගොඩාක් වාසනාවන්ත වේවි කියලා.. ඒ ඇයි දන්නවද හැගීමට සීමාවක් තියාගෙන මම ඔයාව පරිස්සම් කළ නිසා.. ඔට ඔයාව මගේ කරගන්න බැරි වුණොත් ඔයා දවසක වෙන කෙනෙකුගේ ජීවිතේ වේවි. එදාට ඔ්‍යා හොද කෙල්ලෙක් විදිහට ඉන්න ඕන…

එදාට ඔයාගෙ මහත්තයා ඔෆිස් යනකොට කකුල් දෙක අල්ලලා වදින්න කියලා මම ඔයාට ඉගැන්නුවෙ ඇයි දන්නවද..? එතකොට කවදාවත් ඔයාගෙ මහත්තයට වරදක් කරන්න බැරි වෙයි.. මගෙ වයිෆ් මගෙ කකුල් අල්ලලා උදේට වදිනවා.. කියලා මතක් වේවි… ඒ හිත කවදාවත් වරදක් කරන එකක් නෑ..
තව දෙයක්..

එයාට කියලා හැමදාම උදේට පුංචි හාදුවක් නලලට ඉල්ලගන්න කියලා කිව්වා නේද මම.. ඒ ඇයි දන්නවද ඔයාටත් කවදාවත් ඔයාගෙ මහත්තයට වරදක් කරන්න හිතෙන එකක් නෑ… ඒ ආදරණී්‍ය ආදරේ ඔයාට මතක් වේවි…

මම හරි කියලා දවසක ඔයාට තේරෙයි…

ඒත් මම හිතනවා ඔයාගෙ වාසනාවන්තයා මමම වේවි කියලා… පන්සලට ගියත් මලක් පූජා කළත් මම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාමනෙ.. ඔයත් එහෙමයි කියලා මම හිතනවා… ඉතිං අපි කවදාම හරි එකතු වෙයි… එක වහලක් යට ඉදගෙන පුංචි පැටව් ටිකකුත් එක්ක ලස්සනට අපි ජීවත් වෙයි….

අපිත් ඒ විදිහට ප්‍රාර්ථනා කරමු…

සංසාරෙන් පතා අපු ආදරේ….
දලු ලනවා දවසක පෑ සෙනෙහසේ….
පුංචි පැටව් එක්ක ගෙවමු ජීවිතේ…
කවදාවත් නෑ වෙනසක් සොදුරියේ…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )