පේරාදෙනිය වල සහ වේදිකා නාටක


කෞෂි ගේ ‘දුටු තැන අල්ලනු’ නාට්යවයට පේරාදෙණියේ හූ කියා, ගල් මුල් වලින් ද ගසා එය රඟදක්වන්නට නොදී නවත්වා තිබේ. සිවුරු ඇඳගත් එකෙකු පැමිණ ‘වල’ පෙන්වමින්, ‘මේක ශුද්ධ භූමියක්!’ යැයි තර්ජනය කර ද තිබෙයි. පේරාදෙණියේ ‘වලේ’ නාට්යලක් රඟ දක්වා ‘හූ’ සංග්රිහයක් නොලැබ පැමිණීම එවක නාට්ය්ය පිළිඹඳ ප්රිමිති සහතිකයක් ලෙස සැලකුණි. නාට්යාන් කරුවෙකු ලෙස බෞතීස්ම වීමට ‘වලේ’ අභියෝගය ජයගත යුතුව තිබුණි. එහිදී හූ සංග්රකහ ලැබූවන් අතර සයිමන් නවගත්තේගම, මනෝරත්න, ආදීහුද වෙති. ඒ හූව ආශාව්දනීයය. සයිමන් සුභ සහ යස රංග දක්වද්දී තරමක් ‘පදම’ වෙනස්වී දෙබස් අමතක වූ විට හූ කියමින් දෙබස් කියා ඇත්තේ නරඹන්නන් ය. මනෝ නාට්යියක තාලයට පා තබමින් යන විට ඉදිරි පෙළක සිටි අයෙකු කකුලෙන් අල්ලා නවතා තිබෙයි. මේවා නාට්යතය සමඟ ප්රේාක්ෂකයි ගේ ඉතා රසවත් මැදිහත් වීම් ය. වලේ නාට්යතයක් රංග දැක්වීම අභියෝගයක් වූයේ එබැවිනි. මගේ ද ‘භූමිකා’ නාට්ය්ය ‘වලේ’ රංග දැක්වූ යේ මා විශ්වවිද්යාසල සිසුවෙකුව සිටියදීය. ප්රටධාන භූමිකාවක් රංගන ශිල්පියෙකු ගේ නොපැමිණීම පුරවන්නට මට ද රඟපාන්නට සිදු විය. එය කොතරම් ලොමු ඩැහැගන්වන අත්දැකීමක් වූයේද යත් මතක් වන විට තවමත් ඇඟේ හිරිගඩු පිපෙයි. ‘හූ’ නොඅසා බේරුනේ වාසනාවකටය.


එහෙත් මෙවර සිදු වී ඇත්තේ ඉතාම අප්රැසන්න සිදුවීමකි. පුද්ගලික විශ්ව විද්යාඩල වල ප්රනමිතිය පිළිඹඳ කෑ මොර දෙන, ඒවා ඇතිවෙනවාට විරුද්ධව පෙළපාලි යන අයගේ ප්රයමිතිය විදහා දැක්වීමකි. අද ආණ්ඩුවේ විශ්ව විද්යාඹල වලට එන්නේ රටේ සිසු සම්පතේ ‘ක්රීෙම්’ එක යයි කීම මිත්යාවවකි. ඔවුන් මහන්සි වී ඉගෙන ගෙන එනවාට වඩා එන්නේ, බෝධිපූජා තබා, පිරිත් නූල් බැඳගන, සෙත් ශාන්ති මෙන්ම හදි හූනියං ද කර, හැකි නම් පගා දී ප්රනශ්නපත්තර ද පන්නාගන හැකි තාක් කට පාඩම් කර විභාගය ලියා එන අයය. ඔවුන් ගේ කිසිදු නිර්මානාත්මක බවක් නැත. පාසල් ශිෂ්ය අවධියේ සිටම මාරාන්තික සටනක එදෙන්නේ විශ්ව විද්යාිලයට රිංගා ගන්නටය. නාට්ය යක්, චිත්රැපටයක් නැරඹීම, නවකතාවක් කෙටිකතාවක් කවියක් කියවීම, සංගීතයක් රස විඳීම මේ බොහෝ දෙනෙකු නොවැදගත් සේ සලකා මග හරින දේවල් ය. ඒ වෙනුවට ෆෙන්ෂුයි පූජාවට, සාස්තර බැලීමට, ඊනියා හාමුදුරු සුපර් ස්ටාර්ස් ලා ගේ වැදි බන ඇසීමට ජාතික කොඩියේ සුළු ජාතික පටි ගැලවීමට, අනෙකාගේ සතුට ට කෙලවීමට, ගෙදර එකතුවන කුණු ටික පාරේ හලා යාමට, කක්කුස්සි බිත්ති වල ලියු දේවල් මුහුණු පොතේ ලිවීමට ඕන තරම් වෙලාව තිබෙයි. ‘වල’ ශුද්ධ භූමියක් වුයේ වන්දනා මාන කරනවුනට, සිප ගන්නා රංගනයක් ඉවසන්න ට විනයක් ශික්ෂණයක් නැති ගෝත්රිටක ප්රාජාවකට නොවේ. නාට්ය කරුවන් සහ රසිකයිනට ය. ඒ ශුද්ධ භූමියේ නාට්යයයේ මුල්පොත කියවූ අයෙකි කෞෂි ගේ අම්මා. ඒ බව ‘මේක ශුද්ධ භූමියක්’ යයි කෑ ගැසූ සිවුරු දාගත් ශුද්ධවන්තයාට කියා දෙන්නට ආචාර්ය මණ්ඩලයේ කිසිවෙකු නොසිටියේද යන්න අපට ඇති ගැටලුවයි.


මේ අද දිවිහිමයෙන් රැක ගන්නට හදන රජයේ විශ්ව විද්යාිල වල ප්ර මිතිය දැයි අසන්නට සිදු වීම භයානක සරදමකි.

 

උපුටාගැනීම

අශෝක හදගම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )