Image

සහජීවනය නිසා රටට වෙන්න යනදේ තේරුම් ගනිල්ලා


asammathaya

4 thoughts on “සහජීවනය නිසා රටට වෙන්න යනදේ තේරුම් ගනිල්ලා

  1. ප්‍රදීප් මංගල පවසයි:

    මාගේ පළමු ප්‍රශ්නයට අදාල පිලිතුර ඔබ ලබා දී නොමැත. මා විමසන්නේ එලෙස කිරීම මගින් ඇතිවන ගැටලු මොනවාද යන්නයි, ලොකයේ කිසිදු තැනක සිදුවී නැති දෙයක් ලංකාවේ සිදුවුවිට අමුතුවෙන් දෙයක් වන්නේ නැත. සමහරවිට ඒ අනුව ඉදිරියේදි වෙනත් රටවල්ද එසේ කිරීමට ඉඩ ඇත. 1948ට පෙර ලංකාවට ජාතික ගීතයක් තිබුනේ නැත.
    ජාතික ගීතයේ දෙමළ අනුවාදනයක් ගායනා කිරීම දිර්ඝ කාලයක සිට සිදුකරමින් පවතින ක්‍රියාවකි. එය දකුණේ ජනතාව නොදැන සිටිම පමණක් සිදුවි ඇතැයි මම සිතමි.

    මම සිතන පරිදි සිංහලෙන් ජාතික ගීය ගායනා කිරීමට වඩා එය දෙමළෙන් ගායනා කිරීමේදි දෙමළ ජනතාවට දැනෙන බවය.

    නැවත මා විමසන්නේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම මගින් ඇතිවිය හැකි ගැටලු මොනවාද යන්නයි (ජාතික ගීය, ජාතික කොඩිය, ජාතික ගස, මල, පක්ෂියා, ක්‍රිඩාව සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ ජිවිතයේදී අදාල වන්නේ කුමකටද???)

  2. ප්‍රදිප් මංගල පවසයි:

    ජාතික ගීය භාෂා 2කින් ගායනා කිරීම මගින් ඇතිවන ගැටලු මොනවාද?
    භාෂා 1කින් පමණක් ජාතික ගීය ගැයිය යුතුනම් සිංහල හෝ දෙමළ හෝ නොවන වෙනත් භාෂාවක් සුදුසුද?
    ජාතික ගීය සිංහලෙන්ම පමණක් ගැයිමට අවශ්‍යවන හේතු මොනවාද?

    • 1. ජාතික ගීය භාෂා 2කින් ගායනා කිරීම මගින් ඇතිවන ගැටලු මොනවාද?

      පිලිතුර : ලොව කිසිම රටක ජාතික ගීතය භාෂා 2 කින් ගායනා නොවේ. හේතුව බහුතර ජනයා භාවිතා කරන භාෂාවෙන් ගායනා කීරීම හෝ සියළුදෙනා එකග භාෂාවකින් ගායනා කිරීම හැර ජනවර්ගය, ආගම හෝ ප්‍රදේශය අනුව ගායනා කිරීමට ගියොත් ජාතික ගීතයේ වටිනාකම කිසිවෙකුට නොතේරෙනු ඇත.

      ඒවගේම ජාතික ගීතය භාෂා2කින් ගායනා කරයි නම්, එක ජාතික කොඩියක, ජාතික පුෂ්පයක්, ජාතික පක්ෂියෙක්, ජාතික වෘක්ෂයක් උවමනා වෙන්නේ නැත. එක එක ජාතිය, ආගම, ප්‍රදේශය අනුව ඒවා වෙනස් කරගත හැක. ජාතික ගීතය, කොඩිය, පක්ෂියා, වෘක්ෂය එක බැගින් මිස කිහිපයක් තිබිය නොහැක. පලාත් අනුව ලංකාවේ පලාත් කොඩි, දැනටමත් අප භාවිතා කරයි. ජාතික නම් එකක් මිස කිහිපයක් විය නොහැක.

      2. භාෂා 1කින් පමණක් ජාතික ගීය ගැයිය යුතුනම් සිංහල හෝ දෙමළ හෝ නොවන වෙනත් භාෂාවක් සුදුසුද?

      පිලිතුර : රටේ ජනතාව කැමතිනම් එය එසේ විය හැක. උදාහරණයක් ලෙස ඉන්දියාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වන්නේ පරිපාලන පහසුව නිසා මිසක, වැඩිපුර ජනතාව භාවිතා කරන හින්දි නොවේ. ඉන්දියාවේ ජාතික ගීය ගයන්නේ හින්දියෙන් නොව බෙන්ගාලි භාශාවෙනි. එය බංග්ලාදේෂයේ රාජ්‍ය භාශාවයි. අපේ රටේත් සිංහල හෝ දෙමළෙ එක භාෂවකින් හෝ වෙනත් ජනතාව කැමති භාෂවකින් ජාතික ගීය ගායනා කළහැක.

      3. ජාතික ගීය සිංහලෙන්ම පමණක් ගැයිමට අවශ්‍යවන හේතු මොනවාද?

      පිලිතුර :අපේ රටේත් සිංහල හෝ දෙමළෙ එක භාෂවකින් හෝ වෙනත් ජනතාව කැමති භාෂවකින් ජාතික ගීය ගායනා කළහැක. සිංහල ජාතික ගීයක් මෙතුවක් කල් තිබුනේ එය රටේ මුල සිටම පරිපාලන වියුහය වන පාර්ලිමේන්තුවේ අනුමත නිසාවෙනි. එය වෙනස් කලොත් වෙන එක් භාෂාවකින් ගායනා කලහැක

      • ප්‍රදිප් මංගල පවසයි:

        මාගේ පළමු ප්‍රශ්නයට ඔබ විසින් පිලිතුරක් ලබා දී නොමැතිබව මාහට සිතේ්….. මා විමසා සිටින්නේ ජාතික ගීය භාෂා 2කින් ගායනා කිරීම මගින් ඇතිවන ගැටලු මොනවාද? යන්නයි.

        සාමාන්‍ය මිනිසකුගේ ජිවිතයට සහ ඔහුගේ එදිනදා කටයුතු වලට ජාතික ගීය භාෂා 2කින් ගායනා කිරීම, ජාතික කොඩිය, ජාතික මල, ගස, පක්ෂියා වැදගත් වන්නේ කුමන කරුණු නිසාද? එවා නැතිවු විට අහිමි වන්නේ මොනවාද? අභිමානයද? ජාතික ගීය භාෂා දෙමළ මිනිසුන් දෙමළ භාෂාවෙන් ගැයුවිට සිංහල මිනිසුන්ගේ අභිමානය නැතිවි යනවාද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )