නොදන්න එකෙක්


asammathaya

මට ලැබුණු ආදරේ දැන් අයිති ඌට නම්
මතු දිනක උඹෙ නමින් ඌත් කවි ලියයි බං
පුර හඳට පසු දිනක අමාවක ලබයි නම්
හඬා වැල පෙනු කුමට යලිත් නුඹ නොයේ නම්…

උඹ නැතිව හිතට මගෙ දුකක් නැත්තෙත් නැතී
මතකයිද හිටි විදිය වෙලා උඹ මගෙ එකී
ඉඳ හිට දකිනවා උඹේ නමින් මම ලියපු කවි වැකී
යලි දිනක හමු වෙමුද ලෙසින් අපි හිතවතී…

රිදුණ හිත හදන්නට කාලයක් ගත වෙලා
හෙමි හෙමින් තව හිතක් මටත් දැන් ලං වෙලා
උගේ පොකුරේ එක මලක් ලෙසින්උඹ තනි වෙලා
සුවඳ නොබැලූ කුසුම ඇයිද අද ගැබ්බර වෙලා…

ඌ කිව්වා පොන්නයෙක් වගෙලු මං
රංඩු සරුවල් මොකට නිහඩවම හිටිය මං
ආදරේ උඹේ නමට තාම නොතිබුණා නම්
කියලා දෙනවා ඌට උඹේ මම ඉඹපු තැන්..

ඌ වගේ මමත් උඹ ඇඳේ සැතපුවා නම්
හිතට කාවැදුණු පෙම උඹට නොතිබුණා නම්
එදා මගේ ගාය උඹෙන් හොඳ කලා නම්
මෙදා දරුවො හත අටකගෙම තාත්තෙක් වෙලා මං..

නිර්නාමිකයෙක්෴

5 thoughts on “නොදන්න එකෙක්

  1. තවත් දෙයක්…… මේක විශ්ව විද්‍යාල ප්‍රේමයක් ගැනද?????? භාෂා ව්‍යවහාරය ගැන හිතලයි කිව්වේ…… වැරදිද දන්නෑ…. ඒකට හේතු කීඵයක් තියෙනවා……

  2. මෙහෙම කියන්නම් …………….. මෑතක කියැවූ පට්ටම කවිය මේක තමා. ආය දෙකක් නෑ සුපිරිම සුපිරිය. මේක සින්ඩියේ පළ කොරන්නමයි හිත. ඒත් මේ දවස් වල ඒක නෙලුම්යායට ම භාර දීලා නිසයි විදිහක් නැත්තේ…. වැඩේ ඉවර වුණ ගමන් මේක ඒකට දාන්න අවසර දෙනවැයි………..

    අවුලක් හිතන්නැත්තං එක තැනක් ගැන පොඩි දෙයක් කියන්නද?

    //උගෙ පොකුරේ එක මලක් ලෙසින්උඹ තනි වෙලා
    සුවඳ නොබැලූ කුසුම ඇයිද ගැබ්බර වෙලා…//

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )