Grave of the Fireflies


asammathaya.jpg

Joe O’Donnell, යනු දෙවන ලෝක යුද්ධයේදී යුධ වාර්තාකරුවෙකු ලෙස සේවය කල බ්‍රිතාන්‍ය ජාතිකයෙකි . හිරෝෂිමා නගරයට ඇමෙරිකානු පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වී දිනකට පසුව ඔහු එම නගරයට ඇතුල් විය . ලෝක ප්‍රසිද්ධයට පත් වූ මේ දසුන ඔහුගේ කැමරා කාචයට හසු කර ගනු ලැබුවේ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පිළිස්සුනු මිනිසුන් සමුහ ලෙස ආදාහනය කරන සුසාන භුමියකදීය. මේ චායාරුපයේ පසුබිම් කතාව ඔහු විසින් විස්තර කරන්නේ මෙසේය ….


” වසර දහයක පමණ කුඩා පිරිමි ළමයෙකු මා අසලින් ගමන් කරනු දුටුවා. ජපානයේ බොහෝ දරුවන් තම කුඩා සොහොයුරෙකු හෝ සොහොයුරියෙකු පිටේ එල්ලා ගෙන කෙලි සෙල්ලම් කරනු සුලභ දසුනක් උවද මා දුටු පිරිමි දරුවාගෙන් දිස් වුයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් හැසිරීමක්. මා ඔහුගේ හැසිරීම දෙස ඉතා ඕනෑකමින් බලා සිටියා. ඔහුගේ මුහුණෙන් සිනහවක ලකුණක් හෝ මා දුටුවේ නෑ…. තම පිට මත එල්ලා ගෙන ආ කුඩා සොහොයුරා ගේ බෙල්ල එල්ලා කඩා හැලෙන ආකාරයක් මා දුටුවා.

සුදු පැහැති මුහුණු ආවරණයක් සහිතව පැමිණි ජපන් ජාතිකයෙකු ඔහුගේ කර මත එල්ලා රැගෙන ආ කුඩා දරුවා දෝතට ගන්නා ආකාරය මා දුටුවා. ඉන් මා සිදුවී ඇති දේ ක්ෂණිකව වටහා ගත්තා. බුර බුරා නැගෙන ගිනි දැල් වෙත මියගිය සිඟිත්තා විසි කරන අයුරු මා බලා සිටියේ හදවතේ නැගෙන ගිනි දැල් අතරින් . අනතුරුව මාගේ දෙනෙත ඇදී ගියේ මියගිය කුඩා සිඟිත්තා රැගෙන ආ දරුවාගේ හැඟීම් බර මුහුණ වෙතය. තම සොහොයුරා ගින්නට විසි කිරීමෙන් පසුව ඔහු තමාගේ යටි තොල ලේ එනතුරු සපා ගන්නා ආකාරය මා දුටුවා. අනතුරුව ජපන් සම්ප්‍රධායට අනුව ඔහුගේ හිස ගිනි උඳුන වෙත පාත් කර සෙමෙන් සෙමෙන් එම ස්ථානයෙන් නික්ම ගියා. ”

මේ සත්‍ය සිදුවීම අලලා 1988 දී “Grave of the Fireflies“, නමින් ජපන් බසින් විශිෂ්ඨ සිනමා කෘතියක් නිර්මාණය විය. මෙම සිනමා කෘතිය ලොව පුරා මහත් ජනාදරයට පත් විය.

උපුටාගැනීමකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )