පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට මුල්වූ ඔබ සැමට තුති


asammathaya (2)

මහරගම ජාතික පිළිකා ආයතනයට PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා කදිජා පදනම පිහිටවු අරමුදලේ ඉලක්කය වන මිලියන 200 ය සම්පුර්ණ වෙයි…..

අපූරුවට දුව පැන ඇවිද්ද තම එකම පුතු හදිස්සියේ රෝගී වීමත් සමඟ M.S මොහොමඩ් කලබල වූයේය.ඔහු දරුවාව වෛද්‍යවරුන් කිහිප ‍දෙනෙකුටම පෙන්නුවේය.පරීක්ෂණ කෙරිණි. ඔහුට දැන ගන්නට ලැබුණේ තම එකම පුතු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවය.රෝගය හඳුනාගෙන පැය විසිහතරක් යෑමට මත්තෙන් ඔහු පුතු ද රැගෙන ඉන්දියාවේ සුඛෝපභෝගී රෝහලකට ගියේය.ඒ සඳහා ඔහුට මඟ කිවේ තවත් වෛද්‍යවරයෙකි.මාස කිහිපයක් ප්‍රතිකාර කළ ද දරුවාට සුව නොවූයේය.අතේ තිබූ සියලුම මුදල් ද ඉවර කරගෙන ඔහු ලංකාවට පැමිණියේ පරාජිතයෙකු ලෙසිනි.මෙරට පෞද්ගලික රෝහලකදී ද දරුවාට ප්‍රතිකාර කරනු ලැබුවේය.ඉන්පසුද ප්‍රතිඵලයක් නොලද විට ඔහු අවසානයේ දරුවාද රැගෙන මහරගම පිළිකා රෝහලට ගියේය.දරුවා රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා අතරතුරේ රෝහලේ තත්ත්වය සොයා බැලුවේය.පිළිකා රෝගයට ගොදුරු වීමෙන් මිනිසුන් විඳවන අයුරුත් මිය යන අයුරුත් ඔහුගේ හද කම්පා කළේය.

පිළිකා රෝගය මුලදිම හඳුනා ගන්නට නම් අද දියුණු තාක්ෂණයෙන් නිපදවා ඇති PET ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍යමය.රෝහලේ ඒ යන්ත්‍රයක් නැති කමින් අසරණ රෝගීන් පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලට යන අයුරු ද තවත් අපහසුතා වලට මුහුණ දෙන අයුරු ද දුටු ඔහුට අදහසක් පහළ වූයේය.එනම් මහරගම පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලට ගෙන දීමය. එය තනි පුද්ගලයකුට කළ හැක්කක් නොවූයේය.හේතුව PET ස්කැනර යන්ත්‍රයක මිල කෝටි විස්සක් වීමය. පිළිකා රෝහලේ අධ්‍යක්ෂතුමා, වෛද්‍යවරුන් සමඟ ද කතා කළ ඔහු අවසානයේ මාධ්‍ය ආයතනවලද සහාය ලබාගනිමින් මේ සඳහා අරමුදලක් පිහිටුවා මහජනතාවගේ සහාය ලබාගැනිමට තිරණය කලේය.අවසානයේ අපේ රටේ මිනිසුන්ගේ පරාර්ථකාමි හදවත් උණුවන සංවේදිකම නැවතත් ලෝකයට ප්‍රදර්ශණය කරමින් දින 100 තුලදි එනම් අද PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා රුපියල් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් එකතුවු බව ඒ සඳහා මුලිකව කටයුතු කල M.S මොහමඩ් මහතා විසින් පිහිටුවාගත් කදිජා පදනම විසින් නිවේදනය කරන ලදි..

මේ සඳහා මැදිහත්වු කදිජා පදනමේ M.S මොහමඩ් මහතා ඇතුළු එම සංවිධානයේ සියලුම දෙනා,මහරගම පිළිකා රෝහලේ සියලුම වෛද්‍යවරුන්,මාධ්‍ය ආයතන විශේෂයෙන් දෙරණ ආයතනය, ලේක්හවුස් ආයතනය හා අරමුදල සඳහා දායකවු සියලුම දෙනා මෙන්ම සැම ආකරයකින්ම සහායවු සියලුම දෙනාට ගෞරවනිය අචාරය මෙලෙස පුදකරමු.. ඔබ සැම ඉටුකලේ සැබැවින්ම මිනිසත්කමට ගෞරවයක් ගෙනදුන් උතුම්වු අමිල ක්‍රියාවකි..මෙම කුඩා වචන පෙලකින් එම උතුම් සේවය ඇගයිමට ලක් කල නොහැකිය.

( පහත ඡායාරුපයේ සිටින්නේ M.S මොහමඩ් මහතා සහ පිළිකා රෝගය වැළඳි එයින් පීඩා විඳින ඔහුගේ පුත් දාහත් හැවිරිදි මොහමඩ් හමිඩ්)

asammathaya

උපුටා ගැනීමකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )