උසස් අධයාපනය, SAITM හොර උපධි කඩය


කොන්දේසි විරහිතව රාජය විශ්වවිද‍යාල සිසුන් මාලබේ SAITM හොර උපධි කඩය වෙනුවන් ගෙන යන සටනට සහය දීමට තීරණය කලෙමි.

නමුත් මෙය සියලුම පුද්ගලික විශ්වවිදයාල සදහා නොවන බව කරුණාවෙන් සලකන්න. අවුරුදු 3ක් මහන්සිවී උසස්පෙල හරියට සමත් සිසුන් ඉහල Z Score මත නිසි අනුමැතිය ලද පුද්ගලික විශ්වවිදයාල වලට බදවා ගැනීම හැර හරියට උසස් පෙල අසමත් උන් තම පුද්ගලික අභිමානය උදෙසා රටේ පොදු ජනතාවගේ ජීවිතවලට බිල්ලට ගැනීමට ඉඩ නොදිය යුතුය.

ඉගෙනීමට සියළු දෙනාට අවස්ථාව ලැබිය යුතුය. නමුත් එය තම බුද්ධිමට්ටම මත මිසක මුදල් මතම පමණක් නොවිය යුතුය.

මම රජයේ විශ්වවිදයාලයක තමයි ඉගෙන ගත්තේ. මම දන්නවා පුද්ගලික විශ්වවිදයාලවල ඉගෙන ගන්න උන් මෝඩ නෑ කියලා. උන් දක්ශයි තමයි. ඒත් උන්ට ආණ්ඩුවේ විශ්වවිදයාලයකට යන්න බැරිඋනේ උන්ගේ වරදකට නෙවේ ඒ විශ්වවිදයාලවල ඉඩ නැතිනිසා. රජයෙන් බදවාගැනීම වැඩි නොකරපු නිසා.

උන් ඒ නිසා සල්ලි දීලා හරි ඉගෙන ගන්නවා. ඒකට උන් විතරක් නෙවෙයි උන්ගේ දෙමව්පියෝ විදින දුකත් මම දන්නවා. මොකද මගේ යාලුවෝ විදින දුක මම දන්න නිසා. ඒක නිසා තමයි මාත් ආස උන් නිදහස් අධයාපනය ලබනවා දකින්න ආසා.

ලංකාවෙ 40%ක් දවසක ආදායම රුපියල් 400 ට අඩුයි. එතකොට ඒ අයගෙ ලමයි ඉගෙන ගන්න තැනක් කෝ. අන්න ඒ අයට වගේම සල්ලි තියන අයගේ ලමයිටත් මුදල් නොගෙවා ඉගෙන ගන්න පුලුවන් අධයාපන ක්‍රමයක් හදන්න තමයි දැන් ඉන්න කැම්පස් ලමයි කෑගහන්නේ.

ඇස් ඇරලා බලන්න, Free ඉගනගන්න ලැබෙනවනම් කොච්චර වටිනවද කියල. ඒවගේ කීදෙනෙක්ට ඒක සහනයක් වෙයිද, උන් ඉගෙනගෙන කොච්චර රටට සේවයක් කරයිද කියලා

“සරල ප්‍රශ්නයක් අහන්නම් සරල උත්තයක් දෙන්න.

පෙට් ස්කෑන් එකක් ආණ්ඩුවේ ඉස්පිටිතාලේ තිබ්බෙනෑනෙ, ජනතාව එකතුවෙලා එකට සල්ලි එකතු කරලා ගත්තා.

දැන් ප්‍රයිවට් ඉස්පිටිතාලයක් තව එකක් කිසිම අණුමැතියකින් තොරව ගන්නවා. එකෙ තත්වය බාලයි. ඒකෙන් පරික්ෂණ කරන්න ගියාම අතුරු ආබාධ ඇතිවෙන්න ගොඩක් ඉඩකඩ වැඩි. ඉතින් ජනතාව ලොකු ගානක් දීලා ඒ බාල ස්කෑන් යන්ත්‍රය පාවිච්චි කරන්න වෙනව තව ලෙඩත් හදා ගෙන.

ආණ්ඩුවට පිරිසක් බල කරනවා ඒ යන්ත්‍රය පාවිච්චියට ගන්න එක නවත්තලා ඒ වෙනුවට ඒ යන්ත්‍රයට වඩා හොද එකක් ආණ්ඩුවට අයිති ඉස්පිටිතාලයකට දිලා නොමිලයේ මිනිස්සුන්ට ඒ සේවය දෙන්න කියලා.

සල්ලි ගොඩක් දිලා පුද්ගලික ඉස්පිටිතාලෙන් පරික්ෂණ කරගෙන තව අතුරු ආභාද හදාගෙන ඉන්න ආසද?

නොමිලයේ ආණ්ඩුවට අයිති ඉස්පිටිතාලෙන් පරික්ෂණ කරගෙන අතුරු ආභාද නැතුව ඉන්න ආසද?

සල්ලි තියන කිහිප දෙනෙක් විතරක් ජිවත් උනාම ඇතිද? නැත්නම් දුප්පත් පොසත් ඔනිම කෙනෙක්ට නොමිලයේ සේවය ලැබුනාම හොඳ ද?”

උසස් අධයාපනයටත් මෙය නොගැලපේද?

3 thoughts on “උසස් අධයාපනය, SAITM හොර උපධි කඩය

  1. Ama පවසයි:

    “ඉසඩ්”ලකුණු මත තේරී ඇත්තේ දක්ෂයින්ම නොවන බව ඔබ
    නොදන්නේ ද? ලකුණු 1.2ක් ගන්නා අය ඇතුල් වන විට ලකුණු 1.9ක් ගන්නා අය
    එළියට විසිවන ක්‍රමය තුල ඔබගේ නිර්වචන වටදිය. බලන්න හැර දෑස.

    • 1.2 Z ලකුණ ගන්නා සිසුවා මෙන්ම 1.9 Z ගන්නා සිසුවාත් සරසවියට බදවාගැනීමේ විභාගය අසමත් නම් බදවා ගන්නේ නැත. එසේම රටේ සෑම පලාතකම සමාන පහසුකම් නැති නිසා දුශ්කර පලාත්වල Z අයට කොළබ අයට වඩා Z අයග අඩු බව සැබෑය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )