සිතා බැලීම සඳහා


යුද්ධයේදී තරු වැඩි කර ගන්නේ, ෆීල්ඩ් මාර්ෂල් වෙන්නේ මොන පන්තියේ අයද? මැරෙන්නේ, ආබාධිත වෙන්නේ මොන පන්තියේ අයද? අතීත යුද්ධ වලදී වගේම අනාගත යුද්ධ වලදීත් වෙන්නේ මේකමයි.

asammathaya asammathaya 11167662_977231255620209_7205355594015146556_n asammathaya asammathaya asammathayaතරු පදක්කම් සම්මාන ලැබෙන්නේ ඉහල නිලවල සැලසුම් කිරීම විශිෂ්ඨ නිසා. රණවිරුවන් ඒ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කරන නිසා ජයග්‍රහණයන් ලබනවා.  ඒ නිසා රණවිරුවන් සෑම දෙනාටම එක ලෙස ගරු බුහුමනට ලක් කරමු. නිලය කුමක් වුවත් ඔවුන් රටට කරන්නේ ඉමහත් සේවයක් බව මතක තබා ගන්න. නිලයමත වරප්‍රසාද වැඩිවන බව සැබෑවකි,  නමුත් නිසි වරප්‍රසාද නිසිතැන ලබාදීම රජයක සහ හමුදාවේ යුතුකමකි.

4 thoughts on “සිතා බැලීම සඳහා

  1. කුරුටු ගෑ ගී පවුර පවසයි:

    ඒකග විය හැකි අවස්ථාත් තියෙනවා…. බැරි අවස්ථාත් තියෙනවා…. ඔ්කට ෆීල්ඩ් මාර්ෂල් කමම ගාවගත්තේ අැයි???????

    ඔයට යමක් කියන්නද???? හැම ෆීල්ඩ් මාර්ෂල්, ජෙනරල් කෙනෙක්ම ඒක තරුවක් ගහගෙන ප්ලැටූන් ඒකක් කමාන්ඩි කරගෙන අායුධ අරගෙන සාමාන්‍ය සෙබලු ටිකක් ඒක්ක මැදින් ගිහින් යුද්ධ කරනවා පළවෙනි අදියරේදී…. ඉතින් ඔවුන් ඒතනට යන්නේ නිකන්ම නෙමෙයි…. අැට මිරිකන ඒවුනුත් නැතුව නෙමෙයි…. මේ ගැන විචාරක මහත්තයා නියමෙට කියයි…. පාර පෙන්නන්නම්….

  2. නැත. කිසිසේත් එකඟවන්නේ නැත. හමුදාවක ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳව දැඩි අනවබෝධයකින් ලියා ඇති බව පෙනෙයි.

    හමුදාවේ වැඩිපුර ඉන්නේ සොල්දාදුවෝ. එහෙම නැති හමුදාවක් කොහෙවත් නැහැ. ඒ නිසා සොල්දාදුවන්ට අනතුරු වැඩිය සිදුවීමේ සම්භාවිතාව වැඩියි.

    නිළධාරීන් නැතුව සොල්දාදුවන් පමණක් සටනට යවන ක්‍රමයක් නැහැ. හතර පස් දෙනෙක් පැය කීපයකට යවන අවස්ථා තියනවා. නමුත් ප්‍රධාන සටන් භූමිකා හැම එකකදීම (direct infantry role) අනිවාර්යයෙන් නිළධාරීන් යනවා.

    අපේ රටේ පැවති යුද්ධයෙන් මියගිය නිළධාරීන්ගේ ප්‍රමාණය මෙන්ම ආබාධිතවූ නිළධාරීන්ගේ ප්‍රමාණය ද සැළකියයුතු තරම් විශාලයි.

    ශ්‍රී ලංකා යුද හමුදාවට පනස් වසරක් සැපිරීම නිමිත්තෙන් පල කළ සමරු පොත හමුදාවේ එදා සේවය කළ කෙනෙකුගෙන් ඉල්ලාගෙන කියවා බලන්න. එහි සම්පූර්ණ ලැයිස්තුවක් තිබෙනවා මියගිය නිලධාරීන් සහ සෙසු නිලයන් ගැන. ඒ අනුව ත්‍රිවිධ හමුදාවේම මියගිය නිලධාරීන් ප්‍රමාණය ගැනත් සොයා බලන්න.

    සොල්දාදුවන් මරා නිලධාරීන් උසස්වීම් ගන්නවා කියා සිතීම අමනකමකි. නොදන්නාකම නිසා කියන පුහු ප්‍රලාපයකි. යුද්ධයේදී දක්වන ලද දස්කම් වෙනුවෙන් වීර පදක්කම් පිරිනැමීමේදී, ඒවා වැඩියෙන් ලැබී ඇත්තේ සොලදාදුවන්ට මිසක් නිළධාරීන්ට නොවේ. ඔබ කිසිදු වගකීමකින් තොරව මේ අමන අදහස් ලිව්වේ මොන පරමාර්ථයකින්ද?

    උසස්වීම් ලබාදීමේදී වැඩිපුර උසස්වීම් ලබාදී ඇත්තේ සොල්දාදුවන්ටද නිලධාරීන්ටද කියා වහාම සොයාබලන්න. නොදන්නා දේවල් කතාකර ඔබේ පුහු බව පෙන්වන්න එපා.

    මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්නේ නිළධාරීන්ගේ උසස්වීම් පමණයි. එය යුද හමුදාවේ වරදක් නොවෙයි. වීර පදක්කම් පිරිනමන පෙළපාලියකට සහභාගිවුණු සෙබළකුගෙන් හෝ ඔහුගේ පවුලේ කෙනෙකුගෙන් අසා යථාර්ථය දැනගන්න. නිලධාරියකු කියන්නේ උසස් පුහුණුවක් ලැබුවෙක්. යුද්ධයකදී සොල්දාදුවන්ගේ ජීවිත පිලිබඳ තීරණ ගැනීමේ විශේෂඥ දැනුම නිළධාරියා සතුයි. යුද සැලසුම් හදන්නේ නිළධාරියායි. ඒ නිසයි උසස් නිළධාරීන් සටන් පෙරමුණේ ඉදිරියෙන්ම නොයන්නේ. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සටන් බිමේ ඉදිරියටම ගොස් ගහගන්න ගියානම් මොකද වෙන්නේ කියලා හිතන්න තරම්වත් මොළයක් ඔබට නැතිවීම ගැන කණගාටුයි.

    තමන්ගේ ඔලුවේ කැරකෙන මඤ්ඤං අමු අමුවේ කියවන්නාගේ ඔලුවට පටවන්න යන්න එපා. ඔබ අපේ රටේ හමුදාවන්ට කර තිබෙන්නේ බරපතල අපහාසයක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )